More
    ArtSuicide මත්ද්‍රව්‍ය චෝදනා ලද නළුවෙකු සියදිවි නසාගනී

    Suicide මත්ද්‍රව්‍ය චෝදනා ලද නළුවෙකු සියදිවි නසාගනී

    -

    spot_img

    Suicide – ඔස්කාර් සම්මානලාභී Parasite චිත්‍රපටයේ, පාර්ක් නම් පවුලේ කුලදෙටුවෙකු ලෙස රඟපෑ 48 හැවිරිදි ජනප්‍රිය දකුණු කොරියානු නළු Lee Sun-kyun ගේ මල සිරුර මධ්‍යම Seoul නගරයේ උද්‍යානයක් අසල මෝටර් රථයක තිබී ඊයේ [27 වෙනි බදාදා ]පොලිසිය විසින් සොයාගෙන තිබේ. මෙය සියදිවි නසාගැනීමක් යැයි පොලීසිය විශ්වාස කරන බව Yonhap news agency ය වාර්තා කරයි.

    Lee-Sun-kyun

    ඔහු සටහනක් ලියා තබා නිවසින් පිටව ගොස් ඇති බවත්, පසුගිය ඔක්තෝම්බර් මාසයේ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් ඔහු විමර්ශනයට ලක්ව සිටි බවත් පොලීසිය සඳහන් කරයි. යොන්හැප් පුවත් ඒජන්සිය පවසන්නේ, ඔහු, සෝල්හි අවන්හලක එහි සේවිකාවක් සමඟ marijuana සහ ketamine වැනි මත්ද්‍රව්‍ය පාවිච්චි කරමින් සිටි බවට සැක කරන බවයි. එම පුවතින් පසුව, ඇය දුන් දේ තමා ගත්තත් ඒවා නීතිවිරෝධී මත්ද්‍රව්‍ය බව තමන් දැන නොසිටි බව මෙම රංගන ශිල්පියා පවසා තිබිණි. ඔහු තම නිවසේදීද මත්ද්‍රව්‍ය භාවිතා කළ බව එම සේවිකාව පොලිසියට පවසා ඇති අතර එය ඔහු ප්‍රතික්ෂේප කළේය. ඔහු මීට පෙර සිය නීතිඥවරයා මාර්ගයෙන් පොලිසියෙන් ඉල්ලා සිටියේ මෙම ව්‍යාජ අනාවරණ පිළිබඳව පළමුව පරීක්ෂණයක් කරන ලෙසයි. කෙසේ වෙතත්,ඔහුගේ ඖෂධ පරීක්ෂණ ඍණාත්මක හා අවිනිශ්චිත ප්‍රතිපල ලබා දී ඇති බව එම වාර්තාව වැඩිදුරටත් සඳහන් කරයි.

    lee-sun-kyun-death

    Lee’s agency, HODU&U Entertainment, ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ: “දුක සහ බලාපොරොත්තු සුන්වීම පාලනය කර ගැනීමට ක්‍රමයක් නැත. සමපේක්ෂන මත පදනම්ව අසත්‍ය කරුණු පතුරුවා හැරීමෙන් වළකින ලෙස අපි ගෞරවයෙන් ඉල්ලා සිටිමු. එවිට ඔහුගේ අවසන් ගමන අසාධාරණ නොවනු ඇත.” යනුවෙනි. ඔහුගේ මරණය පිළිබඳ පුවත අන්තර්ජාලය තුළද විශාල ලෙස කතාබහට ලක්වෙමින් පවතී. “ප්‍රසිද්ධ මිනිස්සුත් මිනිස්සු නේද? මිනිස්සුන්ට ජීවිතේ වැරදි වෙන්න පුළුවන්.ඒක හරිම කණගාටුදායක මරණයක්” තැනෙක එසේ සඳහන් වී තිබිණි.

