More
    ArtFriendship ඕනෑම නපුරක් පළවා හරින්න මිත්‍රත්වයට පුළුවන්

    Friendship ඕනෑම නපුරක් පළවා හරින්න මිත්‍රත්වයට පුළුවන්

    -

    spot_img

    Friendship – ප්‍රේමයටත් වඩා සොඳුරු යමක් මෙලොව තිබේනම්,නිසැකවම ඒ මිත්‍රත්වයයි.මිත්‍රත්වය යනු දුර්ලභ සම්පතක්. සැපතේදී මෙන්ම දුකේදීත් නොවෙනස්ව පවතින, ළඟ සිටියද, දුර ඈත සිටියද නොබිඳී පවතින බැඳීමක්. ඕනෑම නපුරක් පළවා හරින්නට එකමුතුකමට පුළුවන්. ආදරය බිය පළවා හරිනවා. මේ එවැනි කතාවක්.

    1990 වර්ෂය.Derry, Maine ප්‍රදේශය.කුණාටුවක පෙරනිමිති හඟවන තෙතබරිත අළුපැහැති වටපිටාවක්. ප්‍රීතිමත් කුඩා දැරියක් තම නිවස ආසන්නයේ බයිසිකල් පදිමින් සිටියා. තමන්ගෙ ගෙවත්තෙ අමුත්තෙක් සිටිනවා ඇය දකිනවා. මේ අමුත්තා විකටයෙක්. (Clown) ඔහු දැරියට කතාකරනවා. මොහොතක් ගතවෙනවා. තම දියණිය පෙනෙන්නට නොමැති නිසාවෙන් ඈ සෙවීමට පැමිණෙන මවට නිවස අසල තිබෙන දැරියගේ මළසිරුර හමුවෙනවා. ප්‍රදේශයේ පුස්තකාලාධිපති Mike එතැනට පැමිණෙනවා. මරණයට වග කිවයුත්තේ කවුරුන්දැයි ඔහුට ක්ෂණයකින් අවබෝධ වෙන අතර ඔහුගේ සියොලඟම භීතියෙන් කිළිපොලා යනවා.

    Friendship

    “It” ආයෙමත් ඇවිත්. කවුද මේ It?

    ආපසු පැමිණෙන Mike දුරකථන ඇමතුම් කිහිපයක් ලබාගන්නවා. It නැවත පැමිණ ඇතිවග ඇමතුමේ එහා පස සිටින්නන්ට දැනුම් දෙනවා. කුඩාකළ සිදුවූ තම සොයොයුරු Jeorge ගේ මරණය නිසාවෙන් තවමත් කම්පනයෙන් සිටින Bill, ඇදුම රෝගයෙන් පෙළෙන Eddie, සුරූපී Beverly, තරබාරු Ben, සුප්‍රකට නළු Richie සහ Stan,මයික් ගේ ඇමතුම ලැබූ සැනින් භීතියට පත්වෙනවා.ඉන් පසුව සිය ආදරණීයයන්ගේ,නිවැසියන්ගේ ආයාචනා නොතකාම නැවතත් Mike ජීවත්වන Derry වෙත පැමිණීමට සූදානම් වෙනවා. ඒ ඔවුන් ළමාවියේදී ලබාදුන් පොරොන්දුවක් ඉටු කිරීම වෙනුවෙන්. එය මීට අවුරුදු තිහකට පෙර ඔවුන් හත් දෙනා එකතුව මිත්‍රත්වයේ නාමයෙන් සිදුකළ දිවුරුමක්.

    මීට වසර තිහකට පෙර ඔවුන් සියළුදෙනාම නව යොවුන් වියට ආසන්න පාසල් සිසු සිසුවියන්. එක්තරා වැසි දිනයකදී Bill ගේ කුඩා සොහොයුරාව මරා දමා තිබුණා. Bill, Eddie සහ Ben මිතුරන්. පන්තියට අලුතින් පැමිණෙන සුන්දර Beverly ත් මේ අයට එකතුවෙන අතර Ben, Beverly ට ආදරය කළා. නමුත් ඇයගේ සිතේ හිටියෙ Bill. Ben ඒ වග දැන සිටියා,ප්‍රේමය නිසා අපේ අය වගේ රණ්ඩුකරන්න නොගිහින් ඔහු ඒ දේවල් සිනහවකින් ඉවසාගත්තා. යාළුකම් ආදරේට වඩා උතුම්. Richie සහ Stan ද මේ කණ්ඩායමට එකතුවුණා. ඊළඟට අප්‍රිකානු කොල්ලෙක් වුණූ Mike ආවා. සත් සුමිතුරන් කණ්ඩායමක්. එකටම ඉගෙනගත්,කෑව බීව,ඇවිද්ද,සෙල්ලම් කළ මිතුරන් සය දෙනෙක් සහ මිතුරියක්. හරිම ප්‍රීතිමත් අත්දැකීමක්.

