More
    NovelsTharu Mal ViyanTharu Mal Viyan තරු මල් වියන් - 35

    Tharu Mal Viyan තරු මල් වියන් – 35

    -

    spot_img

    Tharu Mal Viyan තරු මල් වියන්

    තමා ඉදිරියේ දෙනෙත් දල්වා බලා සිටින තුෂර දෙස අංජලී බලා සිටියේ හිස් දෑසිනි. ශාමින්දත් ඔහුත් දෙදෙනාම එකම හැඩහුරුකමින් යුතු වුවද තුෂරගේ දැස් බොර පැහැතිය. එහි ඇත්තේම ආගන්තුක බවකි. ශාමින්ද සිහි වී ඈ මුවින් සුසුමක් ගිළිහිණි. තුෂර කෙරෙහි සැමදා සිතේ වූයේ මිතුරෙකු ලෙස හටගන්නා වූ ලෙංගතු හැඟීමක් මිස ආදරයක් නොවේ. ඔහු සැබෑවටම මිතුරෙකු මෙන්ම ගුණයහපත් තරුණයෙක් වුවද ලෙංගතු හැඟීමක් ඇති වූ පමණින් එය ආදරය විය හැකිද….? සමහරවිට ශාමින්ද නොවී නම් තමා ඔහුට යම් තරමකට හෝ කැමැත්තක් දක්වන්නට ඉඩ තිබුණා දැයි කියා ඈ තම සිතෙන්ම විමසා බැලුවාය.
    නමුත් ඇයට එය සිතා ගන්නට අපහසු විය.

    “මට සමාවෙන්න තුෂර…”

    බොහෝ වේලාවකට පසු ඈ හඬ අවදි කළාය.

    “මං හැමදාම හිතුවේ ඔයා හොඳ යාළුවෙක් කියලයි…තාමත් හිතන්නේ එහෙමයි…මං කවදාවත්ම ඔයාගේ හිතේ අනවශ්‍ය බලාපොරොත්තුවක් ඇති වෙන විදියට හැසිරුණා කියලා මං හිතන්නේ නැහැ…නොදැනුවත්වම හරි එහෙම වුණා නම් මං ඔයාගෙන් සමාව ඉල්ලනවා…ඔයා මට හොඳ යාළුවෙක් තුෂර…”

    අංජලීගේ දෑස් වලට කඳුළු පිරිණි. ඔහු හා විවාහ වූවා නම් ලැබෙන සැප සම්පත් බොහෝය. සැවොම කියන්නාක් මෙන් ඔහු “හොඳ හයිය අත්තකි…” නමුත් ජීවිතය රඳා පවතින්නේ මුදල් යාන වාහන සැප සම්පත් මත පමණක් නොවේ. ආදරයක් නොමැති තැන මේ සියල්ල තිබී ඇති පළය කිම…?
    තුෂරගේ සිතට වේදනා මුසු හැඟීමක් දැනිණි. අංජලී කවදා හෝ තමාට සතුටුදායක පිළිතුරක් දෙනු ඇතැයි කියා ඔහු බලාපොරොත්තුව සිටියමුත් ඈ මෙසේ පවසන විට ඒ පැතුම් සියල්ල සිඳී බිඳී ගියේය. ඔහුට දැනුණේ හිස් හැඟීමකි. සිත දෙදරා ඉරි තළා ගියාක් මෙනි. නමුත් ආදරය බලෙන් ලබා ගත හැක්කක් නොවේ. වරක් එක් යුවතියක් තමාට ආදරය කළේත් බොහෝ යුවතියන් තමා පසුපස පැමිණියේත් තම වත් පොහොසත් කම නිසා මිස ආදරය නිසා නොවන බව ඔහු අවබෝධ කරගෙන බොහෝ කළකි. නමුත් අංජලී ඒ අතරින් සුවිශේෂී වූවාය. සියල්ල හිමිව ඇතත් තමා සොයන ආදරය නොමැතිව මේ කිසිවක පළක් නැතැයි කියා ඔහුට සිතිණි. ආදරය බලෙන් ලබා ගත හැක්කක් නොවේ. එය එක සිතින් පිදිය යුත්තකි. ඈ මුවින් නොකීවද කිසිවෙකුට ආදරය කරනවා ඇතැයි කියා සිතන විට ඔහු සිතේ ඊර්ෂ්‍යා මුසු හැඟීමක් ඇති වූයේ ශාමින්දත් සිහි වීමෙනි. වේදනා මුසු දෑසින් ඔහු බලා සිටින විට අංජලීගේ සිතේ ඇති වූයේ අනුකම්පාවකි.

