NewsVisa Free 2024 අවුරුද්දේ වීසා නැතුව යන්න පුළුවන් රටක්

Visa Free 2024 අවුරුද්දේ වීසා නැතුව යන්න පුළුවන් රටක්

-

spot_img

Visa Free – වීසා බලපත්‍රයක් සඳහා අයදුම් කිරීම වෙනුවට සියලුම සංචාරකයින්ට විද්‍යුත් සංචාරක අවසර පතක් ලබාදිය හැකි ඩිජිටල් වේදිකාවක් තම රජය විසින් සකස් කර දී ඇති බව කෙන්යානු ජනාධිපති William Ruto පවසයි. “ලෝකයේ ඕනෑම කොනක සිට කෙන්යාවට පැමිණීම සඳහා වීසා බලපත්‍රයක් සඳහා අයදුම් කිරීමේ බර තවදුරටත් උසුලාගෙන යෑමට අවශ්‍ය නොවනු ඇත.” කෙන්යාවේ,  අගනුවර පැවති බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් නිදහස් වීමේ 60 වසර සැමරීමේ උත්සවයක් අමතමින් ඔහු එසේ පවසා තිබිණි.

Visa Free

සංචාරක කර්මාන්තය කෙන්යාවේ ආර්ථිකයේ වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. එහි ඉන්දියානු සාගර වෙරළ තීරයේ වෙරළ නිවාඩු දින සහ රට අභ්‍යන්තරයේ වනජීවී සෆාරි ලබා දෙයි. කෙන්යානු ජනාධිපතිවරයා, අප්‍රිකානු මහාද්වීපය තුළ වීසා රහිත සංචාරක ක්‍රමවේදයක් සකස් කිරීම සඳහා දිගු කලක් තිස්සේ පෙනී සිටි අයෙකි. ඔක්තෝම්බර් මාසයේදී කොංගෝ ජනරජයේ පැවති සම්මන්ත්‍රණයකදී ඔහු කියා සිටියේ, අප්‍රිකානු රටවල පුද්ගලයින්ට 2023 වසර අවසාන වන විට කෙන්යාවට යෑමට වීසා බලපත්‍රයක් අවශ්‍ය නොවන බවයි. පැවසු ලෙසින්ම, පසුගිය දෙසැම්බර් 12 වනදා වන විට සිය පොරොන්දුව ඉටුකරමින් ජනපති රූටෝ පැවසුයේ, “කෙන්යාව මනුෂ්‍යත්වය වෙනුවෙන් ලබාදෙන සරල පණිවිඩයක් ඇත, ඒ අපි ඔබව අපේ නිවහනට සාදරයෙන් පිළිගන්නවා! ” යනුවෙනි.

-Reuters ඇසුරෙනි-

Image Source: Grashom Online / Planet Rulers

Latest news

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...

ජනපති අනුරගේ පාස්කු ඉරුදින පණිවිඩය

දුකට පත් ජනතාවගේ ගැලවීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසප්‍රාප්තියෙන් පසු මරණයේ අඳුර පරාජය කරමින් උත්ථානය...
- Advertisement -spot_img

ස්වර්ග සිහින

ස්වර්ග සිහින - Licorice Dreams බෙනඩික්ට් මියගියේ ස්වර්ගයට යෑමේ අපේක්ෂාවෙනි. ඔහු සාන්තුවරයෙකු නොවීය. ඔහු ඉඳහිට තම සහෝදරයා සමග මත්පැන් පානය...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you