More
    BusinessForbes 30 Under 30 Asia 2025 අතර සිටින ශ්‍රී...

    Forbes 30 Under 30 Asia 2025 අතර සිටින ශ්‍රී ලාංකිකයන් තිදෙනා

    -

    spot_img

    Forbes 30 Under 30 Asia 2025 – Forbes සඟරාව විසින් නම් කරන ලද ආසියාවේ වයස අවුරුදු 30 න් පහළ විශිෂ්ටයන් (Forbes 30 Under 30 Asia 2025) අතරට ශ්‍රී ලාංකිකයන් තිදෙනෙක් ඇතුලත් වී තිබෙනවා.

    • නිකින් මාතරආරච්චි (Nikin Matharaarachchi)

    Nikin Matharaarachchi

     

    සමාජ මාධ්‍ය, අලෙවිකරණය සහ ප්‍රචාරණය (Social Media Marketing & Advertising) කාණ්ඩයෙන් නිකින් මේ සඳහා ඇතුලත් වී තිබෙනවා. ඔහු 2021 දී Synapse Al Labs ඇරඹුවා. මෙය Al තාක්ෂණයෙන් ක්‍රියාත්මක වන සමාජ සවන්දීමේ මෙවලමක් වූ Komon poll සමග ක්‍රියාත්මක වන සමාගමක්. මෙමගින් ව්‍යාපාර සහ අලෙවිකරණය පිළිබඳව අවබෝධයක් ලබා දෙනවා.
    • යානිකා අමරසේකර – සියගුණ (Yanika Amarasekara – Siyaguna)

    Yanika Amarasekara

    විද්‍යුත් වාණිජ්‍ය කාණ්ඩයෙන් (Retail & Ecommerce) මේ සඳහා ඇතුලත් වී ඇති ඇය 2019 දී ශ්‍රී ලංකාවේ පළමු මාර්ගගත විවාහ ලියාපදිංචි කිරීමේ ආයතනය වන Silve Aisle ඇරඹුවා. එමගින් මංගල ත්‍යාග, භෝජන, උත්සව අවස්ථා සඳහා ත්‍යාග, නිවාඩු පැකේජ වැනි දේ ලබා ගැනීමට පුළුවන. 2023 වසරේදී ශ්‍රී ලංකාවේ විශාලතම මූල්‍ය සමාගමක් වන LB Finance හි අධ්‍යක්ෂකවරියක් ලෙස ඇයව පත් කළා.
    • චරිත් එන් සිල්වා (Charith N Silva)

    Charith N Silva

     

    කලාව, විලාසිතා සහ කෑම බීම (The Arts – Art & Style, Food & Drink) අංශයෙන් ඇතුලත් වී ඇති චරිත් එන් සිල්වා 2020 කොවිඩ් වසංගත අවධියේදී Wild Cookbook යූටියුබ් චැනලය ඇරඹුවා. මේවන විට ශ්‍රී ලංකාවේ ජනප්‍රියම යූටියුබ් චැනලය වන Wild Cookbook මිලියන 10 කට අධික ග්‍රාහකයන් පිරිසක් සිටින යූටියුබ් චැනලයකි. චරිත් එන් සිල්වා 2024 නොවැම්බර් මසදී කොළඹ නගරයේ Wildish නමින් අවන්හලක් ද විවෘත කළා.

    Forbes ඇසුරිනි –

    Latest news

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...

    ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රයක්

    විදේශගතව සිට පැමිණෙන මෙරට පුරවැසියන්ට සහ ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රය ලබා දීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව...

    මොරගහකන්ද ජලාශය වාන් දැමීමට ඇති හැකියාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමක්

    අධික වර්ෂා තත්ත්වය නිසා ඉදිරියේදී මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට සිදුවීමේ සම්භාවිතාවක් පවතින බව මහවැලි අධිකාරිය පවසනවා. අද (18)...
    - Advertisement -spot_img

    මැටීගේ කපුටු ප්‍රේමය

    මැටීගේ කපුටු ප්‍රේමය සොබාදහම විටෙක ආවේගශීලී බව මම දැන සිටියෙමි. එබැවින් මම ජීවත්වුණේ ඉතා පරිස්සමිනි. පළමු වරට කූඩුවෙන් පිටවීමට...

    Blackheads ගැටළුවට විසඳුමක්

    Blackheads කියන්නෙ ගොඩක් අයට තියෙන රූපලාවන්‍ය ගැටළුවක්. මේකට වයස බලපෑමක් නැහැ. තරුණ වයසෙ ඉඳලා මැදිවිය දක්වාම ගොඩක් අය මුහුණ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page