ArtThe Marriage විවාහය කියන්නෙ හිරගෙදරක ජීවත්වෙනව වගේ වැඩක්

The Marriage විවාහය කියන්නෙ හිරගෙදරක ජීවත්වෙනව වගේ වැඩක්

-

spot_img

The Marriage – ගැහැණු ළමයෙක් විවාහ වෙලා දෙමව්පියන්ගෙ ගෙදරින් පිටවෙන මොහොතෙදි එයාගෙ අම්මා තාත්තා පවුලෙ අය අඬා වැලපෙනවා. ඒ දේ මංගල උත්සවයක සාමාන්‍ය දෙයක්. හරියට චාරිත්‍රයක් වගේ. දුව පිරිමියෙකුට විවාහ කර දෙන්න නොඉවසිල්ලෙන් සිටි,ඒ වෙනුවෙන් උත්සවයක් ගත්තු එයාලා ඇයි පිටත්වෙන වෙලාවට අඬන්නෙ? ඒක විහිළුවක් වගේ

ජයා ගෙ විවාහ උත්සවය දවසෙත් ඇය දෙමව්පියන්ගෙන් සමුගන්න මොහොතෙදි අම්මා තාත්තා ගොඩක් අඬන්න ගත්තා. ඒ එක්කම මගුල් ගෙදරට ආව තව අය දෙතුන් දෙනෙකුත් අඬන්න ගත්තා. ටිකෙන් ටික අඬන අය වැඩිවුණා. ගැහැණු ඔළුවේ අත තියාගෙන,පිරිමි කඳුළු පිහදමමින් අඬන්න ගත්තා.photo ගන්න ආව කෙනත් අඬනවා,අන්තිමට මුළු මගුල් ගෙදරම බිරිඳක් වෙන්න යන ඇය වෙනුවෙන් වැලපුණා.

jaya-jaya

Jaya jaya jaya jaya hey (2022) ෆිල්ම් එකේ දකින්න ලැබුන හිතට වදිනම විහිළු සහගත සිදුවීමයි මේ. මේක Comedy මූවි එකක්. ආසියානු ෆැමිලි ලයිෆ් කියන Tragedy එක ගැන කොමඩියක්.

මධ්‍යම පාන්තික පවුලක තරුණියක් වුණු ජයාගෙ ආශාව වුණේ වැඩිදුර අධ්‍යාපනය ලැබීම. නමුත් සාමාන්‍ය ක්‍රමයට අනුව ඇගේ පවුලෙත් මූලිකත්වය හිමිවුණේ පිරිමින්ට. ඔවුන් කියන දෙයක් අහලා ජීවත්වෙන්නයි ඇයට සිදුවුණේ. ඉක්මනින්ම ඔවුන් ඇයට විවාහ යෝජනාවක් ගේනවා. ඔහු රාජේෂ්. ගොවිපොළක් හිමි කෙනෙක්. එයටම සීමා වූ අයෙක්. ඔහුගේ නිවසට පය තැබූ මුල්ම මොහොතෙදී ඇය දකින්නේ නිවසේ සමහර බඩු භාණ්ඩ කැඩී ඇති ආකාරය. හරියට කවුරුන්හරි ඒව පොළොවේ ගසා දමල වගේ. මව සහ සහෝදරිය පමණක් ඉන්න මේ නිවසේ ප්‍රධානියා රාජේෂ්. ඔහු ඔවුන්ව යටත් කරගෙන ඉන්නා වග ජයාට ඉක්මනින්ම වැටහෙනවා. ටිකෙන් ටික ඔහු ඇයටත් බැණ වදින්න ගන්නවා. දවසක් ඔහු ඇයට කම්මුල් පහරක් ගැසුවා. ඊට පස්සෙ ඇගෙන් සමාව ගන්න ඔහු ඇයව ෆිල්ම් එකක් බලන්න එක්කන් ගියා,කෑම කන්නත් එක්කගෙන ගියා. මේ සිදුවීම දිගෙන් දිගටම වෙන්න ගත්තා.කම්මුල් පහරක් ,ෆිල්ම් එකක් බලන්න සහ කෑම කන්න එක්කගෙන යාමක්. ජයා ඔහු එක්ක තරහෙනුයි ඉන්නෙ.

jaya-jaya

එක දවසක් ඔහු ගෙදර ආව ගමන්ම ඇයට පහර දෙන්නට සූදානම් වුණා. වෙනද වගේ බියෙන් ගැහුනෙ නැතිව ඇයත් ඉදිරියට ආවා. ඇය ඔහුගේ පහර වළක්වා ගත්තා. එතැනින් නොනැවතුණු ජයා රාජේෂ් ට පහරක් දුන්නා. ඔහු බිම ඇද වැටුණා. දවස් දෙක තුනක් ඇවිද ගන්නත් අපහසු වෙන තරමට ඇගේ පහර දරුණු එකක් වී තිබුණා. ඔහුගෙන් කම්මුල් පහරවල් කෑවාට පසු ඈ යූ ටියුබ් ඔස්සේ ටයිකොන්ඩෝ සටන්ක්‍රමය පුරුදු වී තිබුණා. මේ නිවස තුළ.නිවැසියන්ට හොර රහසේ.

ඇය එන්නේ හොඳකටනං නොවෙයි කියලා ඔහුට වැටහෙනවා. රාජේෂ් තීරණය කරනවා කරාටේ ඉගෙන ගන්න. පවුල් ජීවිතය කියන්නේ සටනක් වගෙ දෙයක්. රාජේෂ්ට තියෙනවා තව අදහස්. ඇගේ ඉදිරියේ ටිකක් රොමෑන්ටික් වුණොත් කොහොමද? ඇයව ගැබිණියක් කළානං හරි,එතකොට ඇය පාඩුවෙ ගෙදර වැඩ ටික කරගෙන ඉඳියි.

කතාවෙ ඉදිරියට මොකද වෙන්නෙ?

විවාහය කියන්නෙ හිරගෙදරක ජීවත්වෙනව වගේ වැඩක් නෙමේ Jaya Jaya Jaya Jaya Hey ඒ බව කියාදෙන කතාවක්. Vipin Das ගේ අධ්‍යක්ෂණයක්.Darshana Rajendran සහ Basil Joseph රංගනයෙන් දායක වෙනවා.

jaya-jaya

Latest news

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...

ජනපති අනුරගේ පාස්කු ඉරුදින පණිවිඩය

දුකට පත් ජනතාවගේ ගැලවීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසප්‍රාප්තියෙන් පසු මරණයේ අඳුර පරාජය කරමින් උත්ථානය...
- Advertisement -spot_img

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

රත් දෝතළු – 65

රත් දෝතළු - 65 මා නිසා අහස්ගේ කාර්යයන් පහසුව ඇති බව විනිෆ්‍රීඩා මහත්මිය මා සමඟ කීවාය. බොහෝ විට මම ඔහුගේ...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you