More
    InterviewsNagarjuna අපේ පවුල අවුරුදු 85 ක් මේ ක්ෂේත්‍රයේ ඉන්නව

    Nagarjuna අපේ පවුල අවුරුදු 85 ක් මේ ක්ෂේත්‍රයේ ඉන්නව

    -

    spot_img

    Nagarjuna ගේ රංගන ජීවිතය දශක හතරකට වඩා වැඩියි. රංගනය ඔහුට පවුලෙන්ම ලැබුණ උරුමයක්. තම පියා වන Nageswara Rao ගේ අඩිපාරේ යමින් රංගනයට පිවිසි ඔහු චිත්‍රපට නිෂ්පාදකවරයෙක්, රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක් ලෙසින්ද කටයුතු කරනවා. මේ ඉන්දියාවේ සිනමාව, තම පියාගේ දැක්ම සහ ඔහුගේ චිත්‍රාගාරය පිළිබඳව ඔහු සමග සිදුකළ කතාබහක්.

    • ඔබේ Annapurna Studio සහ Dolby ගැන කියන්න.

    Dolby තාක්ෂණය නියෝජනය කරන්නෙ සිනමාවෙ උසස්ම තැනක්. එය සිනමාවෙ වර්තමානයත් අනාගතයත් නිරූපණය කරනවා. RRR චිත්‍රපටයෙන් ඒ බව පැහැදිලි වෙනවා. ඒක (Dolby) ජාත්‍යන්තර මට්ටමේ වැඩක්. වර්ණ, මේ හැම දෙයක්ම පැහැදිලිව, ජීවමානව තිබෙනවා.

    Nagarjuna

    • SS Rajamouli පවසා තිබුණා RRR චිත්‍රපටයේ වැඩකටයුතු සඳහා ජර්මනියට යන්න වුණු බවත්, මේ ආකෘතියේ නිර්මාණ ඉන්දියාවේ නිෂ්පාදනය අසීරු බවත්. චිත්‍රපට නිෂ්පාදකයෙක් විදිහට ඒ ගැන ඔබේ අදහස මොකක්ද?

    ඔහු තමන්ගෙ චිත්‍රපට වෙනුවෙන් ගොඩක් මහන්සි වෙලා වැඩකරන කෙනෙක්. RRR චිත්‍රපටය ජාත්‍යන්තර තිරවල උතුරු අමෙරිකාව, ඕස්ට්‍රේලියාව, යුරෝපයේ තිරගත කරන බව ඔහු දැන සිටියා. ඔහු Avatar, Mission: Impossible වගේ (Dolby ශ්‍රේණිගත) චිත්‍රපට බලලා තිබුණා. ඔහුට ඕනෙ උනේ හොඳම දේ දෙන්න.

    • Annapurna Studios වසර 50 සම්පූර්ණ කළා. ඔබේ ඉලක්ක මොනවද?

    ආරම්භයේ ඉඳලම එය අභියෝගත් එක්ක ඉස්සරහට ගියා. තාත්තා එය පටන් ගත්ත දවසෙ ඉඳලා ගොඩක් අයට ඒ ගැන ප්‍රශ්න තිබුණා. එය පටන් ගැන්මෙ ඉඳලම සිනමාවේ නව මංපෙත් විවර කළා. අපි උත්සාහ කරන්නෙ සිනමාවට නව තාක්ෂණය ලබා දෙන්න. අපේ පවුල අවුරුදු 85 ක් මේ ක්ෂේත්‍රයේ ඉන්නවා. එය වර්ධනය වෙන හැටි, පරිණාමය වෙන හැටි අපි දැකලා තියෙනවා.

    Nagarjuna

    • චිත්‍රාගාරයේ කළ පළමු චිත්‍රපටය වුණේ ඔබේ පියා Nageswara Rao රඟපෑ Secretary (1976) චිත්‍රපටය. හයිද්‍රාබාදය තෙලිඟු චිත්‍රපට සඳහා සුදුසුම තැනක් බවට පත්වෙන්න එය බලපෑවා.

