More
    NovelsMandaramen EhaMandaramen Eha - 30 මන්දාරමෙන් එහා

    Mandaramen Eha – 30 මන්දාරමෙන් එහා

    -

    spot_img

    Mandaramen Eha – ඉස්කෝලෙ මැණිකේ සිය කාමරයේ කණ්නාඩි මේසය අසළට වී හිස පීරමින් සිටියාය. සිය හිසෙහි තැන්,තැන්හි මතුව එන නර කෙස්, කලු කෙස් වලට යට කරමින් ඕ, කෙස් කළඹ සැකසුවාය. ජනේලයට නුදුරෙන් කිසිවෙකු සක්මන් කරන බවක් හැඟුනෙන් ඇය ඒ සමීපයට විත් හිස පොවා දෙපස බැලූවද කිසිවෙකු නොවිණි. යළි මේසය අසළට විත් හිඳගත්තේ වී නමුදු, පා ගැටෙන හඬක් ඇසී ඊට කන් යොමාගෙන සිටියාය.දැන් මධ්‍යම රාත්‍රියට ආසන්නය. රිදී නැන්දා කුමන විගඩමක් නටන්නේදැයි නොරිස්සුමින් ඈ කාමරයෙන් එළියට යෑමට සුපුරුදු පරිදි පියවර කීපයක් ඉදිරියට තබා ඒ පියවර කිහිපයම පසුපසට නැවතත් ඇවිද විත් කාමරයෙන් එළියට ගියාය. මුළුතැන්ගෙයත්, සිය නිදන කාමරයත් අතර කොරිඩෝවේ විදුලි පහන් දල්වද්දී දුටු දසුනෙන් ඈ තිගැස්සී ගියාය. කොරිඩෝවේ ඒ මේ අත සක්මන් කරමින් සිටියේ සිරිවර්ධන මුදළාලීය. තමා දෙස බිරාන්තව බලා සිටිනා ඉස්කෝලෙ මැණිකේ වෙතට පැමිණ සිටගත් සිරිවර්ධන මුදළාලී උපහාසය සහිත සිනහවකින් මොහොතක් ඉස්කෝලෙ මැණිකේ වෙත නෙත් යොමාගෙන සිටියේය.

    “ඉස්කෝලෙ නෝනා…”

    කෙතරම් ගාම්භීරව සිටින්නට තැත් කළද, සිරිවර්ධන මුදළාලිගේ ඒ හඬට ඉස්කෝලෙ මැණිකේ නැවතත් තිගැස්සී ගියාය.

    “තමුන් මොකද මේ අවේලාවේ…”

    වෙහෙසකින් කියාගත්තද, ඉස්කෝලෙ මැණිකේගේ හඬෙහි ප්‍රශ්න කිරීමක,විධානයක ශක්තිය ගැබ්ව තිබුණේ නැත. සිරිවර්ධන මුදළාලිගේ මුවට නැවතත් පෙර සෝපහාසය නැඟී ආවේය.

    “ඉස්කෝලෙ නෝනගෙම භාෂාව උපමාව කරගෙන කියනවනම් මං වෙලාව වේලපත්කඩයක් වගේ පරෙස්සමෙන් පාවිච්චි කරලා තමා අද මේ ඉන්න තැනට ආවේ..”

    “ඒත් දැන් මේ තමුන් ඉන්න තැන,කොහෙත්ම තමුන්ට ඉන්න සුදුසු තැනක් නෙවේ..”

    “ඇත්ත ඉස්කෝලේ නෝනා…මං මේ තැනට එන්න තිබුණු හුඟක් අවස්ථා මඟෑරගත්තා..”

    “නෑ….තමුන් මෙතනට නොඑන තැනට අපි මඟ සකස් කරා…”

    “ආන්න ඒකයි මං ආයෙම ඒ මඟ පාදාගෙන යන්නෙ…ඉස්කෝලෙ නෝනා මගේ මඟ හරස් නොකර ඉන්නවනම් තමා හොඳ..”

