More
    FeaturesDonilaye AmmeDonilaye Amme - 19 දෝණිලයෙ අම්මේ

    Donilaye Amme – 19 දෝණිලයෙ අම්මේ

    -

    spot_img

    Donilaye Amme – පහුගිය දවසක ලියනාර්ඩෝ ගැන උගන්නන්න ගිහිං දෝණිලා දෙන්න “ටයිනැනික්” ෆිල්ම් එක බැලුවා කියලා දෝණිලයෙ අම්මට යකා ආරූඪ වෙලා හිටියෙ.

    “හරි ඔයා ටයිනැනික් බැලුවෙ අවුරුදු කීයෙන්ද..”

    මං එහෙම අහද්දි දෝණිලයෙ අම්මා මං දිහා බැලුවෙ මූණ නරක් කරගෙන.

    “දැන් ඒකද මෙතන ප්‍රශ්නෙ..?”

    “දැන් මොකක්ද එතකොට ප්‍රශ්නෙ..?”

    “ප්‍රශ්නෙ ඔයාගේ ඔය පණ්ඩිතකම් හින්දා මට මේ ළමයි දෙන්නා හදාගන්න බැරි එක…”

    “හදන්න මොනාද දැන් ඒ ළමයි දෙන්නගෙ නරක් වෙලා තියෙන්නේ..අනික ඔය ෆිල්ම් එක මං බලද්දි සාමාන්‍ය පෙළවත් ලියලා නෑ….ඒ කාලේ තිබ්බේ වී.එච්.එස්..ඒ කියන්නෙ ඔයා බලන්න ඇත්තෙ ඊටත් අඩු වයසකින් නේද…?”

    ඒකටනම් දෝණිලයෙ අම්මයෙ මූණ රතුවුණා.

    “දැන් පුළුවන් නම් අපි දෙන්නා ඒක බලපු වයසයි..බලපු හැටියි ගිහිල්ලා අර ළමයි දෙන්නට කියන්න..අනේ මන්දා සුරංග..මටනම් තේරෙන්නෑ ඔයාගේ වැඩ…”

    දෝණිලයෙ අම්මා කේන්තියෙන් කුස්සිය පැත්තට ගියා. දෝණිලයෙ අම්මට විතරක් නෙවේ. අපේ හුඟක් දෙමව්පියන්ට නොතේරෙන්නෙ ඒක. අපි දරුවන්ගේ වයස පහු කරලා ආපු විදිහ අමතක කරලා තමා දරුවන්ට උපදෙස් දෙන්නේ. අපිට අමතක වෙන දේ තමා අපේ දරුවො එදාට වඩා සමාජයට විවෘතයි සහ තොරතුරු වලින් යාවත්කාලීනයි කියනෙක. අපිට අයිතියක් නෑ ඒ “අප්ඩේට්” ළමාවිය සහ තරුණවිය “රෙඩිමේඩ්” කරන්න. දරුවන්ගෙන් ලෝකේ ඇත්ත හංගන්න,හංගන්න උන්ට ඒ ගැන තියන කුතුහලය වැඩිවෙනවා. කුතුහලය පිරෙන්න,පිරෙන්න උන්ට ඒක අත්විඳින්න ඕනේ වෙනවා. උන්ගෙ කුතුහලයට වැට බඳින්න,බඳින්න උන් ඒක වෙනත් මාර්ග වලින් හොයන්න,විඳින්න ගන්නවා. විශේෂයෙන්ම ආසියාතික දෙමව්පියන්ට වැරදුණු තැන එතන. තමන් කාලයක විඳපු දෙයක් දරුවො විඳිනවට තියන බය, එක අතකින් කුහකකමක්. දෙමව්පියො හිතනවනම් හැමදේම ඉගෙනගන්න පුළුවන් පෙළපොත් වලින් විතරයි කියලා ඒක තනිකර මෝඩකමක්.

    “තාත්තේ..”

    චූටී එකී ඇවිත් මං ළඟ ඇඹරෙනවා. මං ඒකීව අරං සැටියෙ පැත්තක වාඩි කෙරෙව්වා.

    “ඇයි පැටියෝ…”

    “මට අර ටයිනැනික් ෆිල්ම් එක බලන්නෝනේ..”

