FeaturesNadia Murad ISIS ත්‍රස්තවාදීන්ගේ ලිංගික වහලියක්ව සිටි නාදියා මුරාද් ගේ කතාව

Nadia Murad ISIS ත්‍රස්තවාදීන්ගේ ලිංගික වහලියක්ව සිටි නාදියා මුරාද් ගේ කතාව

-

spot_img

Nadia Murad – නාදියා (Nadia) එම නමේ අරුත සඳයි. තවද බලාපොරොත්තුව, අපේක්ෂාව යන නම් වලින්ද අරුත් ගන්වනවා. සැබැවින්ම ඇය දහස් ගණනකගේ සිත් තුළ නිදහසේ බලාපොරොත්තු ඇති කෙරූ සඳක්.

“මට අවශ්‍ය මගේ කතාව වගේ කතාවක් තිබෙන, මේ ලෝකෙ අන්තිම ගෑණු ළමයා බවට පත්වීමට …” ඒ ඇගේ වචන.

නාදියා මුරාද් (Nadia Murad) යනු ඉරාක මානව හිමිකම් ක්‍රියාකාරිනියකි. 2014 වසරේදී ඇය විසූ ඉරාකයේ Kocho නැමැති ගම්මානයට ඉස්ලාමීය රාජ්‍යය ත්‍රස්තවාදීන් විසින් ප්‍රහාරයක් එල්ල කරන ලදී. 600 කට අධික යිසිඩි ජනතාව ඝාතනය කෙරූ ත්‍රස්තවාදීන්, ළමුන් සහ කාන්තාවන් වහල් මෙහෙයට රැගෙන ගොස් තිබිණි. 6700 කට අධික පිරිසක් එසේ රැගෙන ගිය අතර නාදියාද එම පිරිසට අයත්වූවාය. මරා දැමුණු පිරිස අතරට ඇගේ පවුලේ සාමාජිකයින් ද අයත්විය. ත්‍රස්තවාදීන් විසින් ඇයව ලිංගික වහලියක් ලෙස ඔවුන්ගේ ග්‍රහණයේ තබා ගත් අතර, පහරදීම්, සිගරට් වලින් පුළුස්සා දැමීම් ඇතුළු වධ හිංසනවලට ඇය මුහුණ පෑවාය. ඇයව බොහෝ වාරයක් දූෂණය කර තිබිණි. මාස තුනකට පසුව ඇය ඔවුන්ගෙන් බේරී පලා යන්නට සමත්වුණේ අසල්වැසි පවුලක උපකාරයද ඇතිවයි. ත්‍රස්තවාදීන් ගේ පාලන ප්‍රදේශයෙන් පලා ආ නාදියා ඉන්පසු උතුරු ඉරාකයේ කඳවුරක් වෙත ගියාය.

Nadia Murad

2015 වසරේ පෙබරවාරියේ දී ඇය ( කඳවුරක නැවතී සිටියදීම) “බසීමා” යන අන්වර්ථ නාමයෙන් පෙනී සිටිමින් බෙල්ජියමේ දිනපතා පුවත්පතක් වූ La Libre Belgique පුවත්පතක් හා සිය අත්දැකීම් බෙදාගෙන තිබිණි. 2015 දෙසැම්බර් මස 16 වැනිදා ඇය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට (UNODC) මිනිස් ජාවාරම සහ හිංසනය පිළිබඳව හෙළිදරව් කළ අතර 2016 වසරේදී UNODC හි තානාපතිනියක ලෙස නාදියා මුරාද්ව පත් කරන ලදී. වර්තමානය වන විට ඇය තානාපතිනියක ලෙස මිනිස් ජාවාරම සහ සරණාගතයන් පිළිබඳව ලෝකය දැනුවත් කරමින් සිටී. එමෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය හා එක්ව ඇය ත්‍රස්තවාදී ග්‍රහණයෙන් මිදී දිවි ගලවාගත් ජනතාවගේ සුබසාධනය වෙනුවෙන් ද කටයුතු කරයි. මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ උදෙසා ඉස්ලාමීය රාජ්‍යය ජාත්‍යන්තර අපරාධ අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන නාදියාගේ ආරක්ෂාවට පවා තර්ජන එල්ල වී තිබෙනවා. ලිංගික හිංසනයට ලක්වී දිවි ගලවා ගත් තැනැත්තියක් ලෙස ඇය කාන්තාවන් අපයෝජන සම්බන්ධව නිහඬව නොසිට කටයුතු කිරීම අත්‍යවශ්‍ය බැව් තරයේම ප්‍රකාශ කරනවා.

