More
    FeaturesSir Gary Oldman වේල්සයේ කුමරු අතින් නයිට් පදවියට

    Sir Gary Oldman වේල්සයේ කුමරු අතින් නයිට් පදවියට

    -

    spot_img

    Sir Gary Oldman බ්‍රිතාන්‍යයේ සිටින වඩාත්ම කීර්තිමත් නළුවන්ගෙන් කෙනෙක්. දශක හතරකට අධික කාලයක් පුරා සිනමාව සඳහා ලබා දුන් විශිෂ්ට දායකත්වය වෙනුවෙන් පසුගියදා ඔහු නයිට් පදවියෙන් පිදුම් ලැබුවා. 

    Sir Gary Oldman

    ඔහු උපත ලබන්නේ 1958 මාර්තු 21 වැනිදා දකුණු ලන්ඩනයේ නිව් ක්‍රොස් හි දී. කම්කරු පවුලක හැදී වැඩුණු ඔහු දුෂ්කර ළමා අවධියක් ගත කළ බව කියවෙනවා. නාවිකයෙකු වුණු ගැරීගේ පියා ඔහුට වයස අවුරුදු හතේදී ඔවුන්ව හැර දමා ගොස් ඇති අතර මව කැත්ලීන් වෙහෙස මහන්සියෙන් ඔවුන්ව ඇති දැඩි කර තිබේ. ගැරී කුඩා කල සිටම මිනිස්සුන්ගෙ හැසිරීම් නිරීක්ෂණය කර ඇති අතර එය ඔහුගෙ රංගන ජීවිතයේ විශිෂ්ටත්වය උදෙසා බලපෑ පුරුද්දක් බව පැවසේ. සංගීතයට ප්‍රිය කළ ඔහු පසුව රංගනය හදාරන්නට තීරණය කර තිබිණි. රෝස් බෲෆර්ඩ් කථන හා නාට්‍ය විද්‍යාලයට ශිෂ්‍යත්වයක් ලබා ගත් ගැරී 1979 දී උපාධිය ලබා තිබෙනවා.

    Sir Gary Oldman

    ඔහුගේ වෘත්තීය ජීවිතය ඇරඹී ඇත්තේ වේදිකාවෙන්. Sid and Nancy (1986) චිත්‍රපටයෙන් ඔහු ප්‍රේක්ෂක අවධානය දිනාගත්තා. 1990 දශකයේ මුල් භාගය වන විට, ඕල්ඩ්මන් හොලිවුඩය ආක්‍රමණය කළා. JFK (1991) චිත්‍රපටයේ ලී හාවි ඔස්වල්ඩ් ලෙස ඔහු සිදු කළ රංගනය විශිෂ්ට එකක්. 1992 වසරේ ෆ්‍රැන්සිස් ෆෝඩ් කොපෝලාගේ ඩ්‍රැකියුලා (1992) චිත්‍රපටයේ ඩ්‍රැකියුලා ලෙසින් ප්‍රේක්ෂකයන්ට අමතක නොවන රංගනයක් සිදු කළා. මේ සමගින් ඔහු දුෂ්ටයාගේ චරිත සඳහා ප්‍රසිද්ධ වූ නමුත් ඕල්ඩ්මන්ගේ රංගන හැකියාව පුළුල් පරාසයක විහිදුණ එකක්. Leon (1994), The Fifth Element (1997), Harry Potter, The Dark Knight චිත්‍රපටවල ඔහුගේ රංගනයට අසීමිත ප්‍රේක්ෂක ආකර්ෂණයක් ලැබුණා Darkest Hour (2017) චිත්‍රපටයේ වින්ස්ටන් චර්චිල් ලෙසින් සිදු කළ විශිෂ්ට රංගනය උදෙසා ගැරී ඕල්ඩ්මන්ට හොඳම නළුවා සඳහා වූ ඇකඩමි සම්මානය, BAFTA සම්මානය සහ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන හිමිවුණා.

    Sir Gary Oldman

    රංගනයට අමතරව ඔහු ලේඛකයෙක්, අධ්‍යක්ෂවරයෙක් සහ චිත්‍රපට නිෂ්පාදකයෙක් ලෙසින් ද කටයුතු කරනවා. මත්පැන් භාවිතය සහ ඉන් මිදීම පිළිබඳව විවෘතව කතා බහ කළ ඔහු, සිය සාර්ථකත්වය උදෙසා පවුලේ අයට ස්තුතිවන්ත වෙන බව පවසා සිටියා. නිහතමානී අයෙකු ලෙස ප්‍රකට මේ අපූරු රංගන ශිල්පියා ලේඛිකාවක් වන සිය බිරිඳ ගිසෙල් ෂ්මිඩ් සහ පුතුන් තිදෙනා සමග සාමකාමී, නිහඬ ජීවිතයක් ගත කරනවා.

    Sir Gary Oldman

    2025 වසරේදී වින්ඩ්සර් මාලිගයේදී වේල්සයේ කුමරු විසින් ගැරී ඕල්ඩ්මන්ට නයිට් පදවිය ලබා දුන්නා. ඒ රංගනය වෙනුවෙන් කරන ලද විශිෂ්ට දායකත්වය වෙනුවෙන්. ලන්ඩනයේ දුප්පත් පවුලක උපත ලබා සිය කලාව සඳහා නයිට් පදවිය වෙනුවෙන් පිදුම් ලැබීම දක්වා වූ ඔහුගේ කතාව සිනමාපටයකටත් වඩාඅපූරුයි. සිය හැකියාව තුළින් වීරයන්ට මෙන්ම දුෂ්ටයන්ටද හඬක් වූ මේ විශිෂ්ට රංගන ශිල්පියා ඉතාම කැපවීමකින් සිය කාර්යය සිදුකළා මිසක කිසිවිටෙකත් කීර්තිය හඹා ගියේ නැහැ. ඒ සුවිශේෂී ගුණාංගම ගැරී ඕල්ඩ්මන්ගේ විශිෂ්ටත්වයට හේතුවක් නොවන්නේද?

    Latest news

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...

    ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රයක්

    විදේශගතව සිට පැමිණෙන මෙරට පුරවැසියන්ට සහ ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රය ලබා දීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව...

    මොරගහකන්ද ජලාශය වාන් දැමීමට ඇති හැකියාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමක්

    අධික වර්ෂා තත්ත්වය නිසා ඉදිරියේදී මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට සිදුවීමේ සම්භාවිතාවක් පවතින බව මහවැලි අධිකාරිය පවසනවා. අද (18)...
    - Advertisement -spot_img

    මැටීගේ කපුටු ප්‍රේමය

    මැටීගේ කපුටු ප්‍රේමය සොබාදහම විටෙක ආවේගශීලී බව මම දැන සිටියෙමි. එබැවින් මම ජීවත්වුණේ ඉතා පරිස්සමිනි. පළමු වරට කූඩුවෙන් පිටවීමට...

    Blackheads ගැටළුවට විසඳුමක්

    Blackheads කියන්නෙ ගොඩක් අයට තියෙන රූපලාවන්‍ය ගැටළුවක්. මේකට වයස බලපෑමක් නැහැ. තරුණ වයසෙ ඉඳලා මැදිවිය දක්වාම ගොඩක් අය මුහුණ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page