    “මං ජීවත්වෙලා ඉන්නකං තමුන්ට ඒක කරනෙක ලේසී නෑ..”

    “එහෙමනම් ඉස්කෝලෙ නෝනත්, මහ නිළමෙතුමා වාගෙම මැරෙන්න..”

    සිරිවර්ධන මුදළාලි සඟවාගෙන හුන් කඩුවක් එළියට ඇද ඉස්කෝලෙ මැණිකේ වෙතට ඔසවනවාත් සමඟම කෑ ගසාගෙන පැමිණි රිදී නැන්දා, සිරිවර්ධන මුදළාලිගේ හිසට වැරෙන් මෝල් ගස් පහරක් එල්ල කළාය. නහයෙනුත්,කටෙනුත් අධික ලෙස ලේ වහනය කරමින්, සිරිවර්ධන මුදළාලි කොරිඩෝව මත වැටී දඟලන්නට වූයේය.

    “රිදී නැන්දා…”

    කියා වේගයෙන් කෑ ගසමින් අවදිවූ ඉස්කෝලෙ මැණිකේ, වේගයෙන් හුස්ම ගනිමින් තප්පර කිහිපයක් සිය වියන් ඇඳ මත වාඩිවී සිටියේ එය සිහිනයක් බව වටහාගනු සඳහාය.

    සුදු මහත්තයා උදෑසන රාජකාරී සඳහා පිටත්වීමට සිය නිවසින් එළියට පැමිණියේය. ඒ වනවිටත් සූදානම් වී උද්‍යානයේ සිය යතුරුපැදිය මත සිටින ලක්මාල් දුටු සුදුමහත්තයා මොහොතක් නතරව ඇස් අයාගත්තේය.

    “සැබෑම වෙනසක්නෙ..අදහගන්නත් බෑ මේ අපේ මලයමද කියලා…”

    සිය සොහොයුරාගේ හඬින් පිටුපස බැලූ ලක්මාල් වෙනසක් නොදක්වා සිනාසුණේය.

    “දැන් ඔය සැබෑ වෙනසක් කීවේ මගේද..”

    “තමුසෙගෙ නේන්නං..දහයෙන් මෙහා ඇහැරෙන්නැති මිනිහා, උදේ අට වෙද්දි කඩේට යන්ඩ ලෑස්තිවෙනව කියන්නෙම ඉතිං ආයේ වෙනසක් තමා …”

    “දැන් ඒක වැරදිද…”

    “තාමනම් ඉතිං කියන්න තරම් වැරැද්දක් පේන්ඩ නෑ.. ව්‍යාපාර එක්ක වැරදි හැසිරීම් තියාගන්නත් හොඳ නෑ….”

    “මං මේ තාක් ව්‍යාපාර කරලා නෑ වාගෙම, වැරදියට හැසිරිලත් නෑ සුදු අයියෙ..”

    “හැබැයි ඉතිං ඒ කෙල්ල දැක්කාම කාට වුණත් වැරදි කරන්න හිතෙන එකේ ඒ හැටි වරදකුත් නෑ…”

    සුදු මහත්තයා කීයේ සිය යතුරු පැදිය මත වාඩිවෙන අතරවාරයේය. ඒ වචන කිහිපයට යතුරු පැදිය මත හුන් ලක්මාල් ඉන් බැස සිය සොහොයුරා අසළට පැමිණ සිටගත්තේය.

    “කවුද ඒ කෙල්ල..” ලක්මාල් එසේ ඇසූයේ සුදු මහත්තයාගෙනි.

    “තමුසෙගෙ අලුත් කැෂියර් නෝනා….ම්ම්ම්.. අපි ටිකක් වැදගත් විදිහට කියනවනම් ප්‍රයිවට් සෙකට්‍රි..”