    “ඔහොම බලන් ඉන්න එපා තුෂර…මට මොනවා හරි කියලා බනින්න…සමහරවිට මේ මගේ අවාසනාව වෙන්නැති…ඒත් ඔයා ඔහොම ඉන්න එක නම් මට දුකයි…”

    ඔහු එවිට මුවේ මඳහසක් නංවාගෙන ඈ දෙස බැලීය.

    “මං මොකටද ඔයාට බනින්නේ…ඔයාගේ නෙවේ…මගේ අවාසනාව…ඒකයි මට ඔයාව හිමි නැත්තේ…අපි මේ හැමදේම අමතක කරලා දාමු…”

    ඔහු නැඟිට ඉවතට ගියේ මුව මත වූ මඳහසත් සමඟය. එය හුදෙක් අඬන්නට නොහැකි නිසා පෑ සිනහවක් බව ඈ දැන සිටියාය. වැසී ගිය දොර දෙස ඈ බලා සිටියේ හිස් බැල්මකිනි.
    ——————————————————————————————————
    යහන මත හිඳ අංජලී බලා ගත් බැල්මෙන් බලා සිටියේ නිනව් නැතිවාක් මෙනි. ඇගේ සිතේ වූයේ කලකිරීමකි. සියල්ලන්ගෙන් ඈත් වී දුරකට යා යුතුයැයි කියා ඇයට සිතුණේ වරක් දෙවරක් නොවේ. තුෂර මෙන්ම මාලක හා සංචලා නිසාත් ඇගේ සිත වේදනාවට පත්ව තිබිණි. පෙර දින සවස කාර්යාලයෙන් පිටව ගිය තුෂර මෙදින උදෑසනවත් කාර්යාලයට නොපැමිණියේය. ඔහු නොපැමිණියේ තමා නිසාදැයි කියා ඇගේ සිතේ ඇති වූයේ වරදකාරී හැඟීමකි. එසේම මීට සුළු මොහොතකට පෙරත් සංචලා ඇමතුමක් ගෙන ඇයට දොස් පැවරුවේ මාලක පෙර මෙන් ඈ පිළිබඳව තැකීමක් නොකරන්නේ ඈ නිසා බව කියමිනි.

    “ඒක තමුන්ගේ වරද…මට දොස් කියන්න එන්න එපා…මීට පස්සේ මට ආයේ කෝල් කළොත් මං බලා ගන්නම්…”

    අංජලී කෝපයෙන් පැවසුවද පසුව ඈ සිතේ ඇති වූයේ කළකිරීමකි.

    “මොනවද අනේ ඔච්චරම කල්පනා කරන්නේ…?”

    රංගිකා ඇසුවේ නොමනාපය මුසුවය. ගයානි තුවාය ඇඳුම් වැටේ වනා යහන මත හිඳ ගත්තාය.

    “ආව වෙලේ ඉඳන් කල්පනාව…”

    ගයානිද කීවේ රංගිකා කී දේ අනුමත කරමිනි.

    “තුෂර අද නොඑන්න ඇත්තේ මොකක් හරි වැඩක් නිසානේ…අනික ඉතින් ඕක කවදා හරිම එයාට කියන්නත් එපැයි…”

    රංගිකා කීවේ ඈ මෙසේ බලාගත් අත බලාන කල්පනා කරන නිසාය.

    “ඒ වුණත් මගේ හිතට හරි නැහැ…කළින් වගේ එයත් එක්ක එකට වැඩ කරන්න බැරි වෙයිනේ…”

    එය අසත්‍යයකැයි කියා කිව නොහැක.

    “වෙන දෙයක් වෙයිනේ…එන දේකට මූණ දෙමු…හිතන්න එපා…”

    ගයානි මිතුරිය අස්වසන අදහසින් කීවාය.

