More
    InterviewsHailey Bieber එයාට මාව මතක හිටින හැඟීමක් දෙන්න ආසයි

    Hailey Bieber එයාට මාව මතක හිටින හැඟීමක් දෙන්න ආසයි

    -

    spot_img

    Hailey Bieber නිරූපිකාවක්, ව්‍යාපාරික කාන්තාවක් සහ මවක්. සුප්‍රකට වෙළඳ සන්නාමයක් වන Rhode (සම සුරැකීමේ නිෂ්පාදන) හි නිර්මාතෘවරිය ඇයයි. තම පෞද්ගලික ජීවිතය, YSL Beauty සහ විලාසිතා සන්නාමය වන Fila සමඟ කටයුතු කිරීම පිළිබඳ Harper’s Bazaar සමග පවසා සිටියා. 

    Hailey Bieber

    • මවක්, ව්‍යාපාරික කාන්තාවක් විදිහට “නිදහස” කියන දේ ඔබ හඳුන්වන්නෙ කොහොමද?

    නිදහස කියන්නෙ පුළුවන් තරම් අව්‍යාජ විදිහට මගේ ජීවිතේ ගත කරන එක සහ මේ මොහොතේ මම කරන දෙයට අවංක වීම.

    • ඔබ නිදහස් රාත්‍රියක් ගත කරන්නෙ කොහොමද? තනිවම හෝ සැමියා සමඟ රොමෑන්ටික් විදිහට ද?

    මේ හැමදේම වෙන්න පුළුවන්. සෝෆා එකට වෙලා සනීපෙට ඉඳගෙන ෆිල්ම් එකක් හරි කැමතිම වැඩසටහනක් හරි බලන එක, මිතුරියන් එක්ක එළියට යන එක හෝ ආදරේ පිරුණු රාත්‍රියක් ගත කරන එක.

    Hailey Bieber

    • අතීතයේ ඉඳලා මේ වෙනතුරු සුවඳ පිළිබඳව ඔබගෙ ආශාවන් වෙනස්වෙලා තියෙනවද? මොන විදිහේ සුවඳ වර්ගවලට ද ඔබ ආකර්ෂණය වෙන්නෙ?

    ඒ ආශාව වෙනස් වුණේ නැහැ. සුවඳ වර්ග මාව එක එක මතකයන්, අත්දැකීම් වලට ආයෙම අරන් යන එකට මම කැමතියි. මම ආදරය කරන සුවඳ විලවුන් කිහිපයක් තියෙනවා. ඉන් එකක් තමයි Libre. ඒක අපූරු සුවඳක්.

    • ඔබ Libre වෙත ආකර්ෂණය වුණේ ඇයි?

    Libre Flowers & Flames වල තියෙන්නෙ පොල්, තැඹිලි, මල් සහ වැනිලා මිශ්‍ර සුවඳක්. ඒකට ඔයාගෙ මූඩ් එක වෙනස් කරන්න පුළුවන්. මම කැමතියි දවස පුරාම තියෙන සුවඳකට .

    Hailey Bieber

    • ඔබ සුවඳ විලවුන් තෝරාගන්නේ කොහොමද? ඒවා මිශ්‍ර කරන්න කැමතිද? ඔබට ආවේණික විලවුන් වර්ගයක් තියෙනවද?

    මට හොඳයි කියලා දැනෙන ඕනම දෙයක් මම පාවිච්චි කරනවා. නැවුම් හැඟීමක් ගෙන දෙන නිසා මම කැමතියි Libre Flowers & Flames ගාන්න. මගේ මූඩ් එකට ගැළපෙන්න සුවඳ වර්ග මිශ්‍ර කරලා ගාන්නත් මම දක්ෂයි.

    • ඔබ Perfume පාවිච්චි කරන්නෙ කොහොමද?

    මම ඒවා බෙල්ලට සහ මැණික් කටුවලට ඉසිනවා. ඊට පස්සෙ සුවඳ ගොඩක් වෙලා තියෙන්න ඇඳුම් පුරා ඉසිනවා. මම ඒවා දවසෙම ළඟ තියාගෙන ඉන්නෙ. කෙනෙක් ළඟට යනකොට එයාට මාව මතක හිටින හැඟීමක් දෙන්න මම ආසයි. ඉතින් Libre Flowers & Flames මට ඒ සඳහා උදව් කරනවා.
    Hailey Bieber
    Screenshot

    • මේ සුවඳ වගේ දැනෙන නිවර්තන කලාපීය තැන්වලට කැමතියිද?

    අනිවාර්යයෙන්ම. මට රිලැක්ස් වෙන්න පුළුවන් ඕනම දූපතකට හෝ බීච් එකක නිවාඩුවකට යන්න මම ආසයි. මගේ සමට ඉර එළිය දැනෙන එකට වගේම වතුරට බැහැලා ඉන්න ලැබෙන එකට මම ගොඩක් ආසයි. ඒක මාව ප්‍රබෝධමත් කරනවා.

    • නිදහසේ ජීවත් වෙන්න සහ මතක හිටින සුවඳක් වෙන්න Libre ඔබට උදව් කරන්නෙ කොහොමද ?

    මට නම් Libre කියන්නෙම නිදහස් හැඟීමක්. නිර්භීතකම, ස්වාධීනත්වය සහ නිර්මාණශීලිත්වය තෝරා ගන්නත් ඒ දේවල් පාවිච්චි කරන්නත් Libre මාව පොලඹවනවා. හැම දවසකම මම එය ගල්වනකොට මට ඒ දේවල් අලුතින් සිහිපත් වෙනවා. මම හිතන්නෙ ඒක අපි හැමෝටම ඕනෙ කියලා.

    Latest news

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...

    ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රයක්

    විදේශගතව සිට පැමිණෙන මෙරට පුරවැසියන්ට සහ ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රය ලබා දීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව...

    මොරගහකන්ද ජලාශය වාන් දැමීමට ඇති හැකියාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමක්

    අධික වර්ෂා තත්ත්වය නිසා ඉදිරියේදී මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට සිදුවීමේ සම්භාවිතාවක් පවතින බව මහවැලි අධිකාරිය පවසනවා. අද (18)...
    - Advertisement -spot_img

    මැටීගේ කපුටු ප්‍රේමය

    මැටීගේ කපුටු ප්‍රේමය සොබාදහම විටෙක ආවේගශීලී බව මම දැන සිටියෙමි. එබැවින් මම ජීවත්වුණේ ඉතා පරිස්සමිනි. පළමු වරට කූඩුවෙන් පිටවීමට...

    Blackheads ගැටළුවට විසඳුමක්

    Blackheads කියන්නෙ ගොඩක් අයට තියෙන රූපලාවන්‍ය ගැටළුවක්. මේකට වයස බලපෑමක් නැහැ. තරුණ වයසෙ ඉඳලා මැදිවිය දක්වාම ගොඩක් අය මුහුණ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page