    “මේවා ඕගොල්ලො බලෙන් මගෙ ඇඟේ ගහපුවා මිස, මං ඉල්ලලා ගත්තුවා නෙවේනේ සුදු අයියේ…”

    “හරි ඉතිං තමුසෙට ඒ කෙල්ලව එපානම් මට දීලා, මගේ ගාව ඉන්න කෙල්ලව තමුසෙ ගන්නවා….සුහඳ මාරුවක්…”

    “සුදු අයියෙ මේහ්…ජරා කතා කියන්නෙපා ඒ ළමයා එහෙම……”

    ලක්මාල් එකවරම කියන්නට ගිය දෙය ගිලගත්තේය. සුදු මහත්තයාගේ මුවට ජයග්‍රාහී සිනහවක් නැඟ ආයේය.

    “මට හිතුණා තමුසෙ පහුගිය කාලේ ගිරාතලානේ කරක් ගැහුවෙ නිකමටම නෙවේ කියලා…එකක් අහගන්නවා මල්ලී…තමුසෙ දන්නවනෙ පප්පගෙ හැටි..ගෙරි මස් කෑවට කමක් නෑ පුතෝ.. හැබැයි කරේ එල්ලගෙන කන්නෙපා…”

    ලක්මාල්ගේ අත,පය නළියන්නට වූයේය. සුදු මහත්තයා සිය යතුරු පැදිය පණගන්වාගෙන පිටව ගියේය. සිය දෙදරුවන්ගේ කතාබහ වෙත උඩුමහලේ සිට අවධානය යොමාගෙන සිටි සිරිවර්ධන මුදළාලී සිය ජංගම දුරකථනයෙන් කිසිවෙකු ඇමතීය.

    ශාරික සිය සේවා ස්ථානයේ දෛනික කටයුතුවල යෙදී සිටියේය. මාධවී සිය රාජකාරිය සඳහා පැමිණියේ ඒ මොහොතේය.

    “ගුඩ් මෝනිං මෙයා…”

    මාධවී එය තාලයකට ඇද කීයේ ශාරිකටය. ඔහු විශේෂිත හැඟීමකින් තොරව “මෝනිං” කියා ප්‍රතිචාර දැක්වීය.

    “ආ…පෝ..ඕඕඕ….දවසම මූසලයි අනේ…පොඩ්ඩක් කට ඇරලා ආදරෙන් කියන්ඩකෝ ගුඩ් මෝනිං කියලා බමුණෙක් වගේ කොඳුරන්නෙ නැතුව..”

    “දවසම මූසළ වෙන්නෙ වෙලාවට වැඩට ඇවිත් දවස පටන් ගත්තෙ නැතුවාම..”

    මාධවී මුවට කොමළ සිනාවක් නඟාගෙන විත් ශාරික ඉදිරියේ සිටගෙන නාභිය මතුවන්නට සාරිය සකසා, ළැම පෙනෙන්නට ඔහු වෙත පහත් වූවාය.

    “ඊයේ වගේ අදත් මාව හුරිගස්වැව හන්දියට ගිහිං දානවනම්, හෙට ඔයාටත් කලිං ඇවිත් ඔයා එනකං බලං ඉන්නවා ගුඩ් මෝනිං කියන්ඩ…”

    “අනේ මේහ්… ඕකනම් පුරුද්දට තියාගන්නෙපා හරිද.. ඔයා හිතුවද මං ටැක්සි ඩ්‍රයිවර් කෙනෙක් කියලා… මෙතන එක,එක්කෙනාව ගිහිං බස්සවන්ඩ…ඊයෙත් මේ බොස් කීව නිසයි ගිහිං ඇරලුවෙ..අනික මේ අත දික්කරා වගේ වගේ කලංකුට්ටිය හන්දියෙන් ගිරාතලානට යන්න පුළුවන් එකේ, මං මොකටද පරංගියා කෝට්ටේ ගියා වගේ ඔයාව දාලා මීගලෑව හරහා රවුමක් යන්නෙ…”

    “අපෝ ඇති..ඇති.. කියවන්නෙපා මෙතන..මං වෙනදා වගේ බස් එකේම යන්නම්…”

    නොරිස්සුමෙන් සිය කෙටි කොණ්ඩයද ගස්සාගෙන මාධවී කැෂියර් කූඩුව දෙසට ඇවිද ගියාය. ඒ සමඟම

    “ශාරික….”