    “ඇයි එදා අක්ක එක්ක බැලුව නේද..”

    “භාගයයි බැලුවෙ අම්මා ලැප් එක ඕෆ් කරානේ..”

    “කෝ දැන් අක්කා…”

    “කාමරේ ඉන්නවා…”

    “ඔයා ගිහිං අක්කවත් එක්ක එන්නකෝ…”

    මං කියලා ඉවර වෙන්නත් කලිං චූටී එකී කාමරේට දුවලත් ඉවරයි. මං පොඩ්ඩක් හිමීට කුස්සිය පැත්තට ඔලුව දාලා බැලුවෙ දෝණිලයෙ අම්ම කොහෙද කියලා. එයා ෆෝන් එකෙන් නාට්‍යයක් බල,බලා කෑම හදනවා. මං හිමීට සාලෙට එනකොට චුටී එකී අක්කවත් අතින් ඇදගෙන සාලෙට ඇවිල්ලත් ඉවරයි. මං අතින් කීවා දෙන්නටම එළියට යමු කියලා.

    “ඈං ලොකු ළමයො…මොනාද එදා අර ලියනාර්ඩෝ කියන හාදයා ගැන හොයාගත්තෙ..”

    මං කතාව පටං ගත්තෙ සේපාලිකා ගහ යට බංකුවෙ ඉඳගන්න ගමං. ලොකු එකී, චූටී කෙල්ල දිහා බැලුවෙ කේළමක් හගිස්සන්න ආවා වගේ අරෝවකින්.

    “මෙයා තමා කීවේ ෆිල්ම් එක බලමු කියලා…දැන් ඒකත් මගේ පිටිං දැම්මද..”

    “හරි ළමයෝ…මං දැන් එන්න කීවේ කේළමක් හගිස්සන්න නෙවේනේ..එදා මොනාද ඔයාලා දෙන්න ඒ ගැන ඉගෙනගත්තෙ කියලා අහලා මටත් දැනගන්න..”

    දෙන්නට දෙන්න මූණෙන්,මූණ බලාගත්තා කියන්නෙ ආයෙ ඉතිං ඒකේ අහන්න දෙයක් නෑනේ.

    “පේනවනෙ පැටියෝ…අම්මා ලැප් එක ඕෆ් කරපු එකේ වරදක් නෑනේ..අම්මා හිතන්නැති මං ඔයාලට ෆිල්ම් බලන්න කීවා කියලා…”

    “ඉතිං ඒ ෆිල්ම් එක ලස්සනයිනෙ තාත්තෙ..”

    “ඔව් පුතේ..ෆිල්ම් එක ලස්සනයි..හැබැයි ඔයා දන්නවද ඒ ෆිල්ම් එක හදලා තියෙන්නේ දැනට අවුරුදු සීයකට එකසිය විස්සකට විතර කලිං සිද්ධ වෙච්චි බොහොම දුක හිතෙන ඇත්ත සිද්ධියකින් කියලා…”

    “නෑනේ..”

    පොඩි එකීගේ කට ඇරුණේ ඉබේටම. මං ලොකු කෙල්ල දිහා බැලුවෙ “දැක්කද” කියනෙක අහන්නැතුව. ඒකී බිම බලාගත්තෙ වරදකාරී හැඟීමෙන්.

    “ටයිටැනික් කියන්නේ බ්‍රිතාන්‍ය සමාඟමක් හදපු ඒ කාලේ තිබුණු විශාලතම සුඛෝපභෝගී මඟී නෞකාවක්…ඒකේ පළවෙනි සංචාරය තිබුණේ ඇමරිකාවට..මඟීන් 2200 කට ආසන්න ප්‍රමාණයක් එක්ක නැව පිටත්වුණා. ..අත්ලන්තික් සාගරයෙදි අයිස් කුට්ටියක හැපිලා නැව සම්පූර්ණයෙන්ම මුහුදේ ගිලෙනවා. ..නැවේ හිටපු අයගෙන් 1500කට ආසන්න මඟීන් ප්‍රමාණයක් මැරෙනවා…”

    චූටී එකීගේ ඇස්වලින් කඳුළු එළියට පනින්න ඔන්න,මෙන්න වගේ. මං ඒකීගේ ඔලුව අතගාන ගමං ලොකු ළමයා දිහත් ආදරෙන් බැලුවා. ඒකී මං දිහා සමාව ඉල්ලන බැල්මක් දැම්මා.

