I fear love
පිළිගනිමි,
මා ආදරයට බිය වූවෙක් වග
ආදරයටම නොව,
ඇයට පෙම් කිරීමට..
මන්ද,
ඇය සොඳුරු අබිරහසක් වූවාය.
නොපැහැදිලි රහස් ගොන්නක් ඈ තුළ විය
ඉතින්,
මම අසමත් වීමට බිය වූයෙමි.
ඇය,
සාගරය මෙනි.
මම,
සයුරු රළට පෙම්බැඳි මුත්,
පිහිනීමට බිය වූ
කුඩා කොළුවෙක්මි.
(අමෙරිකානු ජාතික කවියෙකු වූ Christopher Poindexter ගේ කවියක් ඇසුරින් කල අනුවර්තනයකි.)