Nadia Murad

Nadia Murad

2018 වසරේදී නාදියා මුරාද්ට සහ කොංගෝවේ නාරිවේද විශේෂඥ වෛද්‍ය ඩෙනිස් මුක්වේජ් හට (Dennis Mukwege) යුද්ධයේ සහ සන්නද්ධ ගැටුම්වල ආයුධයක් ලෙස ලිංගික ප්‍රචණ්ඩත්වය භාවිතා කිරීම අවසන් කිරීමට ගන්නා උත්සාහය වෙනුවෙන් නොබෙල් සාම ත්‍යාගය පිරිමනු ලැබුවා. නොබෙල් සාම ත්‍යාගය දිනාගත් ඉරාකයේ පළමු යිසිඩි ජාතික කාන්තාව වන්නේ නාදියා මුරාද්. එමෙන්ම ISIS ත්‍රස්තවාදීන්ට එරෙහි වීම වෙනුවෙන් Glamour සම්මානය, චින්තනයේ නිදහස වෙනුවෙන් Sakharov සම්මානය ඇතුළු සම්මාන රැසකින්ම ඇය පිදුම් ලැබුවා.

2017 මැයි මස තුන්වනදා ඇය ෆ්‍රැන්සිස් පාප් වහන්සේ හමුවූ අතර ත්‍රස්තවාදය අවසන් කිරීම වෙනුවෙන් උන්වහන්සේගේ සහය ඉල්ලා සිටියා. සුළු ජාතීන් වෙනුවෙන් වතිකානුව ලබා දෙන සහය වෙනුවෙන් ඈ කෘතවේදී වුණා. 2018 වසරේදී නාදියා ඉරාකයේ සින්ජාර් පෙදෙසේ වළලා තිබු බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම හා එක්ව කටයුතු කළා. 2019 වසරේදී ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව වෙනුවෙන් කටයුතු කළ ඇය, ප්‍රංශයේ ඒ වෙනුවෙන් කටයුතු කරන උපදේශක මණ්ඩලයේ සාමාජිකාවක් ලෙස කාන්තා අයිතිවාසිකම් ආරක්ෂා කරන සහ ප්‍රවර්ධනය කරන නීති සම්මත කරගැනීම සඳහා G7 සමුළුවට සහභාගී වුණා. 2019 වසරේදී ආගමික හිංසනයට පත්ව දිවිගලවා ගත් අයගේ දූත පිරිසක් ලෙස ඇය අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවූ අතර හිංසනයට පත් ජනතාව වෙනුවෙන් යමක් කරන්නැයි ඔහුගෙන් ඉල්ලා සිටියා. 2021 වසරේදී ජන සංහාරය සහ ලිංගික ප්‍රචණ්ඩත්වය වෙනුවෙන් ඉස්ලාමීය රාජ්‍යය ත්‍රස්තවාදීන්ට දඬුවම් ලබා දෙන ලෙස ඇය පැවසුවා. BBC පුවත් සේවය 2024 වසරේදී ඔවුන්ගේ BBC’s 100 Women ලැයිස්තුවට නාදියා මුරාද්වද ඇතුළත් කළා.

Nadia MuradNadia Murad

නාදියා මුරාද් සිය කතාව රැගත් The Last Girl: My Story of Captivity සහ My Fight Against the Islamic State කෘතීන් එලිදක්වා තිබේ. ජන සංහාරයෙන්,සමූහ මිලේච්චත්වයෙන් සහ මිනිස් ජාවාරමෙන් පීඩාවන්ට පත් වූ කාන්තාවන්ට සහ ළමන්ට ඔවුන්ගේ ජීවිත නැවත ගොඩනගා ගැනීම වෙනුවෙන් ඇය විසින් Nadia’s Initiative සංවිධානය ගොඩනංවා තිබේ.

 

32 හැවිරිදි නාදියා මුරාද් විවාහ වී සිටින්නේ මානව හිමිකම් ක්‍රියාකාරියෙකු වන Abid Shamdeen සමගින්.

Nadia Murad

තමාට මුහුණපාන්නට සිදුවූ දරුණු වධහිංසා, දුක් කම්කටොළු හමුවේ අධෛර්යමත් නොවී, ශක්තිමත්ව ජීවිතයට මුහුණ දෙමින් සහ නොබියව, අසාධාරණයට විරුද්ධව ලෝකයාගේ යහපත උදෙසා කටයුතු කරන නාදියා මුරාද්ගේ කතාව කාන්තා පරපුරට පමණක් නොව මුළු මහත් ලෝකයටම කියාදෙන්නේ දිරිය සම්පන්න, ආදර්ශමත් කතාවක්.

 

Latest news

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...

ජනපති අනුරගේ පාස්කු ඉරුදින පණිවිඩය

දුකට පත් ජනතාවගේ ගැලවීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසප්‍රාප්තියෙන් පසු මරණයේ අඳුර පරාජය කරමින් උත්ථානය...
- Advertisement -spot_img

ස්වර්ග සිහින

ස්වර්ග සිහින - Licorice Dreams බෙනඩික්ට් මියගියේ ස්වර්ගයට යෑමේ අපේක්ෂාවෙනි. ඔහු සාන්තුවරයෙකු නොවීය. ඔහු ඉඳහිට තම සහෝදරයා සමග මත්පැන් පානය...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you