More
    spot_img
    NewsIsrael Gaza War ගාසා තීරයේ දේශසීමාවක් විවෘත කෙරේ

    Israel Gaza War ගාසා තීරයේ දේශසීමාවක් විවෘත කෙරේ

    -

    spot_img

    Israel Gaza War ඊශ්‍රායල – පලස්තීන ගැටුම් හේතුවෙන් මසකට වඩා වැඩි කාලයක් වසා දමා තිබු ඊජිප්තුව හරහා ගමන් කළ හැකි Rafah දේශ සීමාව පළමු වතාවට සිවිල් වැසියන්ට විවෘත කර තිබේ. එය විවෘත කිරීමත් සමඟම 400 කට වැඩි සිවිල් වැසියන් පිරිසක් ගාසා තීරයෙන් පිටව ගොස් ඇති බව පලස්තීන බලධාරීහු පවසති. ඒ අතර විදේශ ගමන් බලපත්‍ර හිමියන් 335 දෙනෙකු සහ ගැටුම් වලින් තුවාල ලැබූ ගාසාහි පදිංචිකරුවන් 76 දෙනෙකුද වූ බව ඔවුන් පවසයි. නිලධාරීන්ට අනුව, භූමියෙන් පිටව ගිය අය අතර බ්‍රිතාන්‍ය සහ ඇමරිකානු විදේශ ගමන් බලපත්‍ර හිමියන්ද වූ අතර ඇමරිකානු ජනාධිපති Joe Biden පවසන්නේ මෙම දේශ සීමාව විවෘත කිරීම “දැඩි සහ හදිසි රාජ්‍ය තාන්ත්‍රිකභාවයේ” ප්‍රතිඵලයක් බවයි.

    ඔක්තෝබර් 7 වැනිදා හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලයට ප්‍රහාරයක් එල්ලකරමින් පුද්ගලයන් 239 දෙනෙකු ප්‍රාණ ඇපකරුවන් ලෙස පැහැරගෙන ගොස් පුද්ගලයන් 1,400 ක් ඝාතනය කර තිබිණි. ඊට ප්‍රතිප්‍රහාර ලෙස තමන් ගාසා තීරයට බෝම්බ හෙළීම ආරම්භ කළ බව ඊශ්‍රායලය පවසයි. ඊශ්‍රායලයේ ප්‍රතිප්‍රහාර ආරම්භ වූ දා සිට මේ දක්වා 8,700කට වැඩි පිරිසක් මියගොස් ඇති බව ගාසා තීරයේ හමාස් පාලනය කරන සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

    Source – BBC Live Updates ඇසුරෙනි- by Rushdi Abualouf from Gaza

    Photo Credits: www.bbcnews.com

    Latest news

    Sajith Premadasa ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව වැඩ බැරි ආණ්ඩුවක්

    Sajith Premadasa - නිදි මරගාතේ ‍නොසිට, රටේ නීතිය හා සාමය ස්ථාපිත කිරීමට කටයුතු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව...

    Diogo Jota ජනප්‍රිය පාපන්දු ක්‍රීඩකයා රිය අනතුරකින් මරුට

    Diogo Jota - ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota ඊයේ ( ජූලි 3) මියගොස් තිබෙනවා. උතුරු ස්පාඤ්ඤයේ Cernadilla නගරයේ අධිවේගී...

    Arrested හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට

    Arrested - හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අද (04) අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව, අල්ලස් කොමිසම විසින් සිදුකළ කැඳවීමක්...

    Bali island බෝට්ටුවක් පෙරලී සිව් දෙනෙකු මියයයි

    Bali island - ඉන්දුනීසියාවේ සුප්‍රකට සංචාරක කලාපයක් වන බාලි වෙත යමින් සිටි සංචාරකයන් රැගත් බෝට්ටුවක් ඊයේ රාත්‍රියේ (ජූලි 2)...
    - Advertisement -spot_img

    Diogo Jota ජනප්‍රිය පාපන්දු ක්‍රීඩකයා රිය අනතුරකින් මරුට

    Diogo Jota - ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota ඊයේ ( ජූලි 3) මියගොස් තිබෙනවා. උතුරු ස්පාඤ්ඤයේ Cernadilla නගරයේ අධිවේගී...

    Arrested හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට

    Arrested - හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අද (04) අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව, අල්ලස් කොමිසම විසින් සිදුකළ කැඳවීමක්...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page