More
    spot_img
    ArtThe Martian ඔබ බිලියන අටක් වූ පෘථිවි වාසීන් අතර...

    The Martian ඔබ බිලියන අටක් වූ පෘථිවි වාසීන් අතර තනි වී තිබේද?

    -

    spot_img

    The Martian “මට ගොඩක් පාළුයි”, “මම තනිවෙලා”, “මම ගැන සොයන්න කවුරුත්ම නැහැ” බිලියන අටක් පමණ වූ පෘථිවි වාසීන් අතර සිටින ඔබට ඇතැම්විට එහෙම දැනෙනවා ඇති. ඔබේ ඒ සිතිවිලි තුළ කොතැනක හෝ වරදක් ඇතිවග මේ කතාව නැරඹුවාට පසුව වැටහී යාවි.

    “Who am I to talk about loneliness?” තනිකම ගැන කතාකරන්න මං කවුද? එහෙම කියන්නෙ අඟහරු මත තනිවූ උද්භිද විද්‍යාඥයෙක්. මහ ඉහළින් අපි අපි ගැන සිතා සිටියද විශ්වය තුළ අපි මොනතරම් නම් කුඩා ජීවින් ද?

    The Martian

    ඒ 2035 වර්ෂය. අඟහරු ග්‍රහයා වෙත දියත් කළ මෙහෙයුමක් අතරතුරදී එම ගවේෂක කණ්ඩායම දුහුවිලි කුණාටුවකට අසුවෙනවා. ඔවුන් මෙහෙයුම අත්හැර දමන අතර සිය කණ්ඩායමේ සාමාජිකයෙකු වූ ගගනගාමී Mark Watney අතුරුදන් වී ඇති බව ඔවුන්ට වැටහී යනවා. Mark Watney ජීවතුන් අතර නොමැති බවට සියල්ලෝම අනුමාන කරනවා.

    පියවි සිහියට එළඹි පසු තමා අඟහරු ග්‍රහයා මත තනිවී ඇති වග Mark Watney ට වැටහී යනවා. පෘථිවිය සමග සන්නිවේදනය කිරීමට හැකියාවක් ඔහුට නොමැති අතර තමාට පෘථිවියට යෑමට අවස්ථාව ලැබෙන්නේ තවත් වසර හතරකින් සිදුකිරීමට නියමිත අඟහරු මෙහෙයුමෙන් බැව් ඔහුට තේරුම් යනවා. බලා සිටීම හැර වෙනත් විකල්පයක් නොමැති වග පෙනී යන අතර දැන් ඔහුට ඇති ලොකුම ගැටළුව වෙන්නේ ආහාර සහ ජලයයි. උද්භිද විද්‍යාඥ Mark Watney ගේ ඉරණම කුමක් ද? ඔහුට යළි පෘථිවිය බලා පැමිණීමට අවස්ථාව ලැබෙයි ද?

    The Martian

    I am still alive…Surprise!
    පුදුමයකි! මම තවමත් ජීවත්වෙමි.

    ජීවිතය ලැබීමම මොන තරම් නම් ආශ්චර්යයක්ද? වෙනත් ග්‍රහලොවක් මත තනිවූ ඒ මිනිසා ජීවත්වීම උදෙසා,ගතින් සිතින් දුර්වල නොවීම උදෙසා වසර කිහිපයක් පුරාවට කරන සටන නැරඹිය යුතුමයි. The Martian (2015) විද්‍යා ප්‍රබන්ධයකටම පමණක් සීමා නොවූ වටිනාම ජීවිත පාඩමක් රැගත් කතාවක්. ඇකඩමි සම්මාන සඳහා නිර්දේශ වූ මෙම චිත්‍රපටය අමෙරිකානු ලේඛක Andy Weir විසින් රචිත The Martian විද්‍යා ප්‍රබන්ධ කෘතිය ඇසුරින් නිමවූවක්. Ridley Scott ගේ අධ්‍යක්ෂණයක්. Matt Damon, Jessica Chastain ඇතුළු රංගන ශිල්පීන් රැසක් රංගනයෙන් දායක වෙනවා.

    The Martian

     

    Latest news

    Special transportation services අවුරුද්දට ගම්බිම් බලා යන ජනතාවට විශේෂ ප්‍රවාහන සේවා ලබන 08 වැනිදා සිට

    Special transportation services  එළැඹෙන සිංහල දෙමළ අලුත් අවුරුද්ද සැමරීමට ගම්බිම් බලා යන ජනතාවට විශේෂ ප්‍රවාහන සේවා ලබන 08 වැනිදා...

    Highland products හයිලන්ඩ් නිෂ්පාදන කිහිපයක මිල අඩු කෙරේ

    Highland products  - හයිලන්ඩ් යෝගට් සහ දියර කිරි මිල පහත දැමීමට එම සමාගම තීරණය කර තිබෙනවා. ඒ අනුව යෝගට් එකක...

    Parliament පාර්ලිමේන්තුවේ ඉන්න “චොප්පේ” කවුද?

    Parliament - පසුගියදා (මාර්තු 31) පැවති ප්‍රාදේශීය සභා මැතිවරණ ප්‍රචාරක වැඩසටහනක් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සදහන් කර...

    S M Ranjith – උතුරු මැද පළාත් සභාවේ හිටපු මහ ඇමතිට වසර 16 ක සිර දඬුවම් Video

    S M Ranjith - අල්ලස් කොමිසම විසින් ගෙන ආ දූෂණ චෝදනා සම්බන්ධයෙන් උතුරු මැද පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය...
    - Advertisement -spot_img

    S M Ranjith – උතුරු මැද පළාත් සභාවේ හිටපු මහ ඇමතිට වසර 16 ක සිර දඬුවම් Video

    S M Ranjith - අල්ලස් කොමිසම විසින් ගෙන ආ දූෂණ චෝදනා සම්බන්ධයෙන් උතුරු මැද පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය...

    Pini Muthu Palasa පිනි මුතු පලස – 53

    Pini Muthu Palasa පිනි මුතු පලස හුන් තැනම හිඳ මම ඔහේ බලා සිටියෙමි. සිතන්නට බොහෝ දේ වුවද කිසිත් මට සිහි...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    <p>You cannot copy content of this page</p>