    Friendship

    ප්‍රීතියක් වූයේ මිත්‍රත්වයම පමණයි. පාසලෙන් පිට,නිවස්වල හෝ සමාජයේ මේ අයටත් විවිධ ප්‍රශ්න තිබුණා. ඒව ඒ තරං ලොකු දේවල් නෙමේ වෙන්න ඇති. ඊට වඩා බරපතළ ප්‍රශ්නයක් මේ අයට තිබුණා. ඒ විටින් විට දර්ශනය වෙන බිහිසුණු විකටයෙක් සම්බන්ධ සිදුවීම්. තම කුඩා සහෝදරයා මරා දැමුවේ මේ විකටයා බැව් Bill දැනසිටියා. “It” ඔවුන් ඔහුව හැඳින්වූයේ එලෙසින්. ඉතින් මේ මිතුරු කණ්ඩායම It ව විනාශ කිරීමට තීරණය කළා. ඔවුන් එය සිදුකරයි ද?

    It යනු, ගොදුරු සොයා වසර තිහෙන් තිහට පැමිණෙන මනුෂ්‍ය නොවන සත්වයෙක්.

    එසේනම් සිදුවූයේ කුමක්ද? කුඩාවියේ දී මේ බිහිසුණු සත්වයාව විනාශ කිරීමට ඔවුන් අපොහොසත් වුණාද? නොඑසේ නම් වසර තිහකට පසුව It ආයෙමත් ගොදුරු සොයා ඇවිදින්ද?

    Friendship

    අමෙරිකානු ලේඛක Stephen King විසින් රචිත It නවකතාව ඇසුරෙන් නිමවූ It (1990) Miniseries එක අපූරු චාරිකාවක්. කතාව පුරා විහිදී ඇති සොඳුරු මිත්‍රත්වය නිසාම භීතිය පසෙකලා නැරඹිය හැකි නිර්මාණයක්.Tommy Lee Wallace ගේ අධ්‍යක්ෂණයක් වන මෙහි Tim Curry, Harry Anderson, Dennis Christopher, Annette O’ Toole, Tim Reid, John Ritter, Richard Thomas ඇතුළු රංගන ශිල්පීන් රැසක් රංගනයෙන් දායක වෙනවා.

    Latest news

    නුවරඑළියේ සිදු කළ පරීක්ෂාවකදී ධාවනයට නුසුදුසු වාහන 73 ක් ධාවනයෙන් ඉවත් කරේ

    නුවරඑළියේ සිදු කළ හදිසි වායු විමෝචන පරීක්ෂාවකදී, වාහන 73 ක් දින 14 ක කාලයක් සඳහා තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරීමට...

    අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනපති වෙත සිය අක්තපත්‍ර භාර දෙයි

    මෙරටට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සිය අක්තපත්‍ර භාරදී තිබෙනවා. 01 - කොළඹ...

    වැල්ලවායේ කුඩු බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට

    වැල්ලවාය ප්‍රදේශයට හොරොයින් මත්ද්‍රව්‍ය බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒ, පොලීසිය විසින් වැල්ලවාය නගරයේ සිදුකළ වැටලීමකදීයි. සැකකරු සන්තකයේ තිබී අළෙවි...

    ජනපති අනුර රටවල් කිහිපයක නායකයින් නවදිල්ලියේදී හමුවෙයි

    නවදිල්ලි නුවර පැවැත්වෙන ්ෂ ඉම්පැක්ට් 2026 සමුළුවට සහභාගිවී සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රටවල් කිහිපයක නායකයින් සමග ද්විපාර්ශ්වික...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 38

    රත් දෝතළු - 38 අහස් යනු අමුතුම අයෙකු යැයි කියා මට සිතිණි. වරෙක රළු ලෙසින් කතාබහ කළද සැනෙකින් මෘදු වන්නේ...

    Covid වසංගත සමයේ අපුරු මිතුදමක කතාවක්

    Covid වසංගත සමයේ අපුරු මිතුදමක කතාවක් - Homebound සමහර මිතුරුකම් ලේ නෑකම්වලට වඩා ප්‍රභලයි. අම්මා තාත්තටත් වඩා හදවතට සමීපයි. යහළුවෙක්ට...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page