කටට සැරට කන්න ආස අයට ගැළපෙනම කෑමක් තමයි කොච්චි පීසා කියන්නෙ. කුළුබඩු එකතු කරලා ලංකාවෙ රහට හදන කොච්චි පීසා කියන්නෙ පීසා කන්න කැමති අය try කරලා බලන්නම ඕනේ දෙයක්. එහෙමනම්, ගෙදරදීම කොචිචි පීසා එකක් හදා ගන්න විදිහ බලමු.

• අවශ්‍ය දේවල්
සිහින්ව කැපූ කොච්චි
ලුණු ස්වල්පයක්
සුදුළූණු පේස්ට් 
ගම්මිරිස් කුඩු
ඉඟුරු පේස්ට් ස්වල්පයක්
සෝයා සෝස්
පොල්තෙල්
තක්කාලි සෝස්
ඔරිගානෝ / බැසිල් කොළ
Pizza Dough එක (මේක නිවසේදීම හදා ගන්න පුළුවන්. නැත්තම් වෙළඳසැලේ මිලට ගන්නත් තියෙනවා)
කටු ඉවත් කෙරූ කුකුළු මස්
Mozzarella චීස්
සිහින්ව කපාගත් ළූණු
• සාදන ආකාරය
Spicy Chicken Toppings හැදීම සඳහා කුකුළු මස් කුඩා කැට හැඩයට කපාගන්න. මෙයට කපාගත් කොච්චි, ලුණු, ගම්මිරිස්, සුදුළූණු පේස්ට් සහ සෝයා සෝස් බිංදුවක් එක් කර හොඳින් මිශ්‍ර කරගන්න. ඉන්පසු පෑන් එකකට තෙල් ස්වල්පයක් දමා චිකන් ටික දුඹුරු පැහැවන තුරු බැදගන්න. පසෙකින් තබන්න. මීලඟට කොච්චි පීසා සෝස් එක සඳහා සිහින්ව කපාගත් ළූණු, ඉඟුරු සහ සුදුළූණු පෑන් එකක බැදගන්න. මෙයට ඔබ කැමති ප්‍රමාණයකින් කොච්චි එකතු කරන්න. ඉන්පසුව තක්කාලි පේස්ට්, ලුණු, ගම්මිරිස් සහ ඔරිගානෝ එකතු කර ලිප තබා මිශ්‍රණය ඝන වන තුරු සකසා ගන්න.




