More
    spot_img
    ArtGothika ඔබට පිස්සු කියලා හිතන අයව විශ්වාස...

    Gothika ඔබට පිස්සු කියලා හිතන අයව විශ්වාස කරන්න එපා.

    -

    spot_img

    Gothika (2003) – “විශ්වාසය” යනුවෙන් යමක් පවතිනවාද? එසේ පවතියි නම් අපට විශ්වාස කළ හැකිවන්නේ කවුරුන්වද? අපේ සමීපතමයන්ව ද?

    නැහැ!

    තමන් විසින් තමා ගැනම විශ්වාසයෙන් කටයුතු කරනවා හැරෙන්නට අපිට අන් අය කෙරෙහි විශ්වාසය තැබිය හැකි වන්නේ නැහැ.

    තරුණ මනෝ වෛද්‍යවරියක් වුන Miranda Grey ජීවත්වුනේ Connecticut ප්‍රදේශයේ. රැකියාව නිම වීමෙන් පසුව එක්තරා රාත්‍රියක ඇය තම මෝටර් රථයෙන් නිවස වෙත පැමිණෙමින් සිටිනවා. පාර මැද තනිවම තරුණියක් සිටගෙන සිටිනු දකින Miranda ඇයව තම මෝටර් රථයේ ගැටීම වළකා ගැනීමට සිදුකරන උත්සාහයේදී Miranda ගේ රථය අනතුරට පත්වෙනවා.

    Gothika

    දිගු නින්දකට පසුව ඇය අවදිවෙනවා. ඒත්..ඒ හුරුපුරුදු තැන නම් නොවෙයි. මේ තමාට හුරුපුරුදු තම නිවසේ සුවපහසු ඇඳ නෙවේ. මේ රෝහල් වාට්ටුවක්. ඇය කලබලෙන් වටපිට බලනවා. මේ තමන් සේවය කරන මානසික රෝහලේ වාට්ටුවක්. ඇයි තමන් රැඳෙවියෙකුගේ ඇඳුමක් ඇඳගෙන ඉන්නේ? මෙන්න එනවා …ඇගේ වෘත්තිය සගයා,වෛද්‍ය Pete Grahan. ඔහු එන්නේ ඇයට ප්‍රතිකාර කරන්න.

    තමා සේවය කළ රෝහලේම රැඳෙවියෙකු ලෙසින් ප්‍රතිකාර ගන්නට ඇයට සිදුවුනේ ඇයි? චෝදනාව බරපතළ එකක්.

    Miranda Grey විසින් තම සැමියා වූ Douglas ව පොරවකින් කපා කොටා ඝාතනය කර දමා තිබුනා. ඇය මේ බැව් දැනගන්නේ වෛද්‍යවරුන්ගෙන්. නැහැ!. තමන් කොහොමද එහෙම දෙයක් කරන්නේ? ඇය ඔහුට මොනතරම් ආදරය කළාද? ඔවුන් හරිම සතුටින් ජීවත් වුනා.

    ඇය උමතුවෙන් ද?

    Gothika

    තමා රිය අනතුරකට පත් වූ ඒ රාත්‍රිය ගැන Miranda සිහි කරනවා. මෙතැන විශාල පටලැවිල්ලක්,අබිරහසක් හෝ වෙනයම් දෙයක් ඇතිවග ඇයට තේරුම් යනවා. එදා රාත්‍රියේ නෙත ගැටුන දැන් දැන් තමාගේ දෑස් ඉදිරියේ නිරතුරුවම මැවෙන ඒ තරුණිය කවුද? තමා හෝ වෙනයම් අයෙක් Douglas ව ඝාතනය කළා නම් එයට හේතුව කුමක් ද?

    ඔවුන් ඇයව රැඳෙවියෙකු කර,මෙහි සිරකොට,ආරක්ෂාව දමා ඇයට ප්‍රතිකාර ලබාදෙන්නට පටන් අරන්. ඉතින්,ඔවුන් ඇය කියන දේවල් පිළිගනියි ද?

    you can’t trust somebody who thinks you’re crazy.

    ඔබට පිස්සු කියලා හිතන අයව කොහොමටවත් විශ්වාස කරන්න එපා.

    කාන්තාවක් චිත්‍රපටයක ප්‍රධාන චරිතය වුනාම,කතාව මෙහෙයවන්නෙ ඇය වුනාම ඒකෙ තියෙනවා හරි අපූර්වත්වයක්. ඇය ඇය ගැනම පමණක් විශ්වාසය තබා පරිස්සමින් ඉදිරියට යනවා.

    Gothika (2003) ඔබ නොසිතන ආකාරයේ අවසානයක් කරා ඔබව රැගෙන යන අපූර්ව අත්දැකීමක්. Supernatural Horror /Psychological Thriller ගණයට අයත් මෙය Mathieu Kassovitz ගේ අධ්‍යක්ෂණයක්. Miranda Grey ලෙසින් Halle Berry ගේ රංගනය විශිෂ්ඨ එකක්. ඇය සමගින් Robert Downey,Penilope Cruz සහ Charles S.Dutton ඇතුළු රංගන ශිල්පීන් රැසක් රංගනයෙන් දායක වෙනවා.

    Gothika

    Latest news

    GovPay හරහා පොලිස් දඩ මුදල් ගෙවීම ආරම්භ වේ

    GovPay ශ්‍රී ලංකා පොලීසිය ඩිජිටල්කරණය කිරීමේ ව්‍යාපෘතියක් ලෙස GovPay හරහා රථවාහන වැරදි සඳහා ක්ෂණික දඩ මුදල් Online ගෙවීමේ නියමු...

    VAT සංශෝධන පනත් කෙටුම්පතට කථානායක අත්සන් තබයි

    VAT  - එකතුකළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න අද (11) සිය සහතිකය සටහන් කර...

    Allowances අස්වැසුම අද සිට

    Allowances අස්වැසුම ප්‍රතිලාභීන් සඳහා අප්‍රේල් මාසයට අදාළ දීමනාව අද (11) සිට ලබා ගැනීමට හැකි බව සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා. ඒ...

    Kiribathgoda වෙඩි තැබීමක්

    Kiribathgoda අද (11) අලුයම 2:30ට පමණ කිරිබත්ගොඩ, ගාල හන්දිය ප්‍රදේශයේදී පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා. යතුරුපැදියක් සමග...
    - Advertisement -spot_img

    Pini Muthu Palasa පිනි මුතු පලස – 60

    Pini Muthu Palasa පිනි මුතු පලස පූජිතට රසට කෑම ‍උයන්නට හැකි බව මම දැන ගත්තේ මෑතකදීය.මාළු කපන්නට ගොස් ඇඟිල්ල කැපී...

    Tooth Relic Exhibition දැඩි නීති රීති මැද 18 සිට

    Tooth Relic Exhibition - ශ්‍රී දළදා වහන්සේ වන්දනා කර ගැනීමට අවශ්‍ය කටයුතු සියල්ල මේ වන විට සූදානම් කර ඇති...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page