More
    spot_img
    ArtMovie මුල්ලේරියා හටන සිනමාවට

    Movie මුල්ලේරියා හටන සිනමාවට

    -

    spot_img

    Movie – ප්‍රෞඪ ඉතිහාසයක් උරුම ශ්‍රී ලාංකිකයන්ගේ රණ ශූරයෙකු වූ ටිකිරි කුමරුගේ මුල්ලේරියාවේ සටන කේන්ද්‍ර කර ගනිමින්, ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක සනත්අබේසේකර විසින් තිරරචනය කර අධ්‍යක්ෂණය කරනු ලබන , මුල්ලේරියා හටන සිනමා පටයේ සමාරම්භක උළෙල පසුගියදා, කොටිකාවත්ත සණස උත්සවශාලාවේදී මහා සංඝරත්නය, විශේෂ ආරාධිතයින් හා කලාකරුවන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණ.

    Mulleriya Hatana MovieMulleriya Hatana MovieMulleriya Hatana MovieMulleriya Hatana Movie

    එහිදී, මෙම සිනමා සිත්තම ආලෝකමත් කරන රංගන ශිල්පීන්, ශිල්පිනියන් සඳහා තිර පිටපත් ප්‍රදානය සිදුවිය. සනත් ගුණතිලක, රන්ජන් රාමනායක, ලකීඩයස්, ශ්‍රීමාල් වෙඩිසිංහ, උද්දික ප්‍රේමරත්න, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, නදීෂා හේමමාලී, චූලක්ෂි රණතුංග, උදාරි වර්ණකුලසූරිය, පබෝධා සංදීපනී, දිනෙත් ද සිල්වා, නිරෝෂන්ඉලේපෙරුම, නිමල් පල්ලේවත්ත, රිතූ ආකර්ෂා, කැළුම් ශ්‍රී, විශ්ව ලංකා, දෙනෙත් ආකර්ෂ ඇතුළු ප්‍රවීණ සහ ජනප්‍රිය ශිල්පින් රැසකගේ රංගන දායකත්වයෙන් මෙය සිදු කෙරේ.

    Mulleriya Hatana MovieMulleriya Hatana MovieMulleriya Hatana MovieMulleriya Hatana Movie

    කැමරා අධ්‍යක්ෂණයෙන් සුජිත් නිශාන්ත, සංස්කරණයෙන් අජිත් රාමනායක, කලා අධ්‍යක්ෂණයෙන්, පසුතල නිර්මාණයෙන් හා නිෂ්පාදන සැලසුම්කරණයෙන් ධම්මික හෙවාදුවත්ත, අංග රචනයෙන් මනනුවන් රූපසිංහ, සහය අධ්‍යක්ෂණයෙන් චන්දන එදිරිසිංහ, සංගීත අධ්‍යක්ෂණයෙන් දීනේෂ් සුභසිංහද, සටන් අධ්‍යක්ෂණයෙන් සුමුදු අමල්ක සමඟින් සඳුන් පෙරේරාද, නර්තන වින්‍යාශයෙන් චන්න විජේවර්ධන, නිශ්චල ඡායාරූපකරණයෙන් අමාල් රෝශ් සමඟින් ශාන් වීන්රූ එක්වන ”මුල්ලේරියා හටන” නිෂ්පාදන සංකල්පය කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ ලේකම් අනුර සිරිවර්ධනගෙනි.

    සටහන:
    ඇන්ටන් ජේ. ප්‍රනාන්දු 
    ජායාරූප:
    අමාල් රෝශ්

    Latest news

    Bali island බෝට්ටුවක් පෙරලී සිව් දෙනෙකු මියයයි

    Bali island - ඉන්දුනීසියාවේ සුප්‍රකට සංචාරක කලාපයක් වන බාලි වෙත යමින් සිටි සංචාරකයන් රැගත් බෝට්ටුවක් ඊයේ රාත්‍රියේ (ජූලි 2)...

    CID අධ්‍යක්ෂ ධුරය ශානි අබේසේකරට

    CID - ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධුරයේ රාජකාරී අරම්භ කර තිබෙනවා. වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය...

    Paetongtarn Shinawatra තායි අගමැතිවරියගේ සේවය අත්හිටුවයි

    Paetongtarn Shinawatra - දුරකථන ඇමතුමක් මාධ්‍යයට නිකුත්වීම නිසා ඇති වූ තත්ත්වයක් හේතුවෙන් තායි අගමැතිවරිය වූ Paetongtarn Shinawatra ගේ වැඩ තහනම්...

    Kahawatte වෙඩි තැබීමකින් තරුණයෙක් මරුට

    Kahawatte - කහවත්ත, යාඉන්න ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් එක් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එහිදී තවත් තරුණයෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා...
    - Advertisement -spot_img

    Rizana A Caged Bird සෞදියේදී හිස ගසා දැමු රිසානාගේ කතාව සිනමාවට නැඟෙයි

    Rizana A Caged Bird - ජාත්‍යන්තර කීර්තියට පත් ශ්‍රී ලාංකීය චිත්‍රපට අධ්‍යක්ෂක චන්ද්‍රන් රත්නම් ගේ නවතම චිත්‍රපටය Rizana -...

    Tharu Mal Viyan තරු මල් වියන් – 08

    Tharu Mal Viyan තරු මල් වියන් පසු දින නිවාඩු දිනක් වූ බැවින් මාලකද නිවසේ විය. අංජලීට ඔහු හා කතා බහ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page