More
    FeaturesFrench Wine විනාශ කිරීමට මිලියන දෙසීයක්

    French Wine විනාශ කිරීමට මිලියන දෙසීයක්

    -

    spot_img

    French Wine – නිෂ්පාදකයින්ට සහාය වීමට සහ අතිරික්ත වයින් විනාශ කිරීමට ප්‍රංශ රජය යුරෝ මිලියන 200 ක් වෙන් කර ඇති බවට වාර්තා වෙයි. එයට ප්‍රධාන හේතුව වී ඇත්තේ බොහෝ පිරිසක් Craft Beer භාවිතයට පෙලඹී ඇති නිසා වයින් සදහා තිබූ ඉල්ලුම පහළ යාමයි. අතිරික්ත නිෂ්පාදන සහ ජීවන වියදම් අර්බුදයන්ද කර්මාන්තය අඩපණ කිරීමට හේතු වි ඇත. රජය වෙන් කළ යුරෝ මිලියන 200 න් වැඩි කොටසක් සුවඳ විලවුන් සහ පිරිසිදුකාරක අවශ්‍ය නිෂ්පාදනයට අවශ්‍ය මධ්‍යසාර තොග මිලදී ගැනීම සදහා භාවිතා කෙරෙනු ඇත.

    French Wineමේ අතර අතිරික්ත නිෂ්පාදන නැවැත්වීමේ උත්සාහයක් ලෙස වයින් නිශ්පාදකයින් Olive වැනි වෙනත් නිෂ්පාදනයන් වෙත මාරු කිරීමට ද මුදල් ලබා දීමට නියමිත බවද සදහන් වේ. කර්මාන්තයට මුදල් යෙදවීමෙන් ආණ්ඩුව බලාපොරොත්තු වන්නේ, “වයින් මිල කඩා වැටීම නැවැත්වීම සහ එමගින් නව ආදායම් අවස්ථා සලසා දීමත් බව” ප්‍රංශ කෘෂිකර්ම අමාත්‍ය Marc Fesneau මහතා පැවසීය. එමෙන්ම “අනාගතය දෙස බලා පාරිභෝගිකයින්ගේ වෙනස්කම් සැළකිල්ලට ගෙන ඒ අනුව ඒවාට අනුවර්තනය විය යුතු බවද” ඒ මහතා වැඩි දුරටත් සසහන් කළේය.

    French Wine

    පසුගිය වසරේ ජූනි සිට මේ වසරේ ජූනි දක්වා ගෙවුණු අවුරුද්දක කාලයේදී, යුරෝපීය කොමිසමේ දත්ත පෙන්නුම් කරන පරිදි, ඉතාලියේ 7%, ස්පාඤ්ඤයේ 10%, ප්‍රංශයේ 15%, ජර්මනියේ 22% සහ පෘතුගාලයේ 34% පමණ වයින් පරිභෝජනය පහත වැටී ඇති නමුත්, ලොව විශාලතම වයින් නිෂ්පාදන ප්‍රදේශය වන Bloc හි නිෂ්පාදනය 4% කින් ඉහළ ගොස් තිබේ.

    -BBC News ඇසුරෙනි-

    Photo Credit: www.liquor.com / www.thelocal.com / www.sciencephoto.com

    Latest news

    නුවරඑළියේ සිදු කළ පරීක්ෂාවකදී ධාවනයට නුසුදුසු වාහන 73 ක් ධාවනයෙන් ඉවත් කරේ

    නුවරඑළියේ සිදු කළ හදිසි වායු විමෝචන පරීක්ෂාවකදී, වාහන 73 ක් දින 14 ක කාලයක් සඳහා තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරීමට...

    අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනපති වෙත සිය අක්තපත්‍ර භාර දෙයි

    මෙරටට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සිය අක්තපත්‍ර භාරදී තිබෙනවා. 01 - කොළඹ...

    වැල්ලවායේ කුඩු බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට

    වැල්ලවාය ප්‍රදේශයට හොරොයින් මත්ද්‍රව්‍ය බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒ, පොලීසිය විසින් වැල්ලවාය නගරයේ සිදුකළ වැටලීමකදීයි. සැකකරු සන්තකයේ තිබී අළෙවි...

    ජනපති අනුර රටවල් කිහිපයක නායකයින් නවදිල්ලියේදී හමුවෙයි

    නවදිල්ලි නුවර පැවැත්වෙන ්ෂ ඉම්පැක්ට් 2026 සමුළුවට සහභාගිවී සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රටවල් කිහිපයක නායකයින් සමග ද්විපාර්ශ්වික...
    - Advertisement -spot_img

    වියළි දෙතොලට සමුදෙන්න

    වියළි දෙතොලට සමුදෙන්න - Say bye to dry lips දෙතොල් වියළීම හරිම කරදරකාරී දෙයක්. වියළි දෙතොල් ඔබේ පෙනුම අවලස්සන කරනවා....

    අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනපති වෙත සිය අක්තපත්‍ර භාර දෙයි

    මෙරටට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සිය අක්තපත්‍ර භාරදී තිබෙනවා. 01 - කොළඹ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page