    මගේ තාත්තා දූරදර්ශී කෙනෙක්. මම එතකොට එයාගෙ වැඩ කටයුතු ගැන දන්නෙ නැහැ. මම පොඩි නිසා. ඒත් එයා හම්බකෙරුව හැමදේම චිත්‍රාගාරය වෙනුවෙන් වැය කළා. එයාට අවශ්‍ය වුණේ ඒක උරුමය කරගන්න. අපිට සිනමාව සහ මාධ්‍ය විද්‍යාල තියෙනවා. ඒ හරහා ගොඩක් සිසුන් චිත්‍රපට නිෂ්පාදනය හදාරනවා.

    • චිත්‍රපට නොමැතිව ඔබේ ජීවිතේ ගැන හිතන්න පුළුවන්ද?

    බැහැ. චිත්‍රපට විනෝදාස්වාදය නැතිව ගෙවුණු Covid 19 කාලය ගැන හිතලා බලන්න. මිනිස්සු පිස්සු වැටෙන්න ඉඩ තිබුණා. චිත්‍රපට ඔබව වෙනත් ලෝකයකට අරන් යනවා. ඔබ වටේ සිද්ධවෙන දේවල් අමතක කරවනවා.

    Nagarjuna

     

    • සමහරු පවසන්නෙ 90 දශකය සිනමාවේ හොඳම කාලය බවයි. සමහරු කියන්නෙ ඒ 2000 දශකය කියලා. ඔබ මේ හැම දශකයකම වැඩ කළා. වර්තමානය ගැන මොකද හිතන්නෙ?

    OTT වේදිකා තියෙන නිසා මේක අපූරු කාලයක්. අලුත් දේවල් ඉදිරිපත් කරන්න, කතන්දර කියන්න මේ හොඳ කාලයක්. ඕනම තැනකට යන්න කැමති ප්‍රේක්ෂකයන් සොයාගන්නත් පුළුවන්. තෙලිඟු සිනමාව දැන් ලොව පුරා ගිහින්. ඉන්දියාවෙ පිටත අයත් ඒවා බලනවා. මම මෙක්සිකන්, කොරියානු , දකුණු අමෙරිකානු චිත්‍රපට බලනවා. ඇත්තටම මේක චිත්‍රපට නිර්මාණයට අපූරුම කාලයක් .

    • ඉන්දියානු චිත්‍රපට කර්මාන්තය මතක තියාගන්න ඕනෙ දේවල් මොනවද?

    එකමුතුකම, සාමූහිකත්වය කියන්නෙ කියනවට වඩා කරන්න පහසු දේවල්. ඉන්දියානු චිත්‍රපට නිෂ්පාදකයන් තමන්ගෙ සංස්කෘතිය ගැන ආඩම්බර වෙන්න ඕනෙ. ඒකෙ මුල් බැස ගන්න ඕනේ. එය වෙනත් සංස්කෘතියක් බවට හරවන්න උත්සාහ කරන්න හොඳ නැහැ. අපි කරන්න ඕනෙ එපමණයි. ඊට පස්සෙ අපිට පුළුවන් අපිට ඕනෙ තැනකට යන්න. මොකද අපිට කියන්න ගොඩක් කතන්දර තියෙනවා.
    The Hollywood Reporter India ඇසුරිනි –

    Latest news

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...

    ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රයක්

    විදේශගතව සිට පැමිණෙන මෙරට පුරවැසියන්ට සහ ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රය ලබා දීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව...

    මොරගහකන්ද ජලාශය වාන් දැමීමට ඇති හැකියාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමක්

    අධික වර්ෂා තත්ත්වය නිසා ඉදිරියේදී මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට සිදුවීමේ සම්භාවිතාවක් පවතින බව මහවැලි අධිකාරිය පවසනවා. අද (18)...
    - Advertisement -spot_img

    මැටීගේ කපුටු ප්‍රේමය

    මැටීගේ කපුටු ප්‍රේමය සොබාදහම විටෙක ආවේගශීලී බව මම දැන සිටියෙමි. එබැවින් මම ජීවත්වුණේ ඉතා පරිස්සමිනි. පළමු වරට කූඩුවෙන් පිටවීමට...

    Blackheads ගැටළුවට විසඳුමක්

    Blackheads කියන්නෙ ගොඩක් අයට තියෙන රූපලාවන්‍ය ගැටළුවක්. මේකට වයස බලපෑමක් නැහැ. තරුණ වයසෙ ඉඳලා මැදිවිය දක්වාම ගොඩක් අය මුහුණ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page