More
    spot_img
    NewsLasantha Wickrematunge ඝාතනයට වසර 15 ක් සපිරේ!

    Lasantha Wickrematunge ඝාතනයට වසර 15 ක් සපිරේ!

    -

    spot_img

    Lasantha Wickrematunge – 1958 අප්‍රේල් 5 වනදා කොළඹ – කොටහේනේදී උපත ලද, ලසන්ත මනිලාල් වික්‍රමතුංග, ප්‍රවීන ජනමාධ්‍යවේදියෙකු, නීතීඥයෙකු, මාධ්‍ය ආයතන හිමිකරුවෙකු මෙන්ම මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකි. 2009 ජනවාරි 8 වෙනි දින ඉතා කුරිරු ලෙස මහමඟ ඝාතනය කර දමන විට ඔහු පනස් වෙනි වියෙහි පසුවිය. ඔහුගේ 15 වෙනි ගුණානුස්මරණය අද [8 වෙනි සඳුදා] බොරැල්ල කනත්තේදී සිදු කෙරිණි.

    Lasantha Wickrematunge

    කොටහේන ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ ලසන්ත වික්‍රමතුංග සිය උසස් අධ්‍යාපන කටයුතු සිදුකර ඇත්තේ මහා බ්‍රිතාන්‍යයේය. ප්‍රකට දේශපාලනඥයකු වූ හැරිස් වික්‍රමතුංග ඔහුගේ පියා වන අතර හය දෙනෙකුගෙන් යුත් පවුලේ බාලයා ඔහු විය. 1994 දී ලසන්ත වික්‍රමතුංග The Sunday Leader ඉරිදා ඉංග්‍රීසි පුවත්පත ආරම්භ කළේ ඔහුගේ සොහොයුරා වන ලාල් වික්‍රමතුංග සමඟය. 2004 වසරේදී “ඉරුදින” සිංහල ඉරිදා පුවත්පතත්, 2005 වසරේ “Morning Leader” සති මැද ඉංග්‍රීසි පුවත්පතත් ආරම්භ කළ ඔහු ලීඩර් ප්‍රකාශන ආයතනයේ කතෘ මණ්ඩල අධ්‍යක්ෂක ධුරය හෙබවිය.

    රාජපක්ෂ පාලනය දැඩිව විවේචනය කරන්නෙකු ලෙස ප්‍රකටව සිටි ලසන්ත වික්‍රමතුංග, හිටපු ජනාධිපතිවරයෙකු වූ ගෝඨාභය රාජපක්ෂ සමඟ [එවකට ආරක්ෂක ලේකම්] නීතිමය සටනකද පැටලී සිටියේය.1989 පාර්ලිමේන්තු මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කොළඹ ආසනයට තරඟ කර ඇති ඔහු, සිරිමාවෝ බණ්ඩාරනායකගේ පෞද්ගලික ලේකම්වරයෙකු ලෙස මෙන්ම වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදේශකයෙකු ලෙසද කටයුතු කොට තිබේ.

    Lasantha WickrematungeLasantha Wickrematunge

    1998 වසරේ සිය නිවසට ෂෙල් වෙඩි ප්‍රහාරයක් එල්ල කළ අවස්ථාවේ සිට මියයන තෙක්ම ජිවිත තර්ජන හා ප්‍රහාර හමුවේ නොබියව සිය මාධ්‍ය මෙහෙවර ඉටුකළ ලසන්ත වික්‍රමතුංග, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ඉන්ටග්‍රිටි සම්මානය (2000), UNESCO/Guillermo Cano World Press Freedom Prize (2009), ජේම්ස් කැමරන් අනුස්මරණ සම්මානය (2010) වැනි ජාත්‍යන්තර සම්මාන රාශියකින් පුදලද විශිෂ්ට ජනමාධ්‍යවේදියෙකි.

    News source: WIKIPEDIA

    Image Source: Maatram / News Frist

    Latest news

    Diogo Jota ජනප්‍රිය පාපන්දු ක්‍රීඩකයා රිය අනතුරකින් මරුට

    Diogo Jota - ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota ඊයේ ( ජූලි 3) මියගොස් තිබෙනවා. උතුරු ස්පාඤ්ඤයේ Cernadilla නගරයේ අධිවේගී...

    Arrested හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට

    Arrested - හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අද (04) අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව, අල්ලස් කොමිසම විසින් සිදුකළ කැඳවීමක්...

    Bali island බෝට්ටුවක් පෙරලී සිව් දෙනෙකු මියයයි

    Bali island - ඉන්දුනීසියාවේ සුප්‍රකට සංචාරක කලාපයක් වන බාලි වෙත යමින් සිටි සංචාරකයන් රැගත් බෝට්ටුවක් ඊයේ රාත්‍රියේ (ජූලි 2)...

    CID අධ්‍යක්ෂ ධුරය ශානි අබේසේකරට

    CID - ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධුරයේ රාජකාරී අරම්භ කර තිබෙනවා. වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය...
    - Advertisement -spot_img

    Tharu Mal Viyan තරු මල් වියන් – 09

    Tharu Mal Viyan තරු මල් වියන් දුරකථනය හැඬවෙන හඬින් අංජලී දුරකථනය වෙත අවධානය යොමු කළේ කරමින් සිටින රාජකාරිය අතර තුරමය....

    CID අධ්‍යක්ෂ ධුරය ශානි අබේසේකරට

    CID - ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධුරයේ රාජකාරී අරම්භ කර තිබෙනවා. වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page