InterviewsSara Ali Khan මං හොඳට නාලා උණු චායි බිබී...

Sara Ali Khan මං හොඳට නාලා උණු චායි බිබී පොත් කියවනවා

-

spot_img

Sara Ali Khan බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය නළු නිළි යුවළක් වන සයිෆ් අලි ඛාන් සහ අම්රිතා සිංගේ දියණියයි. ඇගේ රංගනය, විලාසිතා වගේ දේවල් නිසාම සාරා මේ වන විට තරුණ පරම්පරාව අතර ගොඩක් ජනප්‍රියයි. ඇය ඉතාම නිහතමානි චරිතයක් බැව් පැවසෙනවා. මේ ගෙවී යන්නෙ සාරාගෙ රංගන ජීවිතයෙත් හොඳම අවධියක්. සිය රංගන ජීවිතය, පෞද්ගලික ජීවිතය, විලාසිතා ගැන සාරා අලි ඛාන් ETV Bharat සමග පවසා සිටියා. 

• ඔයා නිතරම හරිම සතුටින් ක්‍රියාශීලීව ඉන්න බව පෙනෙනවා. මොනවගේ දේවල් ද ඔයාගෙ දවස සතුටින් පුරවන්නෙ?

සරලම දේවල්වලින් තමයි මට වැඩිපුරම සතුටක් දැනෙන්නෙ. උදේම ව්‍යායාම කරන එක. ඒක මගෙ ඇඟට වගේම සතුටින් දවස පටන් ගන්නත් හොඳම විදිහක්. විවේක වෙලාවට සිංදු අහන්න මම කැමතියි. විශේෂයෙන්ම පරණ බොලිවුඩ් සිංදු. ඒ වගේම කඳු නගින එක මම කැමතිම දෙයක්. හිත නිදහස් කරගන්න මම කවි ලියනවා. මම හිතන්නෙ අපි ඇඟ ගැන තරමටම මනස ගැනත් සැළකිලිමත් වෙන්න ඕනෙ. මේ දේවල් නිසා තමයි මම නිතරම සතුටින් ඉන්නෙ.

Sara Ali Khan

• Busy Life එකත් එක්ක, Boring නැතිව ඉන්න ඔයා කරන සරල දේවල් මොනවද?.

උදෑසන ව්‍යායාම අනිවාර්යයයි. සංචාරය කරන එක කඳු මුදුනක්, මුහුද මේ හැම දෙයක්ම මාව සැහැල්ලු කරනවා. අලුත් තැන්වලට යන එකෙන් මම ලෝකය ගැන ඉගෙන ගන්නවා. ඒ වගේම ගොඩක් වෙලා නාන එක. හොඳ Skincare Routine එකක් කරන එක. මේ වගේ පුංචි දේවල් දවස පුරාම මාව සතුටින් තියනවා.

• ඔබ පවුලේ අයට ගොඩක් ආදරේ කරන කෙනෙක් කියලා පෙනෙනවා.

මම හිතන්නෙ සතුට පටන් ගන්නෙ පවුලෙන්. අම්මත් එක්ක ගෙවන කාලය මාව ආදරෙන් පුරවනවා. ඉබ්‍රාහිම්ගෙ විහිළු මාව හිනා ගස්සනවා. මාව සතුටින් තියන්නෙ, අසීරු අවස්ථාවල ශක්තියක් වෙන්නෙ ඔවුන් .

• ඔයා ගොඩක් වෙලාවට කඳුකරයට ගමන් කරනවා. සංචාරය කරලා තියෙන තැන්වලින් ආසම කොතැනටද?

මම මුහුදට ගොඩක් ආදරේ වුණත්, මාව දන්න හැමෝම දන්නව මගේ හිත තියෙන්නෙ කඳුකරයෙ වග. ඒ නැවුම් වාතය, සුන්දර දර්ශන, කඳුකරයෙදි දැනෙන සැනසීම හරිම සුවිශේෂීයි. මම කැමතිම කාශ්මීරයේ කඳු නගින්න. හිමෙන් වැසුණු කඳු මුදුනක ඉඳලා අවදිවෙන්න, ගම් වාසීන් එක්ක චායී බොන්න. සොබාදහමෙ ලස්සන බලන්න. ඒක මායාවක් වගේ. මම ආයෙ ආයෙත් එතැනට ඇදෙනවා.

Sara Ali Khan

• සංචාරය කරනකොට ඔයා කරන්න ආසම දේවල් මොනවද?

සංචාරය මට මතක් කරනවා අපි මේ විශ්වය ඇතුලෙ මොනතරම් කුඩා ජීවීන්ද කියන දේ. මම කඳුකරයේ තියෙන විශාලත්වයට, සන්සුන් නිහඬ බව විඳින්න ආසයි. සංචාරය මගේ පරිකල්පනය වැඩි දියුණු කරනවා. මම ජීවිතේ දිහා බලන විදිහට, මගේ කවි, ඡායාරූප මේ හැමදේකටම සංචාරය බලපානවා. හිමෙන් වැහුණ කඳු මුදුනකුයි, චායි එකකුයි කියන්නෙ අපූරු සුසංයෝගයක්.