    “තුෂර නාව එකට වඩා මට අවුළ තියෙන්නෙ…සංචලා මට කතා කරලා බැන්නා…මේක පුදුම කරදරයක් වුණානේ…”

    “මොකක්…?”

    ගයානිත් රංගිකාත් ඇසුවේ එක්වරමය.

    “මොකද වුණේ ඉතින්…මොකටද එයා ආයෙමත් කතා කළේ…?”

    “මාලක ඉස්සර වගේ නෙවේලු…ඒක මට කියලා හරියනවද…එයා එපෑ මිනිහව හදාගන්න…”

    “ඔයා මොකද කිව්වේ…?”

    “මාත් බැන්නා…”

    “මාත් බණිනවා ඕකිට…”

    ගයානි කෝපයෙන් ජංගම දුරකථනය අතට ගත්තාය.

    “අනේ…එපා ගයා…එයා උඩ පැන්නට අපිට මොකද…සද්ද නැතුව ඉමු…”

    “සද්ද නැතුව නෙවේ…අපිත් සද්දේ දාන්න ඕන…නැත්නම් මුං එනවා ගෝණි නැතුව කරේ යන්න…”

    ගයානි සැබෑවටම කෝපයට පත්ව සිටියාය. ගයානිට කැමැත්තක් කරන්නට ඉඩ හැර අංජලී නිහඬ වූයේ ඈ මේ මොහොතේ පසුවන්නේ කෝපයෙන් පසු වූ නිසාය. සංචලාට ඇමතුමක් ගත්තද ඇගේ ජංගම දුරකථනය විසන්ධි කර තිබිණි.

    “දැන් ඉතින් තුෂර එක්කත් වැඩ කරන්න හිත හදා ගන්න බැහැ…”

    අංජලී කිවේ යහන මත හිඳ ගත් ගයානි දෙස බලානය.

    “තව ටික දවසක් ඉවසන් ඉන්න…රංගිගේ වෙඩින් එක කිට්ටු කරලා අපි නවතිමු…”

    ඊට පෙර කිසිවෙකුට නොදන්වා වෙනත් රැකියාවක් සොයා ගත යුතු යැයි කියා ඈ සිතුවේ මාමාගේ නිවසටද යන්නට නොහැකි නිසාය. අසරණ හැඟීමක් ඈ සිතට දැනිණි. මව සිටියා නම් තමා මේ තරම් අසරණ වන්නේ නැත. ඇයත් මෙලොව හැර ගියේ තම අවාසනාවන්තකම නිසාවනැයි කියා ඇයට යළි යළිත් සිතිණි. නැන්දා හෝ මාමා ඇමතුම් නොගත්තද අංජලී හැකි සෑම විටම ඔවුන් ගැන සොයා බැලුවාය. ගිම්හානි පැවසුවේ සංචලා දැන් නම් ඔවුන් සමඟ සුහදව සිටින බවකි.

    “දෙන්නා සංඬු වුණේ නැති වුණත් ඉතින් එච්චර හිත හොඳින් නෙවේ ඉන්නේ කියලා පේනවා…”

    ඔවුන් ඉක්මනින් වෙනත් නිවසක් කුලියට ගෙන පදිංචියට යන බවක් ගිම්හානි කීවාය.

    “අම්මලා කැමති නැහැ එයා මෙහෙ ඉන්නවට…අනේ මන්දා නංගී…මට මොකුත් කියන්න බැහැනේ…”

    අංජලී කළේ සුසුමක් හෙළීමය. රංගිකාගේ විවාහය නිසා ඈ අද හෙටම රැකියාවෙන් ඉවත් වන නිසා තමාද එයින් ඉවත් වන්නට සිතා සිටින බව ඈ ගිම්හානි හා කීවාය.

    “වෙන ජොබ් එකක් බැලුවද…?”

    ගිම්හානි ඇසුවාය.

