More
    SportsSL Vs BAN TEST ශ්‍රී ලංකාවට ඉනිමක හා ලකුණු...

    SL Vs BAN TEST ශ්‍රී ලංකාවට ඉනිමක හා ලකුණු 78ක ජයක්ග්‍රහනයක්

    -

    spot_img

    SL Vs BAN TEST – ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 78 ක සුවිශේෂී ජයග්‍රහණයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත්වුණා.

    ඒ අනුව නව ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ තමන් මුහුණදුන් පළමු තරගාවලි‍යම 1-0 ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.

    ඊයේ තෙවැනි දිනය සඳහා තරගය නතර කරන විට, සිය දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 06 ක් දැවී ලකුණු 115 ක් ලබා සිටි අතර, අද උදෑසන පැය භාගයක පමණ කාලයකදී ඉතිරි කඩුලු සියල්ල දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත්වුණා.

    ඒ අනුව බංග්ලාදේශයට සිය දෙවන ඉනිම සඳහා ලබාගත හැකි වූයේ ලකුණු 133 ක් පමණක් වන අතර, එහිදී කිසිදු බංග්ලාදේශ පිතිකරුවෙකුට ලකුණු 26 කට වඩා ලබාගත නොහැකි වුණා.

    ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමේදී ප්‍රභාත් ජයසූරිය කඩුලු 05 ක් දවාගත් අතර, නායක ධනංජය ද සිල්වා සහ තරිඳු රත්නායක කඩුලු දෙක බැගින් දවා ගැනීමට සමත් වුණා.

    සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 458 ක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර, එහිදී පැතුම් නිස්සංක ලකුණු 158ක්, දිනේෂ් චන්දිමාල් ලකුණු 93 ක් හා කුසල් මෙන්ඩිස් ලකුණු 84 ක් ලබාගත්තා.

    බංග්ලාදේශ කණ්ඩායම සිය පළමු ඉනිමට ලකුණු 247 ක් වාර්තා කළා.

     

    Latest news

    Prasanna Ranaweera අමාත්‍ය ප්‍රසන්න රණවීර යළි රිමාන්ඩ් කිරීමට නියෝග

    Prasanna Ranaweera - හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ලබන 25 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග...

    Hartal in the North උතුරේ හර්තාලය අසාර්ථකයි

    Hartal in the North -  මුලතිව්,මුත්තයාන්කට්ටු ප්‍රදේශයේදී මියගිය තරුණයෙකුගේ මරණය වෙනුවෙන් සාධාරණය ඉටුකරන ලෙසට හා තවත් ඉල්ලීම් කිහිපයක් ඉල්ලීම් කරමින්...

    Nanuoya Railway Station නානුඔය දුම්රිය ස්ථානය නවීකරණය කිරීම කඩිනම් කිරීමේ වැඩපිළිවෙළක්

    Nanuoya Railway Station - නානුඔය දුම්රිය ස්ථානය නවීකරණය කිරීම කඩිනම් කිරීමේ වැඩපිළිවෙළ මඟින්, දේශීය හා විදේශීය සංචාරකයන්ට ඇති වන...

    Gambling Regulatory Authority සූදු නියාමන අධිකාරිය පිහිටුවීමේ පනත් කෙටුම්පතට අනුමැතිය

    Gambling Regulatory Authority - සූදු නියාමන අධිකාරිය පිහිටුවීම සඳහා වූ පනත් කෙටුම්පතට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමි...
    - Advertisement -spot_img

    Vegetable Chop Suey ගෙදරදීම වෙජිටබල් චොප්සියක් හදාගමු

    Vegetable Chop Suey (වෙජිටබල් චොප්සි) රසවත් මෙන්ම පෝෂ්‍යදායී කෑමක්. චොප්සි, බත් සහ නූඩ්ලස් සමගත් කෑමට ගන්න පුළුවන්.  අවශ්‍ය ද්‍රව්‍ය •...

    Nanuoya Railway Station නානුඔය දුම්රිය ස්ථානය නවීකරණය කිරීම කඩිනම් කිරීමේ වැඩපිළිවෙළක්

    Nanuoya Railway Station - නානුඔය දුම්රිය ස්ථානය නවීකරණය කිරීම කඩිනම් කිරීමේ වැඩපිළිවෙළ මඟින්, දේශීය හා විදේශීය සංචාරකයන්ට ඇති වන...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page