More
    spot_img
    NewsDrugs කෝටි 80ක මත්ද්‍රව්‍ය තොගයක් සොයාගනී

    Drugs කෝටි 80ක මත්ද්‍රව්‍ය තොගයක් සොයාගනී

    -

    spot_img

    Drugs – කොටිකාවත්ත, නාගහමුල්ල ප්‍රදේශයේ නිවසක තිබූ රුපියල් කෝටි 80කට ආසන්න වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබෙනවා. ඒ, එම නිවස මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යන බවට මාලඹේ පොලීසියට ලද තොරතුරක් මත සිදුකල වැටලීමකදීයි.

    ඒ අනුව එම නිවසේ තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 13යි ග්‍රෑම් 372ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 3යි ග්‍රෑම් 580ක් සොයාගත් බවයි පොලීසිය පැවසුවේ. අදාළ නිවස පරික්ෂා කිරීමේදී කාමරයක් තුළ ගමන් මල්ලක බහා තිබූ එම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන තිබෙනවා. හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය පාර්සල් 13ක සහ අයිස් මත්ද්‍රව්‍ය තොගය පාර්සල් 2ක් තුළ අසුරා තිබූ බවයි පොලීසිය පැවසුවේ.

    නිවසේ සිටි පුද්ගලයෙකු ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරු ප්‍රශ්න කිරීම්වලදී, ඔහු විසින් මහර ප්‍රදේශයේ ‘මොරින්’ නැමති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුකුගේ නමක් සඳහන් කළ බව පොලීසිය පැවසුවා. ඒ අනුව වැඩිදුර විමර්ශන සිදු කිරීම සඳහා සැකකරු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබා ගන්නා බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

    Latest news

    Paetongtarn Shinawatra තායි අගමැතිවරියගේ සේවය අත්හිටුවයි

    Paetongtarn Shinawatra - දුරකථන ඇමතුමක් මාධ්‍යයට නිකුත්වීම නිසා ඇති වූ තත්ත්වයක් හේතුවෙන් තායි අගමැතිවරිය වූ Paetongtarn Shinawatra ගේ වැඩ තහනම්...

    Kahawatte වෙඩි තැබීමකින් තරුණයෙක් මරුට

    Kahawatte - කහවත්ත, යාඉන්න ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් එක් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එහිදී තවත් තරුණයෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා...

    Bus drivers බස් රථ රියදුරන් ආසන පටි පැළඳීමේ නීතිය අද සිට

    Bus drivers - බස් රථ රියදුරන් ආසන පටි පැළඳීමේ නීතිය අද (01) සිට අනිවාර්යය බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව...

    Passes away හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි

    Passes away - හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඔහු 82 වියේ පසු වුණා. වසර ගණනාවක් පාර්ලිමේන්තු...
    - Advertisement -spot_img

    Bus drivers බස් රථ රියදුරන් ආසන පටි පැළඳීමේ නීතිය අද සිට

    Bus drivers - බස් රථ රියදුරන් ආසන පටි පැළඳීමේ නීතිය අද (01) සිට අනිවාර්යය බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව...

    Passes away හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි

    Passes away - හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඔහු 82 වියේ පසු වුණා. වසර ගණනාවක් පාර්ලිමේන්තු...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page