More
    ArtWeapons ප්‍රචණ්ඩත්වයට ගොදුරු වුණු ළමා හදවතක්

    Weapons ප්‍රචණ්ඩත්වයට ගොදුරු වුණු ළමා හදවතක්

    -

    spot_img

    Weapons – බලය උදෙසා සිදුකරන ප්‍රචණ්ඩ ක්‍රියා මුළු මහත් සමාජයම අවුලෙන් අවුලට ඇද දමා භීෂණය වපුරවනවා. මෙයට ගොදුරු වන්නේ අහිංසක, නිරායුධ ජනතාව වීම සංවේගයට කරුණක්. ප්‍රචණ්ඩත්වයේ බලපෑමට වර්තමානය පමණක් නොව අනාගතයද නතු වෙනවා.

    Weapons

    Weaponsපෙන්සිල්වේනියාවේ කුඩා නගරයක ප්‍රාථමික පාසලක්. මේ පාසලේ තුන්වැනි වසරේ දරුවන් දහ හත් දෙනෙක් එක්තරා රාත්‍රියක අතුරුදන් වෙනවා. රාත්‍රී 2 :17 ට මේ හැම දරුවෙක්ම නිවසෙන් එළියට ගිහින් ඇති බව සොයාගැනෙනවා. දරුවන්ගෙ අතුරුදන්වීම පිළිබඳව චෝදනාව එන්නෙ පන්තිභාර ගුරුවරිය ජස්ටින් ට. මිනිස්සුන්ගෙ ස්වභාවය තමයි වරදකදි සෙවිල්ලක් බැලිල්ලක් නැතිව කාට හරි වරද පටවන එක. චෝදනා කරන එක. ඉතින් හැමෝම තරුණ ගුරුවරියට චෝදනා කළා. ඇය නපුරු මායාකාරියක් බව පැවසුවා. මේ සිද්ධියත් එක්ක ජස්ටින් සෑහෙන්න මානසිකව කඩාගෙන වැටුණා. Weapons

     

    Weapons කතාව ඉදිරියට ඇදෙන්නෙ මේ අතුරුදන් වීමේ සිද්ධියත් එක්ක. ඒ හා බැඳුණු චරිත පවසන කතන්දර එක්ක. කුඩා නගරයේ හැමෝටම තිබුණ ප්‍රශ්නෙ දරුවොන්ට මොකද වුණේ කියන දේ. පොලිස් පරීක්ෂණ සිදුවෙමින් පැවතුණා. බලාගෙන ඉන්න බැරි තැන එක තාත්තා කෙනෙක් දරුවන්ට මොකද වුණේ කියලා හොයන්න තීරණය කළා. ගුරුතුමිය ජස්ටින්ට ඇගේ පන්තියේ සිසුවෙක් වෙන ඇලෙක්ස් පිළිබඳව සැකයක් ඇතිවෙලා තිබුණා. මෑතක ඉඳලා ඇලෙක්ස් ගෙ හැසිරීම අමුතුයි. පුංචි කොල්ලා මේ ගැන මොනවහරි දන්නවද? වාෂ්ප වුණා වගේ නොපෙනී ගිය ළමයි දහහත් දෙනාට ඇත්තටම මොකද වුණේ?

    Weapons

    සංස්කෘතීන්, ආගම්, ජාතීන් යනාදී නොයෙකුත් කාරණා මූලික කරගෙන සිදුවන ආත්මාර්ථකාමී බව පැතිරවීම උදෙසා අවියක් ලෙසින් කුඩා ළමුන් යොදාගැනීම බොහොම බරපතළ ඛේදවාචකයක්. බලයේ ගොදුරු බවට කුඩා දරුවන් පත්වීම මොනතරම් නම් සංවේගජනක කාරණාවක්ද? ප්‍රචණ්ඩත්වය සියැසින් දුටු, එයට ගොදුරු වුණ ළමා හදවතක් ඉන් බේරී ආ දිනෙක ඒ බිඳීගිය හදවත, ආත්මය යළි (පෙර සේ) පිළිසකර කළ හැකි ද?

     

    Latest news

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...

    ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රයක්

    විදේශගතව සිට පැමිණෙන මෙරට පුරවැසියන්ට සහ ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රය ලබා දීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව...

    මොරගහකන්ද ජලාශය වාන් දැමීමට ඇති හැකියාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමක්

    අධික වර්ෂා තත්ත්වය නිසා ඉදිරියේදී මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට සිදුවීමේ සම්භාවිතාවක් පවතින බව මහවැලි අධිකාරිය පවසනවා. අද (18)...
    - Advertisement -spot_img

    මැටීගේ කපුටු ප්‍රේමය

    මැටීගේ කපුටු ප්‍රේමය සොබාදහම විටෙක ආවේගශීලී බව මම දැන සිටියෙමි. එබැවින් මම ජීවත්වුණේ ඉතා පරිස්සමිනි. පළමු වරට කූඩුවෙන් පිටවීමට...

    Blackheads ගැටළුවට විසඳුමක්

    Blackheads කියන්නෙ ගොඩක් අයට තියෙන රූපලාවන්‍ය ගැටළුවක්. මේකට වයස බලපෑමක් නැහැ. තරුණ වයසෙ ඉඳලා මැදිවිය දක්වාම ගොඩක් අය මුහුණ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page