InterviewsNatalie Portman සබඳතාවයක් තරම් වෙන හොඳ සිහින නැහැ

Natalie Portman සබඳතාවයක් තරම් වෙන හොඳ සිහින නැහැ

-

spot_img

Natalie Portman – ළාබාල වියේදීම රංගනයට අවතීර්ණ වූ ඇය සිය කුසලතාව නිසාම ජනප්‍රියත්වය සහ සාර්ථකත්වය අත්පත් කරගත්තා. ඊශ්‍රායල – අමෙරිකානු සම්භවයක් සහිත Natalie Portman රංගනයට අමතරව චිත්‍රපට නිෂ්පාදකවරියක් සහ අධ්‍යක්ෂවරියක් ලෙසින්ද කටයුතු කරනවා. දශකයකට අධික කාලයක් ඇය ලොව ප්‍රමුඛ පෙලේ සුවඳ විලවුන් වර්ගයක් වන Dior සමගින් කටයුතු කරනවා. මේ ඔවුන්ගේ නවතම සුවඳ විලවුන් වර්ගය වෙන Miss Dior Essence පිළිබඳව, Dior සහ Natalie අතර බැඳීම, ඇගේ ඉදිරි වැඩකටයුතු පිළිබඳව සිදුකළ කතාබහක්.

• ඔබ ආයෙමත් Dior එක්ක ඇවිත්. මේ අළුත් සුවඳ ගැන අපිට කියන්න.

ඒක විශිෂ්ටයි. එය පළතුරු, මල් සහ දැවමය සුවඳ මුසු කරගත් ආදරණීය, හැඟුම්බර ගැහැණු සුවඳක්.

Natalie Portman

• ඔබේ චිත්‍රපට චරිතවලින් කවුරු මේ සුවඳ විලවුන් එක පාවිච්චි කරයි කියලද ඔයාට හිතෙන්නෙ?

Jackie සහ සමහරවිට Queen Amidala වෙන්න පුළුවන්. එයාලා හරි නිර්භීත සහ පරමාදර්ශී ගැහැණුන්. ඒ වගේම ආදරණීයයි. ශක්තිමත් නායිකාවකට ආදර්ශමත් සහ ආදරණීය කියන දේවල් දෙකම තියෙන්න ඕනෙ කියලා මම හිතනවා.

• මම කෑම ගැන කතාකරන්න කැමතියි. මේ අළුත් සුවඳ පළතුරු සුවඳක්. පළතුරු අතුරුපස ගැන ඔයාගෙ නිර්දේශ මොනවද?

මමත් කෑම ගැන කතා කරන්න ආසයි. පැරීසියේ තියෙනවා Fruttini කියලා තැනක්. එතැන පලතුරු Sorbets හදනවා. අන්නාසි ඇතුලෙ අන්නාසි Sorbets. පීච් ඇතුලෙ පීච් Sorbets වගේ දේවල් ගන්න පුළුවන්. ඒක හරි ලස්සනයි. මම පොල්වලට කැමතියි.

Natalie Portman

• Sweets සුවඳ විලවුන් ලෝකයේ ඉහළ තැනක තියෙනවා. ඔයා හිතන විදිහට විශිෂ්ට සුවඳ විලවුන් බවට පත් කරන්න පුළුවන් කෑම මොනවද? සහ ඔයා ඇත්තටම අකමැති කෑම සුවඳ?

මම ලෙමන්, citrus සුවඳට ගොඩක් කැමතියි. ඇත්තටම චීස්. මං හිතන්නෙ කාටවත් චීස් සුවඳ විලවුන් එකක් ඕනෙ වෙන එකක් නැහැ !

• දශකයකට වැඩි කාලයක් Miss Dior එක්ක වැඩ කරන්න ලැබීම මොනවගේ අත්දැකීමක් ද?

වර්ධනය වීම, පරිණාමය සහ කාන්තා ජීවිතයේ විවිධ අවධීන් පෙන්වන්න ලැබීම විශිෂ්ටයි. Dior එක්ක මේ තරම් කාලයක් ඉන්න ලැබීම අපූරු දෙයක්. මට එයාලා මගෙ යාළුවො, පවුලෙ අය වගේ දැනෙනවා. ඒක උණුසුම් හැඟීමක්.

• මේ සුවඳ නව යොවුන් සහ විසි ගණන්වල ගැහැණු ළමුන්ට විශේෂ වෙන්න පුළුවන්.ඔබ මොනවද එයාලට ලබා දෙන උපදෙස්?

