Sl Vs Ban TEST – ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය මේ වන විට ක්‍රියාත්මක වනවා.
වර්ෂාව හේතුවෙන් තරගය මීට සුළු මොහොතකට පෙර නතර කරන විට සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටින බංග්ලාදේශය කඩුලු 04 ක් දැවී ලකුණු 423 ක් ලබාගෙන සිටියා.
පන්දුවට පහරදීමේදී බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් නායක Najmul Hossain Shanto ලකුණු 148 ක් ලබාගත් අතර, නොදැවී පන්දුවට පහරදෙමින් සිටින Mushfiqur Rahim ලකුණු 159 ක් හා Litton Das ලකුණු 61 ක් ලබා සිටිනවා.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අසිත ප්‍රනාන්දු හා තරිඳු රත්නායක කඩුලු 02 බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.