    රංගන ශිල්පිනියක වන Jeon Hye-jin සමඟ විවාහ වී සිටි ලී, කුඩා පුතුන් දෙදෙනෙකුගේ පියෙකි. මෙම නළුවා දශක දෙකකට වඩා වැඩි කාලයක් කීර්තිමත් වෘත්තීය ජීවිතයක් ගත කළ අයෙකි. මත්ද්‍රව්‍ය භාවිතයට පෙරාතුව ඔහුට පවිත්‍ර, පවුල් ප්‍රතිරූපයක් තිබූ නමුත් විමර්ශනයෙන් මතු වූ වාර්තා ඔහුගේ කීර්ති නාමයට සැළකිය යුතු හානියක් සිදු කළේය. ප්‍රශ්න කිරීම සඳහා පොලිස් ස්ථානයකට යෑමට පෙර ඔක්තෝබර් අගදී මාධ්‍යවේදීන් අමතමින් ඔහු මෙසේ පැවසීය. “මෙවැනි අප්‍රසන්න සිදුවීමකට සම්බන්ධ වීමෙන් බොහෝ දෙනෙකුගේ දැඩි බලාපොරොත්තු සුන්වීම ගැන මම අවංකවම සමාව ඉල්ලමි. මේ මොහොතේ මෙතරම් දුෂ්කර වේදනාවක් විඳිමින් සිටින මගේ පවුල ගැන මට කණගාටුයි.” ඔක්තෝම්බර් මාසයේදී රූගත කිරීම් ආරම්භ කළ රූපවාහිනී රහස් පරීක්ෂක කතා මාලාවක් වන නෝ වේ අවුට් වෙතින් ලී ඉවත් කරන ලදී. වාර්තාවලට අනුව, සමහර ව්‍යාපාර ඔවුන්ගේ වෙළඳසැල්වලින් ලී ඇතුළත් පෝස්ටර් සහ දැන්වීම් ඉවත් කරනු දක්නට ලැබුණි.

    මරිජුවානා භාවිතය ඇතුළු මත්ද්‍රව්‍ය වැරදි දකුණු කොරියාවේ බරපතල අපරාධ ලෙස සැළකෙන අතර ඒවා භාවිතය සඳහා වසර පහක් දක්වා සිරදඬුවම් විඳීමට සිදුවේ. දකුණු කොරියානු ජනාධිපති Yoon Suk Yeol මත්ද්‍රව්‍ය මර්දනය කරන බවට ප්‍රතිඥා දී තිබේ. මේ වසරේ, රටේ බලධාරීන් එහි මත්ද්‍රව්‍ය අපරාධ දෙපාර්තමේන්තුව පුළුල් කළ අතර ජාතික පොලිස් ප්‍රධානියා මත්ද්‍රව්‍ය අපරාධ සම්බන්ධයෙන් “සම්පූර්ණ යුද්ධයක්” කරන බවට පොරොන්දු විය. මෑතකදී මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් විමර්ශනයට ලක් වූ දකුණු කොරියානු කීර්තිමත් පුද්ගලයා ලී පමණක් නොවේ. මෙම මස මුලදී K-pop තරුවක් වූ G-Dragon සති ගණනක පරීක්ෂණවලින් පසුව මත්ද්‍රව්‍ය චෝදනාවලින් නිදහස් විය. රංගන ශිල්පී Yoo Ah-in සඳහාද මේ වන විට මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් නඩු විභාග වෙමින් පවතී.

    -BBC News ඇසුරෙනි-

    Image Source: Time Of Info / Indian Express / Freedom of Addiction

    Latest news

    නුවරඑළියේ සිදු කළ පරීක්ෂාවකදී ධාවනයට නුසුදුසු වාහන 73 ක් ධාවනයෙන් ඉවත් කරේ

    නුවරඑළියේ සිදු කළ හදිසි වායු විමෝචන පරීක්ෂාවකදී, වාහන 73 ක් දින 14 ක කාලයක් සඳහා තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරීමට...

    අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනපති වෙත සිය අක්තපත්‍ර භාර දෙයි

    මෙරටට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සිය අක්තපත්‍ර භාරදී තිබෙනවා. 01 - කොළඹ...

    වැල්ලවායේ කුඩු බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට

    වැල්ලවාය ප්‍රදේශයට හොරොයින් මත්ද්‍රව්‍ය බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒ, පොලීසිය විසින් වැල්ලවාය නගරයේ සිදුකළ වැටලීමකදීයි. සැකකරු සන්තකයේ තිබී අළෙවි...

    ජනපති අනුර රටවල් කිහිපයක නායකයින් නවදිල්ලියේදී හමුවෙයි

    නවදිල්ලි නුවර පැවැත්වෙන ්ෂ ඉම්පැක්ට් 2026 සමුළුවට සහභාගිවී සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රටවල් කිහිපයක නායකයින් සමග ද්විපාර්ශ්වික...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 38

    රත් දෝතළු - 38 අහස් යනු අමුතුම අයෙකු යැයි කියා මට සිතිණි. වරෙක රළු ලෙසින් කතාබහ කළද සැනෙකින් මෘදු වන්නේ...

    Covid වසංගත සමයේ අපුරු මිතුදමක කතාවක්

    Covid වසංගත සමයේ අපුරු මිතුදමක කතාවක් - Homebound සමහර මිතුරුකම් ලේ නෑකම්වලට වඩා ප්‍රභලයි. අම්මා තාත්තටත් වඩා හදවතට සමීපයි. යහළුවෙක්ට...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page