Featuresලෝක ටෙනිස් පිටියේ විශිෂ්ඨයා

ලෝක ටෙනිස් පිටියේ විශිෂ්ඨයා

-

spot_img

ලෝක ටෙනිස් පිටියේ විශිෂ්ඨයා – Carlos Alcaraz 

Carlos Alcaraz

වර්තමානයේ ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩකයා ලෙසින් හැඳින්වෙන්නේ ස්පාඤ්ඤ ක්‍රීඩක Carlos Alcaraz. 2003 අවුරුද්දෙ මැයි 5 වැනිදා ස්පාඤ්ඤයේ Murcia හි උපත ලැබූ ඔහුට කුඩා කාලෙ ඉඳලම ටෙනිස් ක්‍රීඩාව ආගන්තුක දෙයක් වුණේ නැහැ. ඔහුගෙ තාත්තා වැඩ කළේ Tennis Academy එකක අධ්‍යක්ෂවරයෙක් විදිහට. අවුරුදු හතරෙ ඉඳලම කාලෝස් ටෙනිස් ක්‍රීඩා කරා. දිනපතා ක්‍රීඩා කෙරුව ඔහු පාසල් කාලෙ ඉඳලම කැපී පෙනෙන ක්‍රීඩකයෙක් වුණා. Real Sociedad ක්‍රීඩා සමාජයේ ක්‍රීඩා කෙරුව ඔහු වෙත කාගෙත් අවධානය යොමු වුණේ ලෝක ශූර Juan Carlos Ferrero ගෙ ටෙනිස් ක්‍රීඩා ඇකඩමියට සම්බන්ධ වීමත් එක්ක. ඔහුගෙ මගපෙන්වීම එක්ක කාලෝස් ශූරයෙක් වෙන්නෙ අදහගන්නත් බැරි තරම් ඉක්මනින්.  

Carlos Alcarazඅවුරුදු 15 දි වෘත්තිය ටෙනිස් ක්‍රීඩකයෙක් වුණ කාලෝස් ඒ වයසෙ ක්‍රීඩකයෙක් තුළ දක්නට නොලැබෙන විදිහෙ පරිණත ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කරා. ඔහුගෙ ක්‍රීඩා විලාශය රසිකයින් වශී කරා. වයස අවුරුදු 18 දී ATP හොඳම ක්‍රීඩකයන් 100 දෙනා අතරට ඔහු තේරුණේ ස්පාඤ්ඤයට අලුත් බලාපොරොත්තුවක් ඇති කරමින්. 2021 අවුරුද්දෙ කාලෝස් තමන්ගෙ පළමු ATP ශූරතාව දිනා ගත්තා. ඔහුට පුළුවන් වුණා පළපුරුදු ටෙනිස් ක්‍රීඩකයන්ව පරාජය කරලා දාන්න. ඔවුන් පවා කාලෝස්ගෙ හැකියාව, දක්ෂකම සහ ධෛර්යය අගය කළා. අවුරුදු 19 දි ලෝකයෙ අංක එකේ ටෙනිස් ක්‍රීඩකය බවට ඔහු පත්වුණේ ටෙනිස් ලෝකයේ අංක 1 බවට පත්වුණ ලාබාලතම ක්‍රීඩකයා විදිහට.

Carlos Alcaraz

ඔහුටම අනන්‍ය වූ ශෛලියකින් ක්‍රීඩා කරන කාලෝස් විශිෂ්ටයෙක් වෙන්නෙ ක්‍රීඩාව තුළදි පමණක් නොවේ. ක්‍රීඩාවේ නීති රීතිවලට ගොඩක් ගරු කරන, නිතිපතා පුහුණුවීම් කරන ඔහු, පිටියේදී පමණක් නොව ඉන් පිටතදී පවා ඉතාමත් නිහතමානී හැසිරීම් සහිත ක්‍රීඩකයෙක් බව සඳහන්. ඔහුගේ ඒ personality එක රසිකයන්ගේ නොමද ආකර්ෂණයට හේතුවක් වුණා. බොහෝ අය ඔහුව හඳුන්වන්නෙ මුල අමතක කෙරුවෙ නැති විශිෂ්ඨයෙක් විදිහට. 2020 දශකයේ මැද කාල සීමාව වෙන විට කාලෝස් ටෙනිස් ක්‍රීඩාවේ අලුත් පරිච්ඡේදයක් අරඹන්න සමත් වුණා.