    “තාම නැහැ අක්කා…බලන්න ඕන…”

    ඈ එසේ පැවසුවේ කැමැත්තකින් නොවේ. නමුත් වෙනත් රැකියා කීපයකටම ඈ මේ වන විටත් ඉල්ලුම් පත් දමා ඇති බව ඈ මිතුරියන් දෙදෙනාට හෝ නොකීවාය. ඔවුන්ට පසුව පවසන්නට ඈ සිතා සිටියාය. රංගිකා නම් නැවත රැකියාවක් කරන්නට අදහසක් නැති බව ඈ පවසා තිබුණේ ආදිත්‍ය එයට අකමැති නිසා නොව ඇයම එසේ තීරණය කර තිබූ බැවිනි. ගයානිගේ කැමැත්ත වූයේ තව කෙටි කාලයක් මෙහිම රැඳී ඉන්නට මුත් අංජලී නොමැති නම් ඇයද ඉන් ඉවත් වන්නට සිතා තිබුණාය.

    “ඔයා නැතුව නම් මං කොහොමවත් මෙතන ඉන්නේ නැහැ…”

    වරක් ගයානි කියා සිටියාය. ශාමින්ද නිතරම නොවුවත් ඉඳහිට ඇය හා කතා බහ කළේය. ඒ හැම වරම ඔහු කීවේ ඔහුගේ සිතේ ඈ කෙරෙහි ඇති ආදරයයි.

    “අපි ඉක්මනින් මැරි කරමු…”

    ඔහු කියන විට ඈ සිතේ ඇති වූයේ සතුටක් නොව කිව නොහැකි බිය මුසු හැඟීමකි. ඒ මන්ද කියා ඈ දැන නොසිටියාය. ඔහු සිත පාරන්නට නොහැකි නිසා ඈ කිසිත් නොකියා මුණිවත පිරුවාය.

    “මේ ලෝකේ හැම මනුස්සයාම එක වගේ නැහැ අංජලී…”

    වරෙක රංගිකා කීවේ මාලක නිසා ලත් සිත් වේදනාව නිසා විවාහයක් කරගැනීමට තබා කිසිවෙකු විශ්වාස කිරීමටත් බියක් ඇති බව කියන විටය.

    “කාලා බලන්නයැ…”

    ඈ ඒ මොහොතේ කීවේ උපහාසය මුසුවය.

    -11 වෙනි සඳුදා නැවත හමුවෙමු-

    Latest news

    නුවරඑළියේ සිදු කළ පරීක්ෂාවකදී ධාවනයට නුසුදුසු වාහන 73 ක් ධාවනයෙන් ඉවත් කරේ

    නුවරඑළියේ සිදු කළ හදිසි වායු විමෝචන පරීක්ෂාවකදී, වාහන 73 ක් දින 14 ක කාලයක් සඳහා තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරීමට...

    අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනපති වෙත සිය අක්තපත්‍ර භාර දෙයි

    මෙරටට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සිය අක්තපත්‍ර භාරදී තිබෙනවා. 01 - කොළඹ...

    වැල්ලවායේ කුඩු බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට

    වැල්ලවාය ප්‍රදේශයට හොරොයින් මත්ද්‍රව්‍ය බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒ, පොලීසිය විසින් වැල්ලවාය නගරයේ සිදුකළ වැටලීමකදීයි. සැකකරු සන්තකයේ තිබී අළෙවි...

    ජනපති අනුර රටවල් කිහිපයක නායකයින් නවදිල්ලියේදී හමුවෙයි

    නවදිල්ලි නුවර පැවැත්වෙන ්ෂ ඉම්පැක්ට් 2026 සමුළුවට සහභාගිවී සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රටවල් කිහිපයක නායකයින් සමග ද්විපාර්ශ්වික...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 38

    රත් දෝතළු - 38 අහස් යනු අමුතුම අයෙකු යැයි කියා මට සිතිණි. වරෙක රළු ලෙසින් කතාබහ කළද සැනෙකින් මෘදු වන්නේ...

    Covid වසංගත සමයේ අපුරු මිතුදමක කතාවක්

    Covid වසංගත සමයේ අපුරු මිතුදමක කතාවක් - Homebound සමහර මිතුරුකම් ලේ නෑකම්වලට වඩා ප්‍රභලයි. අම්මා තාත්තටත් වඩා හදවතට සමීපයි. යහළුවෙක්ට...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page