InterviewsNagarjuna අපේ පවුල අවුරුදු 85 ක් මේ ක්ෂේත්‍රයේ ඉන්නව

Nagarjuna අපේ පවුල අවුරුදු 85 ක් මේ ක්ෂේත්‍රයේ ඉන්නව

-

spot_img

Nagarjuna ගේ රංගන ජීවිතය දශක හතරකට වඩා වැඩියි. රංගනය ඔහුට පවුලෙන්ම ලැබුණ උරුමයක්. තම පියා වන Nageswara Rao ගේ අඩිපාරේ යමින් රංගනයට පිවිසි ඔහු චිත්‍රපට නිෂ්පාදකවරයෙක්, රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක් ලෙසින්ද කටයුතු කරනවා. මේ ඉන්දියාවේ සිනමාව, තම පියාගේ දැක්ම සහ ඔහුගේ චිත්‍රාගාරය පිළිබඳව ඔහු සමග සිදුකළ කතාබහක්.

• ඔබේ Annapurna Studio සහ Dolby ගැන කියන්න.

Dolby තාක්ෂණය නියෝජනය කරන්නෙ සිනමාවෙ උසස්ම තැනක්. එය සිනමාවෙ වර්තමානයත් අනාගතයත් නිරූපණය කරනවා. RRR චිත්‍රපටයෙන් ඒ බව පැහැදිලි වෙනවා. ඒක (Dolby) ජාත්‍යන්තර මට්ටමේ වැඩක්. වර්ණ, මේ හැම දෙයක්ම පැහැදිලිව, ජීවමානව තිබෙනවා.

Nagarjuna

• SS Rajamouli පවසා තිබුණා RRR චිත්‍රපටයේ වැඩකටයුතු සඳහා ජර්මනියට යන්න වුණු බවත්, මේ ආකෘතියේ නිර්මාණ ඉන්දියාවේ නිෂ්පාදනය අසීරු බවත්. චිත්‍රපට නිෂ්පාදකයෙක් විදිහට ඒ ගැන ඔබේ අදහස මොකක්ද?

ඔහු තමන්ගෙ චිත්‍රපට වෙනුවෙන් ගොඩක් මහන්සි වෙලා වැඩකරන කෙනෙක්. RRR චිත්‍රපටය ජාත්‍යන්තර තිරවල උතුරු අමෙරිකාව, ඕස්ට්‍රේලියාව, යුරෝපයේ තිරගත කරන බව ඔහු දැන සිටියා. ඔහු Avatar, Mission: Impossible වගේ (Dolby ශ්‍රේණිගත) චිත්‍රපට බලලා තිබුණා. ඔහුට ඕනෙ උනේ හොඳම දේ දෙන්න.

• Annapurna Studios වසර 50 සම්පූර්ණ කළා. ඔබේ ඉලක්ක මොනවද?

ආරම්භයේ ඉඳලම එය අභියෝගත් එක්ක ඉස්සරහට ගියා. තාත්තා එය පටන් ගත්ත දවසෙ ඉඳලා ගොඩක් අයට ඒ ගැන ප්‍රශ්න තිබුණා. එය පටන් ගැන්මෙ ඉඳලම සිනමාවේ නව මංපෙත් විවර කළා. අපි උත්සාහ කරන්නෙ සිනමාවට නව තාක්ෂණය ලබා දෙන්න. අපේ පවුල අවුරුදු 85 ක් මේ ක්ෂේත්‍රයේ ඉන්නවා. එය වර්ධනය වෙන හැටි, පරිණාමය වෙන හැටි අපි දැකලා තියෙනවා.

Nagarjuna

• චිත්‍රාගාරයේ කළ පළමු චිත්‍රපටය වුණේ ඔබේ පියා Nageswara Rao රඟපෑ Secretary (1976) චිත්‍රපටය. හයිද්‍රාබාදය තෙලිඟු චිත්‍රපට සඳහා සුදුසුම තැනක් බවට පත්වෙන්න එය බලපෑවා.