Carlos Alcaraz

2025 අවුරුද්ද ඔහුට ජයග්‍රහණ වගේම අභියෝගත් ලබා දුන්නා. ඔහු බොහොම බලාපොරොත්තු දල්වාගෙන සිටි 2025 Davis Cup අවසාන තරඟයට ක්‍රීඩා කරන්න අවස්ථාව නොලැබුණේ කලවයේ ඇති වුණ මාංශ පේශි ආබාධයක් නිසා. තරඟයෙන් ඉවත්වෙන්න ගත්ත තීරණය මේ අවුරුද්දෙ තමන් ගත්ත දුෂ්කරම තීරණවලින් එකක් බව ඔහු පවසා සිටියා. තරඟාවලියට ඔහු නොමැති පාඩුව ගැන අමුතුවෙන් විස්තර කළ යුතු නැහැ.
බලාපොරොත්තු බිඳී ගියත් කාලෝස් සුව වුණාට පස්සෙ වඩාත් හොඳින් ක්‍රීඩා කරන්න මේ වන විට සැලසුම් කරමින් සිටින බව සඳහන්. Murcia වල ටෙනිස් ගැහුව පුංචි කොල්ලෙකුගෙ ඉඳන් ලෝකයේ විශිෂ්ඨතමයා බවට පත්වීම දක්වා ඔහු පැමිණි ගමන බාධක අභියෝග, ජය පරාජය මතින් පැමිණි ගමනක්. නව පරම්පරාවේ විශිෂ්ඨ සංකේතයක් ලෙසින් ටෙනිස් ක්‍රීඩාවේ වාර්තා යළි යළිත් අලුත් කරන්න Carlos Alcaraz සූදානමින් සිටිනවා.

Latest news

නැදුන්ගමුවේ ඇත් රජු යලි ඉපදේ

දළඳා වහන්සේ වැඩමකරවූ නැදුන්ගමුවේ  රාජාගේ ප්‍රතිනිර්මාණය එළඹෙන අද සිට මහජන ප්‍රදර්ශනයට විවෘත කරන බව ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව පවසනවා. ඒ, අනුව...

Pornhub වෙතින් ඔස්ට්‍රේලියානු පරිශීලකයන්ට තහංචි

Pornhub වෙතින් ඔස්ට්‍රේලියානු පරිශීලකයන්ට තහංචි වැඩිහිටියන් සඳහා වෙන්වූ වෙබ් අඩවි උදෙසා ඔස්ට්‍රේලියානු රජය හඳුන්වා දුන් නව නීති පද්ධතියට විරෝධය පළ...

අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට එල්ල වන බලපෑමක් ගැන අනාවරණයක්

නෞකා දෙකෙහි සිටි පිරිස යළි ඉරානයට නොයැවිය යුතු බවට කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලංකා බලධාරීන්ට බලපෑම්...

ඉරාන යුද්ධය නිමාවන කාලය ගැන ට්‍රම්ප් කතා කරයි

අමෙරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට ප්‍රහාර එල්ල කිරීමත් සමග ගල්ෆ් කලාපයේ ඇති වූ යුද ගැටුම් තවදුරටත් උත්සන්න වී තිබෙනවා.එම ගැටුම්...
- Advertisement -spot_img

කටට සැරට චිලි පේස්ට්

කටට සැරට චිලි පේස්ට් - Chilli Paste කටට සැරට කන්න කැමති අය ආසම දෙයක් තමයි චිලි පේස්ට්. රයිස්, නූඩ්ලස්, කොත්තු...

Pornhub වෙතින් ඔස්ට්‍රේලියානු පරිශීලකයන්ට තහංචි

Pornhub වෙතින් ඔස්ට්‍රේලියානු පරිශීලකයන්ට තහංචි වැඩිහිටියන් සඳහා වෙන්වූ වෙබ් අඩවි උදෙසා ඔස්ට්‍රේලියානු රජය හඳුන්වා දුන් නව නීති පද්ධතියට විරෝධය පළ...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you