More
    spot_imgspot_imgspot_imgspot_img
    SportsZimbabwe vs Sri Lanka T20i පළමු ජය ශ්‍රී ලංකාවට

    Zimbabwe vs Sri Lanka T20i පළමු ජය ශ්‍රී ලංකාවට

    -

    - Advertisment -spot_imgspot_imgspot_imgspot_img

    Zimbabwe Vs Sri Lanka T20i ප්‍රථම තරඟය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඊයේ (14) රාත්‍රී පැවැත්වුනා. ඇන්ජලෝ මැතිව්ස් සහ දසුන් ශානක පළමු වැනි විස්සයි-20 තරගයේදී කඩුලු 3 ක ජයක් කරා ශ්‍රී ලංකා කණ්ඩායම රැගෙන යාමට සමත් වුනා. දිගු කලකට පසුව ලකුණු අතරට පැමිණි හිටපු නායක දසුන් ශානක (පන්දු 18 කින් ලකුණු 26) මැතිව්ස්ට අගනා සහයෝගයක් දෙමින් තරගයේ අවසන් පන්දුව දක්වාම පිටියේ රැඳී සිටියා.

    හත්වැනි කඩුල්ල වෙනුවෙන් මැතිව්ස් සහ දසුන් ශානක දෙදෙනා අතර පැවැති සම්බන්ධතාව ලකුණු 55 ක්. පන්දු 38 තුල ලකුණු 46 ක් ලබාගත් ඇන්ජලෝ මැතිව්ස් සහ දසුන් 19 වැනි ඕවරය යැවූ රිචඞ් ගරාවාගේ පන්දු වාරයට ලකුණු 19ක් ලබාගත්තා. ජයග්‍රහණය සඳහා අවසන් ඕවරයේදී ලකුණු 14 ක් අවශ්‍යව තිබු අතර ඇන්ජලෝ මැතිව්ස් දැවියාමෙන් පසුව පිටියට පැමිණි දුෂ්මන්ත චමීර එම ඉලක්කය සපුරා ගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමට පළමු තරගයේ ජයග්‍රහණය ගෙන එමින්.

    ශ්‍රී ලංකා නායක වනිඳු හසරංග විසින් කාසියේ වාසිය දිනාගනු ලැබීමෙන් අනතුරුව සිම්බාබ්වේ පිලට පළමුවෙන් පන්දුවට පහර දීමට ආරාධනා කළා. සිම්බාබ්වේ කණ්ඩායම නියමිත ඕවර 20 අවසානයේදී කඩුලු 5 ක් දැවී ලකුණු 143 ක් ලබාගත්තා. මෙහිදී සිම්බාබ්වේ නායක සිකන්දර් රාසා පන්දු 42 කින් ලකුණු 62 ක් ලබාගනිමින් අර්ධ ශතකයක් වාර්තා කළා. පන්දු යැවීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් මහිෂ් තීක්ෂණ (16/2) සහ වනිදු හසරංග (19/2) කඩුලු දෙක බැගින් ලබාගත්තා.

    සම්පුර්ණ ලකුණු පුවරුව පහතින්.

    Zimbabwe vs Sri Lanka T20i Zimbabwe Inning

    Zimbabwe vs Sri Lanka T20i Sri Lanka inning

    Zimbabwe vs Sri Lanka T20i first win for Sri Lanka - Anjelo and Dasun
    Photo Credit SLC

     

    Zimbabwe vs Sri Lanka T20i first win for Sri Lanka Wanidu and Maheesh
    Photo Credit SLC
    Zimbabwe vs Sri Lanka T20i first win for Sri Lanka - Team Celebration
    Photo Credit SLC

     

    Zimbabwe vs Sri Lanka T20i first win for Sri Lanka - Sikandar Raza
    Photo Credit SLC

    Latest news

    Court Order – වසර 19 ක නඩුවකින් පසු වසර 7 කට හිරේ ගිය ඕඅයිසී දේශබන්ධු

    Court Order - හෝටල් හිමියකු ඇතුළු එහි සේවකයන් පස් දෙනකු පැහැරගෙන ගොස් වධ බන්ධනයන්ට ලක් කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වු...

    NPP ජනපතිගේ කතාවකට මාලිමාව නඩු මඟට

    NPP - ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවෙන් පිටතදී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නඩු පවරන්නට සිදුවෙන බව ජාතික ජන බලවේගයේ...

    Accident පොසොන් දෙදින අනතුරු – 5 ක් මරුට : 14 ක් රෝහලට

    Accident - පසුගිය පොසොන් පොහොය දිනයේ සහ ඊට පසුදින දිවයිනේ ස්ථාන කිපයක සිදු වූ රිය අනතුරුවලින් පස් දෙනකු මියගොස්...

    Joseph Stalin අධ්‍යාපන වැය ශීර්ෂයෙන් ලක්ෂ 135 ක් කඩවත වෙසක්,පොසොන් කලාප වලට

    Joseph Stalin - වෙසක් පොහොය නිමිත්තෙන් කඩවත පැවති වෙසක් කලාපයට රුපියල් ලක්ෂ හැටක මුදලකුත්, පොසොන් පොහොය නිමිත්තෙන් පැවැති පොසොන්...
    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    Hima Mal Renu හිම මල් රේණු – 05

    Hima Mal Renu හිම මල් රේණු අවීශ් ! ඔහු මා සිතේ ඇති කර තිබුණේ බලවත් කුතුහළයකි. ඉදිරිපස අසුන් පෙළේ සිටි යුවතියන්...

    Court Order – වසර 19 ක නඩුවකින් පසු වසර 7 කට හිරේ ගිය ඕඅයිසී දේශබන්ධු

    Court Order - හෝටල් හිමියකු ඇතුළු එහි සේවකයන් පස් දෙනකු පැහැරගෙන ගොස් වධ බන්ධනයන්ට ලක් කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වු...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page