විනෝද වෙන්න. ඔයාට දැනෙන්න, ඔයාවම සතුටු කරන්න ඒක පාවිච්චි කරන්න.

Natalie Portman

• සමාජ මාධ්‍යවලින්, තරුණ පරම්පරාවෙන් ඔබ ඉගෙන ගත් Tricks තියෙනවද?

මගේ දුව මට නිතරම ඒ වගේ දේවල් පෙන්නනවා. එයා හැඩ ගන්වන්න දක්ෂයි. ලිප්ස්ටික් දෙකක් මිශ්‍ර කරලා කම්මුල්වලට Highlighter දාන හැටි එයා මට පෙන්නුවා. ඒ වගේ දේවල්.

• No Strings Attached පරිපූර්ණ චිත්‍රපටයක්.ඔබ නැවතත් Rom – Com වලට ආවම සතුටක් දැනුණා. Miss Dior ආදරය සහ ගැහැණුකම සමරන නිසා ඔයාගෙ ඊළඟ චිත්‍රපටය Good Sex ගැන අපිට කියන්න පුළුවන්ද?

ඒක හරිම උද්‍යෝගිමත්. මාත් ආසම Rom – Com වලට. Lena Dunham මගේ කැමතිම අධ්‍යක්ෂවරියක්. ඇයත් එක්ක වැඩ කරන්න ලැබීම වාසනාවක්. ඇය අදහගන්නත් බැරි තිර රචනයක් කරලා. Rashida Jones, Meg Ryan, Mark Ruffalo සහ Turker Pillsbury රඟපානවා. ඇත්තටම මම ඉන්නෙ රූගත කිරීම් පටන් ගන්නකං නොඉවසිල්ලෙන් .

• Rom – Com වලට ආයෙමත් හොඳ කාලයක් එයි කියල හිතෙනවා.

මාත් එහෙම බලාපොරොත්තු වෙනවා.

Natalie Portman

• ඇයි Rom – Com වැදගත් වෙන්නෙ?

අපිට ප්‍රීතිය වගේම හීන දකින්න ඕනෙ නිසා. අනිත් අය එක්ක ඇති කරගන්න සබඳතා ගැන සිහින තරම් හොඳ තව දෙයක් තියෙනවද..

• ඉදිරි වැඩ කටයුතු මොනවද?

මේ අවුරුද්දෙ මුල The Gallerist රූගත කලා. Cathy Yan අධ්‍යක්ෂණය කළේ. මමත් එක්ක Jenna Ortega, Da’ Vine Joy Randolph, Catherine Zeta Jones, sterling Brown, Zach Galifianakis රඟපානවා. විශිෂ්ටය කණ්ඩායමක්. ඒක මේ අවුරුද්දෙ අවසානෙදි හෝ ලබන අවුරුද්දෙ මුලදි එයි. අපි(මගේ සමාගම එක්ක) Arco කියලා චිත්‍රපටයක් කළා. ඒකත් මේ අවුරුද්දෙ අන්තිම එළිදක්වන්න ඉඩ තියෙනවා.

• සමුගන්න කලින් Dior ගැන කියන්න තවත් මොනවහරි තියෙනවද?

ඒක Catherine Dior හා බැඳුණ දෙයක්. Christian Dior තමන්ගෙ සහෝදරියට ගෞරව කරන්න ඇයට සහ ලෝකයට ඇය ගෙන දුන් සුන්දරත්වයට ගෞරව කරන්න ඔහු Miss Dior නිපැයුවා.

 

Harper’s Bazaar ඇසුරිනි-

Latest news

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...

ජනපති අනුරගේ පාස්කු ඉරුදින පණිවිඩය

දුකට පත් ජනතාවගේ ගැලවීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසප්‍රාප්තියෙන් පසු මරණයේ අඳුර පරාජය කරමින් උත්ථානය...
- Advertisement -spot_img

රත් දෝතළු – 65

රත් දෝතළු - 65 මා නිසා අහස්ගේ කාර්යයන් පහසුව ඇති බව විනිෆ්‍රීඩා මහත්මිය මා සමඟ කීවාය. බොහෝ විට මම ඔහුගේ...

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව - It Was Just an Accident හැමදේකටම හේතුවක් තියෙනව. අපි අහම්බයක් කියලා හිතන දෙයක් වුණත්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you