More
    spot_img
    SportsWanindu Hasaranga මගේ අරමුණ 2024 ලෝක කුසලානය.

    Wanindu Hasaranga මගේ අරමුණ 2024 ලෝක කුසලානය.

    -

    spot_img

    Wanindu Hasaranga ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර අද (14) ආරම්භ වන විස්සයි-20 තරගාවලියේ පෙර පුහුණු ඊයේ (13) ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයෙදී පැවැත්වුනා. ඩෙංගු රෝගය වැළඳීමෙන් පසු ප්‍රතිකාර ලබාගත් පැතුම් නිස්සංක පුහුණුවීම් සඳහා සහබාගී වී සිටියා. සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වෙන විස්සයි විස්ස තරඟ සංචිතය සඳහා හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් මෙන්ම ටෙස්ට් නායක ධනංජය ද සිල්වාත් ඇතුළත්ව සිටිනවා. තරඟ තුනකින් සමන්විත තරඟාවලිය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

    පුහුණු සැසියෙන් ශ්‍රී ලංකා නව විස්සයි විස්ස නායක වනිදු හසරංග මෙම තරඟාවලිය මෙන්ම එළඹෙන 2024 විස්සයි විස්ස ලෝක කුසලානය පිළිබඳවද අදහස් දැක්වුවා.

    “අපිට අපේ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කළ හැකි පහසුම ක්‍රමය පන්දු රැකීමයි. එක නිසා අපි වැඩි වශයෙන් අවධානය ඒ සඳහා යොමු කල යුතුයි. ලෝක කුසලානය තරගාවලියට පෙර අපට තරගමාලා තුනක් තිබෙනවා. ඒත් අපි තවත් තරගමාලාවක් ක්‍රීඩා කිරීමට අදහස් කරනවා. ලෝක කුසලාන තරගාවලියට පෙර එම තරගමාලා හතර තුළදී අපි ගොඩක් සාර්ථක විය යුතුයි”

    “අපිට හොඳ ක්‍රීඩකයින් පිරිසක් ඉන්නවා. ඒ වගේම මෙම කණ්ඩායම තාරුණ්‍යයේ වගේම අත්දැකීම්වල හොඳ මිශ්‍රණයක්… අපි මීට වසර දෙකකට පෙර විස්සයි-20 ආකෘතියෙන් ආසියානු කුසලානයක් දිනුවා. අපි ධනාත්මකව සිටීමට උත්සාහ කරනවා. අපි හොඳින් සෙල්ලම් කළොත් අපට ලෝක කුසලානය දිනා ගන්න පුළුවන්” යයි කීවේය.

    ලෝක කුසලාන තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් විස්සයි-20 තරග 9 ක් පමණ ඇති බවත් ඒවායින් නිසි ප්‍රයෝජන ගත යුතු බවත් වනිඳු හසරංග පවසනවා.

    “මම නායකයෙක් විදියට ක්‍රීඩකයන් වෙතට වැඩි පීඩනයක් දාන්න යන්නේ නැහැ. මම වුණත් පන්දු යවන්නෙක් විදියට වගේම පිත්තෙනුත් කණ්ඩායමට දායක වෙන්න ඕනා. ලෝක කුසලාන තරගාවලියට තවත් මාස පහක් තියෙනවා. ඒක තමයි අපගේ ප්‍රධාන ඉලක්කය”

    විස්සයි-20 ලෝක කුසලාන තරග පැවැත්වෙන ඇමරිකා එක්සත් ජනපදයේ තණතීරු ගැන අදහස් දැක්වූ වනිදු හසරංග.

    “මම එක්සත් ජනපදයේ ක්‍රීඩා කරලා නැහැ. නමුත් මම බටහිර ඉන්දීය කොදෙව්වල ක්‍රීඩා කරලා තියෙනවා. මා හිතනවා මේ තැන් දෙකේදීම තණතීරු බොහෝ දුරට සමාන වෙයි කියලා. ඒ නිසා අපි අපේ රටේදී ගොඩක් තරග වලට සහභාගි වෙන්න ඕනේ. හොඳට ලෑස්ති වෙන්න ඕනේ”

    Photo Credit SLC

     

    Photo Credit SLC
    Photo Credit SLC
    Photo Credit SLC
    Chaminda Dissanayaka
    Chaminda Dissanayakahttps://thulanamag.lk
    Chaminda Dissanayaka is an experienced Journalist who has worked with foreign media in Sri Lanka, covering diverse topics with accuracy, depth, and a strong commitment to storytelling.

    Latest news

    Bali island බෝට්ටුවක් පෙරලී සිව් දෙනෙකු මියයයි

    Bali island - ඉන්දුනීසියාවේ සුප්‍රකට සංචාරක කලාපයක් වන බාලි වෙත යමින් සිටි සංචාරකයන් රැගත් බෝට්ටුවක් ඊයේ රාත්‍රියේ (ජූලි 2)...

    CID අධ්‍යක්ෂ ධුරය ශානි අබේසේකරට

    CID - ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධුරයේ රාජකාරී අරම්භ කර තිබෙනවා. වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය...

    Paetongtarn Shinawatra තායි අගමැතිවරියගේ සේවය අත්හිටුවයි

    Paetongtarn Shinawatra - දුරකථන ඇමතුමක් මාධ්‍යයට නිකුත්වීම නිසා ඇති වූ තත්ත්වයක් හේතුවෙන් තායි අගමැතිවරිය වූ Paetongtarn Shinawatra ගේ වැඩ තහනම්...

    Kahawatte වෙඩි තැබීමකින් තරුණයෙක් මරුට

    Kahawatte - කහවත්ත, යාඉන්න ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් එක් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එහිදී තවත් තරුණයෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා...
    - Advertisement -spot_img

    Rizana A Caged Bird සෞදියේදී හිස ගසා දැමු රිසානාගේ කතාව සිනමාවට නැඟෙයි

    Rizana A Caged Bird - ජාත්‍යන්තර කීර්තියට පත් ශ්‍රී ලාංකීය චිත්‍රපට අධ්‍යක්ෂක චන්ද්‍රන් රත්නම් ගේ නවතම චිත්‍රපටය Rizana -...

    Tharu Mal Viyan තරු මල් වියන් – 08

    Tharu Mal Viyan තරු මල් වියන් පසු දින නිවාඩු දිනක් වූ බැවින් මාලකද නිවසේ විය. අංජලීට ඔහු හා කතා බහ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page