More
    Artkuberaa සුවිසල් හදැති යාචකයෙකුගේ කතාව

    kuberaa සුවිසල් හදැති යාචකයෙකුගේ කතාව

    -

    spot_img

    kuberaa – අව්වත්, වැස්සත් ඔහුට හොඳහැටි හුරුය. ලැබෙන දෙයකින් කුසගිනි නිවාගත් ඔහු මහපොළොව මතම නින්දට වැටුණේ හෙට දිනක් පිළිබඳව එතරම් බලාපොරොත්තු නොමැති සැහැල්ලුවෙනි. සුවිසල් නගරයේ වෙසෙන කාටත් වඩා හොඳින් ඔහු ජීවිතයත් මරණයත් දැක තිබුණි. යාචකයෙකු වූ ඔහු දිනපතාම ජීවත්වෙන්නට ඔට්ටු වූ මිනිසුන්ගේ ජීවිත, ඔවුන්ගේ දුක දුටුවේය. යාචකයෙකු වුවද දේවා සුවිසල් හදැති මිනිසෙකි.

    kuberaa

    නීරාජ් මිත්‍රා මුම්බායි නගරයේ ජීවත්වූ සුඛෝපභෝගීත්වයම මිස වෙන කිසිවක්ම නොදන්නා මුදලට කළ නොහැක්කක් නොමැති බැව් විශ්වාස කළ, තම ධනයෙන් බලයෙන් උදම්ව සිටි අයෙකි. මේ අතර ඔහුට දුර්ලභ තෙල් සංචිතයක් පිළිබඳ අසන්නට ලැබෙන අතර එයින් තව තවත් ධනය උපයන්නට සිතන ඔහු මුම්බායේ දේශපාලඥයන්ගේ සහය පවා ඇතිව සැළසුමක් දියත් කරයි. මුදලට මිනිසුන් මිලදී ගන්නට පුරුදුව සිටි නීරාජ් මිත්‍රා මේ සඳහා යාචකයන් කණ්ඩායමක් එක් රැස්කර ගනී. දේවා ද ඉන් එක් අයෙකි. තමා නොමිනිසුන්ගේ උගුලකට හසුව ඇතිබවත් ඔවුන් අවසානයේ තමාව මරා දමන බවත් දේවාට වැටහේ. අහම්බයකින් මෙන් සමීරා නම් අතරමං වූ යුවතියද ඔහුගේ ජීවිතයට එක් වන්නේ ඒ අතරමයි.

    kuberaa

    මුදලට සියළු දේ ඉටු කරගන්නා, මනුෂ්‍යත්වය නොහඳුනන පිරිස් ගැන, ඔවුන් දුප්පතුන්ගේ සහ සමස්ථ සමාජයේම මිනිස් ජීවිත පාලනය කරමින් දුප්පතුන් සූරා කන අන්දමත් ධනය, බලය සහ දූෂණ වංචා සිදුකරන්නන් සතුව මනුෂ්‍යත්වය, සදාචාරය වැනි ගුණාංග නොමැති බවත් Kuberaa අපට පෙන්වා දෙනවා. ව්‍යාපාරික, දේශපාලනික වශයෙන් බලවතුන් කවදත් සාමාන්‍ය ජනතාව පාවිච්චි කරන අන්දම මොනතරම් ශෝචනීයද..? ආහාර, රැකියාවක්, නවාතැනක් වෙනුවෙන් මිනිසුන් කොතරම් නම් තම ජීවිතය සහ ආත්මය පාවා දෙනවාද…? මිනිසාට මූලික අවශ්‍යතාවයන් වෙනුවෙන් ජීවිතයම බිලි දෙන්නට සිදුව තිබීමේ වරද කෑදරකමින් සියල්ල තමා සතු කරගන්නා දේශපාලනය නිසාම නොවේද…? ඕනෑම බලවතෙක් මුදලට යටත් වන බවත්, ධනවත් බවේ රසය දන්නා ඔවුන් ඒ වෙනුවෙන් ඕනෑම දෙයක් සිදුකිරීමට නොපසුබට වන බවත් මේ කතාව පහදා දෙනවා. Kuberaa යනු එවැනි නොමිනිසුන්ගේ උගුලට හසුවූ මනුෂ්‍යත්වය අතින් ඔවුන්ට වඩා බෙහෙවින් උසස් වූ කසළ ගොඩක විසූ, මනුෂ්‍යත්වය මිල කළ නොහැකි බැව් දැන සිටි සුවිසල් හදැති මිනිසෙකුගේ කතාවයි.

    Latest news

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...

    ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රයක්

    විදේශගතව සිට පැමිණෙන මෙරට පුරවැසියන්ට සහ ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රය ලබා දීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව...

    මොරගහකන්ද ජලාශය වාන් දැමීමට ඇති හැකියාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමක්

    අධික වර්ෂා තත්ත්වය නිසා ඉදිරියේදී මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට සිදුවීමේ සම්භාවිතාවක් පවතින බව මහවැලි අධිකාරිය පවසනවා. අද (18)...
    - Advertisement -spot_img

    මැටීගේ කපුටු ප්‍රේමය

    මැටීගේ කපුටු ප්‍රේමය සොබාදහම විටෙක ආවේගශීලී බව මම දැන සිටියෙමි. එබැවින් මම ජීවත්වුණේ ඉතා පරිස්සමිනි. පළමු වරට කූඩුවෙන් පිටවීමට...

    Blackheads ගැටළුවට විසඳුමක්

    Blackheads කියන්නෙ ගොඩක් අයට තියෙන රූපලාවන්‍ය ගැටළුවක්. මේකට වයස බලපෑමක් නැහැ. තරුණ වයසෙ ඉඳලා මැදිවිය දක්වාම ගොඩක් අය මුහුණ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page