මගේ තාත්තා දූරදර්ශී කෙනෙක්. මම එතකොට එයාගෙ වැඩ කටයුතු ගැන දන්නෙ නැහැ. මම පොඩි නිසා. ඒත් එයා හම්බකෙරුව හැමදේම චිත්‍රාගාරය වෙනුවෙන් වැය කළා. එයාට අවශ්‍ය වුණේ ඒක උරුමය කරගන්න. අපිට සිනමාව සහ මාධ්‍ය විද්‍යාල තියෙනවා. ඒ හරහා ගොඩක් සිසුන් චිත්‍රපට නිෂ්පාදනය හදාරනවා.

• චිත්‍රපට නොමැතිව ඔබේ ජීවිතේ ගැන හිතන්න පුළුවන්ද?

බැහැ. චිත්‍රපට විනෝදාස්වාදය නැතිව ගෙවුණු Covid 19 කාලය ගැන හිතලා බලන්න. මිනිස්සු පිස්සු වැටෙන්න ඉඩ තිබුණා. චිත්‍රපට ඔබව වෙනත් ලෝකයකට අරන් යනවා. ඔබ වටේ සිද්ධවෙන දේවල් අමතක කරවනවා.

Nagarjuna

 

• සමහරු පවසන්නෙ 90 දශකය සිනමාවේ හොඳම කාලය බවයි. සමහරු කියන්නෙ ඒ 2000 දශකය කියලා. ඔබ මේ හැම දශකයකම වැඩ කළා. වර්තමානය ගැන මොකද හිතන්නෙ?

OTT වේදිකා තියෙන නිසා මේක අපූරු කාලයක්. අලුත් දේවල් ඉදිරිපත් කරන්න, කතන්දර කියන්න මේ හොඳ කාලයක්. ඕනම තැනකට යන්න කැමති ප්‍රේක්ෂකයන් සොයාගන්නත් පුළුවන්. තෙලිඟු සිනමාව දැන් ලොව පුරා ගිහින්. ඉන්දියාවෙ පිටත අයත් ඒවා බලනවා. මම මෙක්සිකන්, කොරියානු , දකුණු අමෙරිකානු චිත්‍රපට බලනවා. ඇත්තටම මේක චිත්‍රපට නිර්මාණයට අපූරුම කාලයක් .

• ඉන්දියානු චිත්‍රපට කර්මාන්තය මතක තියාගන්න ඕනෙ දේවල් මොනවද?

එකමුතුකම, සාමූහිකත්වය කියන්නෙ කියනවට වඩා කරන්න පහසු දේවල්. ඉන්දියානු චිත්‍රපට නිෂ්පාදකයන් තමන්ගෙ සංස්කෘතිය ගැන ආඩම්බර වෙන්න ඕනෙ. ඒකෙ මුල් බැස ගන්න ඕනේ. එය වෙනත් සංස්කෘතියක් බවට හරවන්න උත්සාහ කරන්න හොඳ නැහැ. අපි කරන්න ඕනෙ එපමණයි. ඊට පස්සෙ අපිට පුළුවන් අපිට ඕනෙ තැනකට යන්න. මොකද අපිට කියන්න ගොඩක් කතන්දර තියෙනවා.
The Hollywood Reporter India ඇසුරිනි –

Latest news

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...

ජනපති අනුරගේ පාස්කු ඉරුදින පණිවිඩය

දුකට පත් ජනතාවගේ ගැලවීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසප්‍රාප්තියෙන් පසු මරණයේ අඳුර පරාජය කරමින් උත්ථානය...
- Advertisement -spot_img

රත් දෝතළු – 65

රත් දෝතළු - 65 මා නිසා අහස්ගේ කාර්යයන් පහසුව ඇති බව විනිෆ්‍රීඩා මහත්මිය මා සමඟ කීවාය. බොහෝ විට මම ඔහුගේ...

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව - It Was Just an Accident හැමදේකටම හේතුවක් තියෙනව. අපි අහම්බයක් කියලා හිතන දෙයක් වුණත්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you