• වෙහෙසකාරී දවසකට පස්සෙ refresh වෙන්නෙ කොහොමද?

හොඳට නාලා ඊට පස්සෙ උණු චායි එකක් බොන ගමන් පොතක් කියවනවා. පුළුවන් නම් පුංචි ව්‍යායාමයක් හරි යෝගා හරි කරනවා. ගොඩක් වෙලාවට මට ඕනෙ සුවපහසු බ්ලැන්කට් එකකුයි, පරණ බොලිවුඩ් සිංදු ටිකකුයි තමයි. මේ පුංචි දේවල් තමයි මාව refresh කරන්නෙ.

• සම සුන්දරව තියාගන්නෙ කොහොමද?

පිරිසිදු කිරීම, තෙතමනය පවත්වා ගැනීම සහ සුරැකීමෙන්. මම මෘදු පිරිසිදුකාරකයක් පාවිච්චි කරනවා. ඊට පස්සෙ මොයිස්චරයිසර් එකක් පාවිච්චි කරනවා. අව්වට යනකොට අනිවාර්යයෙන්ම sunscreen එකක් ගානවා. Face pack දානවා. මගේ හම සුරැකීමේ ප්‍රධානම දේ වෙන්නෙ නැවුම් පළතුරු සහ මී පැණි. ඒක මම ඉගෙන ගත්තෙ අම්මගෙන්. සම සුරැකීමේදි මුහුණ ගැන විතරක් නෙමේ හිසේ සිට දෙපතුළ දක්වාම සැළකිලිමත් වෙන්න ඕනේ.

Sara Ali Khan

• ශාරීරිකව සහ මානසිකව ශක්තිමත්ව ඉන්න හැටි ගැනත් කියන්න.

මම පිලාටීස්, බර එසවීම කරනවා. ඒවා මාව ශක්තිමත්ව ක්‍රියාශීලීව තියනවා. මානසික සුවයත් හරිම වැදගත්. ඒ වෙනුවෙන් මම උපදේශන ගැනීම, ජර්නල් එකක් ලිවීම, භාවනා කිරීම වගේ දේවල් කරනවා. කවි, සංචාරය කරන එක වගේම පවුලේ අයත් ඒ සඳහා උදව් වෙනවා. ඔබ ඔබවම රැක බලාගන්න එක හරි වැදගත්.

Sara Ali Khan

• මානසිකව බිඳ වැටුණම ඒ සම්බන්ධව උපදේශන ගැනීම ඉන්දියාවෙ ගොඩක් දෙනාට ලැජ්ජාවට කාරණයක්. ඒ ගැන ඔයාගෙ අදහස් මොනවාද?

ඒක ඇත්ත. ඒත් මම නම් විශ්වාස කරන්නෙ නැහැ ඒක ලැජ්ජ වෙන්න ඕනෙ කාරණාවක් කියලා. ඒක අපේ නිරෝගීබව වෙනුවෙන් කරන්න ඕනෙ හොඳ දෙයක්. උපදේශන අපිව ශක්තිමත් කරනවා. සිරුරට ව්‍යායාම වගේ ඒක මනසට අවශ්‍ය දෙයක්. මම ඒ ගැන පුද්ගලිකවම දන්නවා. මානසික යහපැවැත්ම වෙනුවෙන් උපදෙස් ගැනීම ලැජ්ජාවට හේතුවෙක් නොවේ. මේ දේවල් සාමාන්‍ය වෙන්න ඕනෙ. ඒක හැමෝටම පහසුවක්.

Sara Ali Khan

• ඔයාගෙ Fashion ගැන කියන්න.

මම කැමතියි මටම සුවිශේෂී අනන්‍යතාවයක් ඇති කරගන්න. ඒක සම්ප්‍රදායික කුර්තාවක්, සැහල්ලු ඇඳුමක් , ක්‍රීඩා ඇඳුමක් උනත්. මම විශ්වාස කරන්නෙ ඇඳුමක් ඔබට ආත්ම විශ්වාසය සහ සුවපහසු බව ඇතිකරන්න ඕනෙ. මම විලාසිටා අත්හදා බලනවා. දීප්තිමත් කුර්තාවක් තරම් ලස්සන දෙයක් තියෙනවද? අපි සුවපහසුව ආත්ම විශ්වාසයෙන් ඉන්නව නම් අපි අනිවාර්යයෙන්ම හොඳම විලාසිතාවයි කරලා තියෙන්නෙ.

Latest news

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...

ජනපති අනුරගේ පාස්කු ඉරුදින පණිවිඩය

දුකට පත් ජනතාවගේ ගැලවීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසප්‍රාප්තියෙන් පසු මරණයේ අඳුර පරාජය කරමින් උත්ථානය...
- Advertisement -spot_img

රත් දෝතළු – 65

රත් දෝතළු - 65 මා නිසා අහස්ගේ කාර්යයන් පහසුව ඇති බව විනිෆ්‍රීඩා මහත්මිය මා සමඟ කීවාය. බොහෝ විට මම ඔහුගේ...

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව - It Was Just an Accident හැමදේකටම හේතුවක් තියෙනව. අපි අහම්බයක් කියලා හිතන දෙයක් වුණත්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you