    කියා වේගයෙන් කැගැසුවේය. ශාරික මුහුණ හකුළුවා නොරිස්සුමෙන් හඬ ආ දෙස බලා සිටියේය. වහා නැවත ශාරික වෙත දිව ආ මාධවී,

    “මෙහෙ එන්ඩකො ඔයාට බඩ්ඩක් පෙන්නන්ඩ..”

    කියා ශාරිකගේ අතින් ඇදගෙන කැෂියර් කූඩුව වෙත ගොස් එහි සිට වීදුරුවෙන් පාර දෙසට අත දිගුකොට,

    “දැක්කද අර බයික් එක උඩ ඉඳගෙන මේ පැත්ත බලං ඉන්න මනුස්සයා..”

    යැයි කිසිවෙකු දැක්වීය. ශාරික මවිතයට පත්වූයේ සිය මේට් වර්ගයේ යතුරුපැදිය මත හිඳගෙන කෘෂි අළෙවිහල දෙස බලා හිඳිනා කාලිංග දැකීමෙනි.

    “ඔය මනුස්සයා ඊයෙත් ඔයා මාව බස්සද්දි, හුරිගස්වැව හන්දියේ අපි දෙන්නා දිහා බලාගෙන හිටියා. අද උදේ මං බස් එකට නඟිද්දිත් එතන ඉඳං මං දිහා කන්ඩ වගේ බලං හිටියා…. දැන් මෙතන…”

    Latest news

    නුවරඑළියේ සිදු කළ පරීක්ෂාවකදී ධාවනයට නුසුදුසු වාහන 73 ක් ධාවනයෙන් ඉවත් කරේ

    නුවරඑළියේ සිදු කළ හදිසි වායු විමෝචන පරීක්ෂාවකදී, වාහන 73 ක් දින 14 ක කාලයක් සඳහා තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරීමට...

    අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනපති වෙත සිය අක්තපත්‍ර භාර දෙයි

    මෙරටට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සිය අක්තපත්‍ර භාරදී තිබෙනවා. 01 - කොළඹ...

    වැල්ලවායේ කුඩු බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට

    වැල්ලවාය ප්‍රදේශයට හොරොයින් මත්ද්‍රව්‍ය බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒ, පොලීසිය විසින් වැල්ලවාය නගරයේ සිදුකළ වැටලීමකදීයි. සැකකරු සන්තකයේ තිබී අළෙවි...

    ජනපති අනුර රටවල් කිහිපයක නායකයින් නවදිල්ලියේදී හමුවෙයි

    නවදිල්ලි නුවර පැවැත්වෙන ්ෂ ඉම්පැක්ට් 2026 සමුළුවට සහභාගිවී සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රටවල් කිහිපයක නායකයින් සමග ද්විපාර්ශ්වික...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 38

    රත් දෝතළු - 38 අහස් යනු අමුතුම අයෙකු යැයි කියා මට සිතිණි. වරෙක රළු ලෙසින් කතාබහ කළද සැනෙකින් මෘදු වන්නේ...

    Covid වසංගත සමයේ අපුරු මිතුදමක කතාවක්

    Covid වසංගත සමයේ අපුරු මිතුදමක කතාවක් - Homebound සමහර මිතුරුකම් ලේ නෑකම්වලට වඩා ප්‍රභලයි. අම්මා තාත්තටත් වඩා හදවතට සමීපයි. යහළුවෙක්ට...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page