Foodකටට සැරට කොච්චි පීසා

කටට සැරට කොච්චි පීසා

-

spot_img

කටට සැරට කන්න ආස අයට ගැළපෙනම කෑමක් තමයි කොච්චි පීසා කියන්නෙ. කුළුබඩු එකතු කරලා ලංකාවෙ රහට හදන කොච්චි පීසා කියන්නෙ පීසා කන්න කැමති අය try කරලා බලන්නම ඕනේ දෙයක්. එහෙමනම්, ගෙදරදීම කොචිචි පීසා එකක් හදා ගන්න විදිහ බලමු. 

Kochchi pizza

• අවශ්‍ය දේවල් 

සිහින්ව කැපූ කොච්චි

ලුණු ස්වල්පයක්

සුදුළූණු පේස්ට්  Kochchi pizza

ගම්මිරිස් කුඩු

ඉඟුරු පේස්ට් ස්වල්පයක්

සෝයා සෝස්

පොල්තෙල්

තක්කාලි සෝස්

ඔරිගානෝ / බැසිල් කොළ

Pizza Dough එක (මේක නිවසේදීම හදා ගන්න පුළුවන්. නැත්තම් වෙළඳසැලේ මිලට ගන්නත් තියෙනවා)

කටු ඉවත් කෙරූ කුකුළු මස්

Mozzarella චීස්

සිහින්ව කපාගත් ළූණු

• සාදන ආකාරය

Spicy Chicken Toppings හැදීම සඳහා කුකුළු මස් කුඩා කැට හැඩයට කපාගන්න. මෙයට කපාගත් කොච්චි, ලුණු, ගම්මිරිස්, සුදුළූණු පේස්ට් සහ සෝයා සෝස් බිංදුවක් එක් කර හොඳින් මිශ්‍ර කරගන්න. ඉන්පසු පෑන් එකකට තෙල් ස්වල්පයක් දමා චිකන් ටික දුඹුරු පැහැවන තුරු බැදගන්න. පසෙකින් තබන්න. මීලඟට කොච්චි පීසා සෝස් එක සඳහා සිහින්ව කපාගත් ළූණු, ඉඟුරු සහ සුදුළූණු පෑන් එකක බැදගන්න. මෙයට ඔබ කැමති ප්‍රමාණයකින් කොච්චි එකතු කරන්න. ඉන්පසුව තක්කාලි පේස්ට්, ලුණු, ගම්මිරිස් සහ ඔරිගානෝ එකතු කර ලිප තබා මිශ්‍රණය ඝන වන තුරු සකසා ගන්න.

Kochchi pizza

අවන් එක 475°F හෝ 245°C පමණ උෂ්ණත්වයට heat කරගන්න. පිටි ඉසින ලද ලෑල්ලක හෝ baking sheet එකක pizza dough එක අතුරා සකසා ගන්න. දැන් එය මතට කොච්චි සෝස් තට්ටුවක් අතුරන්න. ඉන්පසුව Spicy Chicken Toppings (පැතිරෙන ලෙස) අතුරන්න. මීළඟට චීස් තීරු ( ටිකක් වැඩිපුර) ඉසින්න. ඉන්පසුව මිනිත්තු 12-15ක් පීසා එක බේක් කරගන්න. හොඳින් බේක් වූ විට පීසා එක රන්වන් පැහැයට හැරෙන අතර චීස් බුබුළු නගින හැටි දකින්න පුළුවන්. Then, enjoy your fiery and flavorful Kochchi pizza!

Latest news

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...

ජනපති අනුරගේ පාස්කු ඉරුදින පණිවිඩය

දුකට පත් ජනතාවගේ ගැලවීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසප්‍රාප්තියෙන් පසු මරණයේ අඳුර පරාජය කරමින් උත්ථානය...
- Advertisement -spot_img

රත් දෝතළු – 65

රත් දෝතළු - 65 මා නිසා අහස්ගේ කාර්යයන් පහසුව ඇති බව විනිෆ්‍රීඩා මහත්මිය මා සමඟ කීවාය. බොහෝ විට මම ඔහුගේ...

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව - It Was Just an Accident හැමදේකටම හේතුවක් තියෙනව. අපි අහම්බයක් කියලා හිතන දෙයක් වුණත්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you