More
    BusinessWijaya News Papers සමාගම නංවන්න නියමුවන් තිදෙනෙක්

    Wijaya News Papers සමාගම නංවන්න නියමුවන් තිදෙනෙක්

    -

    spot_img

    Wijaya News Papers – ශ්‍රී ලාංකේය පුවත්පත් මුද්‍රණ ක්ෂේත්‍රයේ දැවැන්ත පෞර්ෂයක් සහ අලෙවියක් හිමි ලංකාදීප,සිරිකත,අද,විජය,තරුණයා, සන්ඩේ ටයිම්ස්,ඩේලි මිරර් ඇතුළු පුවත්පත් හා සඟරා හතළිහකට ආසන්න ප්‍රමාණයක ප්‍රකාශන අයිතිය හිමි විජය නිව්ස් පේපර්ස් සමාගම, නව කළමණාකාර අධ්‍යක්ෂක සුජාන් විජයවර්ධන යටතේ වෙනස්කම් රැසකට බඳුන් කරමින් පවතී. එහි එක් පියවරක් ලෙස කතෘ මණ්ඩලයේ,අලෙවි හා ප්‍රවර්ධන අංශයේ සහ බෙදාහැරීම් අංශයේ උසස්වීම් තුනක් සමාගම තුළ දිගු කාළීන පළපුරුද්ද සහිත ක්‍රියාකාරීන් තිදෙනෙකුට හිමිව තිබේ. කංචන දසනායක,ශාන් බන්දු වීරසිංහ,රංජිත් රූපසිංහ යනු ඔවුන් තිදෙනායි.

    තරුණයා,අද,Go වැනි එකිනෙකට වෙනස් තේමාවන් සහිත පුවත්පත් සහ සඟරා කිහිපයකම කතෘත්වය හෙබවූ කංචන දසනායක විජය නිව්ස් පේපර්ස් ආයතනය තුළ දිගුකාලීන මෙහෙවරක් සහිත නිර්මාණශීලි හැකියාවකින් යුතු ප්‍රවීන මාධ්‍යවේදියෙකි. ඔහු ඉරිදා ලංකාදීප පුවත්පතේ ප්‍රධාන කතෘවරයා ලෙස උසස්වීම් ලැබ තිබේ.

    ශාන් බන්දු වීරසිංහ විජය නිව්ස් පේපර්ස් සමාගම තුළ වසර තිහකට ආසන්න කාලයක් සේවය කරන පළපුරුදු මාධ්‍යවේදියෙකි. එමෙන්ම ප්‍රවීන ජායාරුප ශිල්පියෙකු වන ඔහු කලක් තරුණයා සහ සිරිකත පුවත්පත් වල මුල් කවරය ඔහුගේ ජායාරුප වලින් සැරසිය. එමෙන්ම ජනප්‍රිය රංගන ශිල්පියෙකු ද වන ඔහු මාධ්‍ය වෘත්තියට අමතරව සිරිකත සහ විජය පුවත්පත් ප්‍රවර්ධනය සඳහා අලෙවි හා ප්‍රවර්ධන අංශය තුළ විධායක ශ්‍රේණියේ තනතුරකට උසස්වීම් ලැබ තිබේ.

    Shan bandu

    ඕනෑම පුවත්පතක පැවැත්ම රඳා පවතිනුයේ එහි අලෙවිය මතයි. අලෙවියේ කොඳු නාරටිය වන්නේ බෙදාහැරීම් අංශයයි. බෙදාහැරීම් අංශය තුළ එම වගකීම මැනවින් ඉටු කළ,විජය නිව්ස් පේපර්ස් සමාගමේ කීර්තිමත් ඉතිහාසයේ සමීප පුරුකක් වන රංජිත් රූපසිංහ, බෙදාහැරීම් අංශ ප්‍රධානී ලෙස උසස්වීම් ලැබ තිබේ.

    Ranjith Rupe

     

    ආයතනයක උන්නතිය තීරණය වන්නේ එහි ප්‍රගතිය වෙනුවෙන් සැබෑ ලෙසම වෙහෙසෙන සේවකයන් නිසාය. හණමිටි අදහස් දරන්නන් සහ මහළු චින්තනයන් වෙතින් ආයතනයක දියුණුව අපේක්ෂා කළ නොහැක. අදහස් අතින් යාවත්කාලීන, ක්‍රියාශිලිත්වයෙන් තුරුණු සේවකයන් ආයතනයක් තුළ බලය සහිත තනතුරු වලට පත්වීම යනු, එම ආයතනයේ නැංවීම පිළිබඳ අපේක්ෂා දල්විමයි. එම අපේක්ෂා මුදුන්පත් වේවායි තුලන Mag වෙතින් ඔවුන් තිදෙනාට සහ විජය නිව්ස් පේපර්ස් සමාගමට සුබ පැතුම්!

     

    Latest news

    නුවරඑළියේ සිදු කළ පරීක්ෂාවකදී ධාවනයට නුසුදුසු වාහන 73 ක් ධාවනයෙන් ඉවත් කරේ

    නුවරඑළියේ සිදු කළ හදිසි වායු විමෝචන පරීක්ෂාවකදී, වාහන 73 ක් දින 14 ක කාලයක් සඳහා තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරීමට...

    අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනපති වෙත සිය අක්තපත්‍ර භාර දෙයි

    මෙරටට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සිය අක්තපත්‍ර භාරදී තිබෙනවා. 01 - කොළඹ...

    වැල්ලවායේ කුඩු බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට

    වැල්ලවාය ප්‍රදේශයට හොරොයින් මත්ද්‍රව්‍ය බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒ, පොලීසිය විසින් වැල්ලවාය නගරයේ සිදුකළ වැටලීමකදීයි. සැකකරු සන්තකයේ තිබී අළෙවි...

    ජනපති අනුර රටවල් කිහිපයක නායකයින් නවදිල්ලියේදී හමුවෙයි

    නවදිල්ලි නුවර පැවැත්වෙන ්ෂ ඉම්පැක්ට් 2026 සමුළුවට සහභාගිවී සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රටවල් කිහිපයක නායකයින් සමග ද්විපාර්ශ්වික...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 38

    රත් දෝතළු - 38 අහස් යනු අමුතුම අයෙකු යැයි කියා මට සිතිණි. වරෙක රළු ලෙසින් කතාබහ කළද සැනෙකින් මෘදු වන්නේ...

    Covid වසංගත සමයේ අපුරු මිතුදමක කතාවක්

    Covid වසංගත සමයේ අපුරු මිතුදමක කතාවක් - Homebound සමහර මිතුරුකම් ලේ නෑකම්වලට වඩා ප්‍රභලයි. අම්මා තාත්තටත් වඩා හදවතට සමීපයි. යහළුවෙක්ට...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page