India – රාජස්ථාන් හි පාසල් ගොඩනැගිල්ලක් කඩා වැටී සිදුවූ අනතුරකින් ළමුන් සිව්දෙනෙකු මියගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
එම අනතුරෙන් තවත් 17 දෙනෙකු තුවාල ලබා ඇති අතර, ඉන් කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි සඳහන් වෙන්නේ.
රජයේ පාසලක තනි මහල් ගොඩනැගිල්ලක් මෙලෙස කඩා වැටී ඇති අතර, අනතුර සිදුවන අවස්ථාවේ ගුරුවරුන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින්ට අමතරව ළමුන් 30 දෙනෙකු පමණ එහි සිට තිබෙනවා.
එම අනතුරෙන් තවත් ළමුන් කිහිපදෙනෙක් එම ස්ථානයේ සිරවී සිටින අතර ඔවුන් මුදා ගැනීම සඳහා මේ වන විට මෙහෙයුම් ක්‍රියාත්මක බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.