More
    InterviewsKeerthy Suresh - ගොඩක් දෙමව්පියන්ට ඕනෙ දරුවො වෛද්‍යවරු,ඉංජිනේරුවො කරන්න

    Keerthy Suresh – ගොඩක් දෙමව්පියන්ට ඕනෙ දරුවො වෛද්‍යවරු,ඉංජිනේරුවො කරන්න

    -

    spot_img

    Keerthy Suresh ඇය පැමිණියේ කලා පවුලකින්. එකිනෙකට වෙනස් චරිත සඳහා තම රංගන දායකත්වය ලබාදෙමින් ප්‍රේක්ෂක ආදරය දිනාගන්නට ඇය සමත්වූවා. මේ, සුරූපී මලයාලම් නිලි Keerthy Suresh සමගින් BEHIND WOODS සිදුකළ කතාබහක්.

    • ඔබ රංගනයට අවතීර්ණ වෙන්නේ ළමා කාලයේදීමයි.

    මගේ තාත්තා මලයාලම් චිත්‍රපට නිෂ්පාදකවරයෙක්. මම ඉස්කෝලෙ පහ වසර වෙනකම් අපි ජීවත්වුනේ චෙන්නායිවල. නිවාඩුවට කේරලයට යනවා. තාත්තා ඒ වෙලාවට ෆිල්ම් එකක් රූගත කරමින් ඉන්නවනං ඒකෙ පුංචි කොටස්වලට මාවත් ගන්නවා. ඒක එතරම් දෙයක් නෙමේ.

    • දෙමව්පියන් මේ ක්ෂේත්‍රයේ අය නිසා ඔබට ක්ෂේත්‍රයට පිවිසෙන්න සැලසුමක්,බලාපොරොත්තුවක් තිබුණද?

    මට රඟපාන්න ඕනකම තිබුණා. නමුත් දෙමව්පියන්ගෙ අදහස වුනේ මම අධ්‍යාපනය සම්පූර්ණ කළ යුතුයි කියන එක. රංගනයට අවතීර්ණ වෙන්න මම හදිසි වුනේ නෑ. විශ්ව විද්‍යාල අධ්‍යාපනය සඳහා මම විලාසිතා නිර්මාණකරනය තෝරාගත්තා.

    Keerthy Suresh

    • විලාසිතා නිර්මාණකරනය තෝරාගන්න හිතුනේ ඇයි?

    කේරලයේ ගොඩාක් දෙමව්පියන් තමන්ගෙ දරුවන්ව වෛද්‍යවරුන්,ඉංජිනේරුවන් කරන්න මහන්සි වෙනවා. මට සහ මගේ සහෝදරියට වෙනස් දෙයක් කරන්න ඕන වුනා. අපි චිත්‍රපට ක්ෂේත්‍රයේ නිර්මාණාත්මක පැත්ත ගැන උනන්දු වුනා.

    • විලාසිතා නිර්මාණකරනය හැදෑරීම ඔබේ රංගන ජීවිතයට ප්‍රයෝජනවත් වුනාද?

    ගොඩාක් ප්‍රයෝජනවත් වුනා. මම නිර්මාණකරුවන් සමග මගේ අදහස් බෙදාගන්නවා.

    • පිටපත් තෝරාගන්න දෙමව්පියන් උදව් කරනවද?

    ඔව්.වීරවරියක් වෙන්න මට අවශ්‍ය නෑ. මිනිස්සුන්ට දැනෙන දෙයක් කරන්න මම කැමතියි. කතාව,නළු නිළියන්,අධ්‍යක්ෂවරයා කවුද කියන දේවල් ගැන මං සැළකිලිමත් වෙනවා.

    Keerthy Suresh

    • ඔබේ මවගේ චිත්‍රපට අතරින් කැමතිම චිත්‍රපටය මොකක්ද?

    Ramayi Vayasukku Vandhuta(1980)

    • ඔබ රඟපාන්න කැමැත්තෙන් ඉන්න චරිතයක් තියෙනවද?

    මම ඒවා ගැන එච්චර හිතන්නෙ නෑ. සමහර චරිත රඟපාන්න ලැබුනම තමා මං දන්නෙ එවැනි චරිතත් තියෙනවා කියලා. Queen චිත්‍රපටයේ කන්ගනාගේ චරිතයට සහ Maryan චිත්‍රපටයේ පාර්වතීගේ චරිතයට මම කැමතියි. ඒ මම කැමති දේවල්. නමුත් මම චරිතයක් අරමුණු කරගෙන අධ්‍යක්ෂකවරුන් හා වැඩ කරන්නේ නැහැ.

    Keerthy Suresh

     

    Latest news

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...

    ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රයක්

    විදේශගතව සිට පැමිණෙන මෙරට පුරවැසියන්ට සහ ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රය ලබා දීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව...

    මොරගහකන්ද ජලාශය වාන් දැමීමට ඇති හැකියාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමක්

    අධික වර්ෂා තත්ත්වය නිසා ඉදිරියේදී මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට සිදුවීමේ සම්භාවිතාවක් පවතින බව මහවැලි අධිකාරිය පවසනවා. අද (18)...
    - Advertisement -spot_img

    මැටීගේ කපුටු ප්‍රේමය

    මැටීගේ කපුටු ප්‍රේමය සොබාදහම විටෙක ආවේගශීලී බව මම දැන සිටියෙමි. එබැවින් මම ජීවත්වුණේ ඉතා පරිස්සමිනි. පළමු වරට කූඩුවෙන් පිටවීමට...

    Blackheads ගැටළුවට විසඳුමක්

    Blackheads කියන්නෙ ගොඩක් අයට තියෙන රූපලාවන්‍ය ගැටළුවක්. මේකට වයස බලපෑමක් නැහැ. තරුණ වයසෙ ඉඳලා මැදිවිය දක්වාම ගොඩක් අය මුහුණ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page