FeaturesSir Gary Oldman වේල්සයේ කුමරු අතින් නයිට් පදවියට

Sir Gary Oldman වේල්සයේ කුමරු අතින් නයිට් පදවියට

-

spot_img

Sir Gary Oldman බ්‍රිතාන්‍යයේ සිටින වඩාත්ම කීර්තිමත් නළුවන්ගෙන් කෙනෙක්. දශක හතරකට අධික කාලයක් පුරා සිනමාව සඳහා ලබා දුන් විශිෂ්ට දායකත්වය වෙනුවෙන් පසුගියදා ඔහු නයිට් පදවියෙන් පිදුම් ලැබුවා. 

Sir Gary Oldman

ඔහු උපත ලබන්නේ 1958 මාර්තු 21 වැනිදා දකුණු ලන්ඩනයේ නිව් ක්‍රොස් හි දී. කම්කරු පවුලක හැදී වැඩුණු ඔහු දුෂ්කර ළමා අවධියක් ගත කළ බව කියවෙනවා. නාවිකයෙකු වුණු ගැරීගේ පියා ඔහුට වයස අවුරුදු හතේදී ඔවුන්ව හැර දමා ගොස් ඇති අතර මව කැත්ලීන් වෙහෙස මහන්සියෙන් ඔවුන්ව ඇති දැඩි කර තිබේ. ගැරී කුඩා කල සිටම මිනිස්සුන්ගෙ හැසිරීම් නිරීක්ෂණය කර ඇති අතර එය ඔහුගෙ රංගන ජීවිතයේ විශිෂ්ටත්වය උදෙසා බලපෑ පුරුද්දක් බව පැවසේ. සංගීතයට ප්‍රිය කළ ඔහු පසුව රංගනය හදාරන්නට තීරණය කර තිබිණි. රෝස් බෲෆර්ඩ් කථන හා නාට්‍ය විද්‍යාලයට ශිෂ්‍යත්වයක් ලබා ගත් ගැරී 1979 දී උපාධිය ලබා තිබෙනවා.

Sir Gary Oldman

ඔහුගේ වෘත්තීය ජීවිතය ඇරඹී ඇත්තේ වේදිකාවෙන්. Sid and Nancy (1986) චිත්‍රපටයෙන් ඔහු ප්‍රේක්ෂක අවධානය දිනාගත්තා. 1990 දශකයේ මුල් භාගය වන විට, ඕල්ඩ්මන් හොලිවුඩය ආක්‍රමණය කළා. JFK (1991) චිත්‍රපටයේ ලී හාවි ඔස්වල්ඩ් ලෙස ඔහු සිදු කළ රංගනය විශිෂ්ට එකක්. 1992 වසරේ ෆ්‍රැන්සිස් ෆෝඩ් කොපෝලාගේ ඩ්‍රැකියුලා (1992) චිත්‍රපටයේ ඩ්‍රැකියුලා ලෙසින් ප්‍රේක්ෂකයන්ට අමතක නොවන රංගනයක් සිදු කළා. මේ සමගින් ඔහු දුෂ්ටයාගේ චරිත සඳහා ප්‍රසිද්ධ වූ නමුත් ඕල්ඩ්මන්ගේ රංගන හැකියාව පුළුල් පරාසයක විහිදුණ එකක්. Leon (1994), The Fifth Element (1997), Harry Potter, The Dark Knight චිත්‍රපටවල ඔහුගේ රංගනයට අසීමිත ප්‍රේක්ෂක ආකර්ෂණයක් ලැබුණා Darkest Hour (2017) චිත්‍රපටයේ වින්ස්ටන් චර්චිල් ලෙසින් සිදු කළ විශිෂ්ට රංගනය උදෙසා ගැරී ඕල්ඩ්මන්ට හොඳම නළුවා සඳහා වූ ඇකඩමි සම්මානය, BAFTA සම්මානය සහ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන හිමිවුණා.

Sir Gary Oldman

රංගනයට අමතරව ඔහු ලේඛකයෙක්, අධ්‍යක්ෂවරයෙක් සහ චිත්‍රපට නිෂ්පාදකයෙක් ලෙසින් ද කටයුතු කරනවා. මත්පැන් භාවිතය සහ ඉන් මිදීම පිළිබඳව විවෘතව කතා බහ කළ ඔහු, සිය සාර්ථකත්වය උදෙසා පවුලේ අයට ස්තුතිවන්ත වෙන බව පවසා සිටියා. නිහතමානී අයෙකු ලෙස ප්‍රකට මේ අපූරු රංගන ශිල්පියා ලේඛිකාවක් වන සිය බිරිඳ ගිසෙල් ෂ්මිඩ් සහ පුතුන් තිදෙනා සමග සාමකාමී, නිහඬ ජීවිතයක් ගත කරනවා.

Sir Gary Oldman

2025 වසරේදී වින්ඩ්සර් මාලිගයේදී වේල්සයේ කුමරු විසින් ගැරී ඕල්ඩ්මන්ට නයිට් පදවිය ලබා දුන්නා. ඒ රංගනය වෙනුවෙන් කරන ලද විශිෂ්ට දායකත්වය වෙනුවෙන්. ලන්ඩනයේ දුප්පත් පවුලක උපත ලබා සිය කලාව සඳහා නයිට් පදවිය වෙනුවෙන් පිදුම් ලැබීම දක්වා වූ ඔහුගේ කතාව සිනමාපටයකටත් වඩාඅපූරුයි. සිය හැකියාව තුළින් වීරයන්ට මෙන්ම දුෂ්ටයන්ටද හඬක් වූ මේ විශිෂ්ට රංගන ශිල්පියා ඉතාම කැපවීමකින් සිය කාර්යය සිදුකළා මිසක කිසිවිටෙකත් කීර්තිය හඹා ගියේ නැහැ. ඒ සුවිශේෂී ගුණාංගම ගැරී ඕල්ඩ්මන්ගේ විශිෂ්ටත්වයට හේතුවක් නොවන්නේද?

Latest news

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...

ජනපති අනුරගේ පාස්කු ඉරුදින පණිවිඩය

දුකට පත් ජනතාවගේ ගැලවීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසප්‍රාප්තියෙන් පසු මරණයේ අඳුර පරාජය කරමින් උත්ථානය...
- Advertisement -spot_img

රත් දෝතළු – 65

රත් දෝතළු - 65 මා නිසා අහස්ගේ කාර්යයන් පහසුව ඇති බව විනිෆ්‍රීඩා මහත්මිය මා සමඟ කීවාය. බොහෝ විට මම ඔහුගේ...

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව - It Was Just an Accident හැමදේකටම හේතුවක් තියෙනව. අපි අහම්බයක් කියලා හිතන දෙයක් වුණත්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you