    “ලොකු ළමයා අහලා තියනවා නේද “නැව ගිලුනත් බෑන්ඩ් චූන්” කියලා ජනප්‍රිය කියමනක් තියනවා. ..ඒක හැදිලා තියෙන්නේ ඔය ටයිනැනික් නැව මුහුදුබත් වෙච්චි සිද්ධියත් එක්ක කියලා කතාවක් තියනවා..”

    “අනේ තාත්තෙ ඒ කතාවත් කියන්නකෝ…”

    චූටී එකී එහෙම කිව්වෙ ලොකු උනන්දුවකින් මගේ ඇඟට හේත්තු වෙන ගමං.

    “නැව ගිලෙන බවත්,තමන් මැරෙන බවත් දන්න මිනිස්සු මානසිකව කොච්චර පීඩනේක ඉන්න ඇද්ද…? ඒක අවබෝධ කරගත්තු නැවේ හිටපු සංගීත කණ්ඩායම නැව මුහුදට ගිලා බහින තුරුම නොකඩවා සංගීතය වාදනය කරාලු…පස්සෙ ඒක හාස්‍යයටත් එක්ක “නැව ගිලුනත් බෑන්ඩ් චූන්” කියලා අපි හදාගත්තට..ඒක යටත් කොච්චර දුකක් තියෙන්න ඇත්ද..”

    දැන් දෙන්නගෙ කිසිම හාවක්,හූවක් නෑ.

    “ඒ ෆිල්ම් එකේ රඟපාපු ප්‍රධාන නළුවගෙ නම තමා ලියර්නාඩෝ ඩී කැප්‍රියෝ කියලා ඔය අක්ක කීවේ පුතේ..අනිත් කෙනා ඉතාලි ජාතික චිත්‍ර ශිල්පියෙක් වන ලියනාර්ඩෝ ඩා වින්චි..ඒ දෙන්නා එක්කෙනෙක් නෙවේ පුතේ දෙන්නෙක්… ඔයාලා දන්නවද ඩාවින්චි ඇඳපු ලෝක ප්‍රසිද්ධම චිත්‍රය මොකක්ද කියලා..?”

    ආයෙත් දෙන්නට දෙන්නා මූණ බලාගත්තා.

    “මොනාලිසා තමා ඒ චිත්‍රය..අදටත් ඒක ප්‍රංශයේ ලූවර් කෞතුකාගාරයෙ තියනවලු..වටිනාකම ඩොලර් මිලියන 850කට වඩා වැඩිලු දැන්..”

    “ඒකනෙ මං කීවෙ නංගී මේ දෙන්නගෙ සම්බන්ධයක් නෑ කියලා…”

    ලොකු කෙල්ල කීවේ ජයග්‍රාහී කටහඬකින්.

    “සම්බන්ධයක් තියනවා ලොකු ළමයා…ඒක මං කියවපු කතාවක්..”

    ආයෙත් දෙන්නම ඇස් ලොකු කරගත්තා.

    “ඔය ටයිනැනික් එකේ නළුවා ලැබෙන්න ඉද්දි එයාගේ අම්මා ඩාවින්චිගෙ චිත්‍ර බලන්න ඉතාලි ගිහිං තියනවලු. ඒ චිත්‍ර බල,බල ඉද්දි තමා ඉස්සෙල්ලාම මෙයා අම්මගෙ බඩ ඇතුලෙ දඟලනවා ඒ අම්මට දැණිලා තියෙන්නෙ..අර අපි කියන්නෙ බඩට පයින් ගහනවා කියලා…”

    “අනේහ්..ඉතිං තාත්තෙ..”

    “ඉතිං ඒ සිදුවීම නිසාම එයාගේ අම්මා ඒ නළුවට අර “මොනාලිසා” චිත්‍රය ඇඳපු ලියනාර්ඩෝ ඩා වින්චිගෙ නමේ මුල් කෑල්ල “ලියනාර්ඩෝ” කියලා තිබ්බලු..”

    දෙන්නගෙම ඇස් අමුතු ප්‍රබෝධයකින් දිලිසුණා මං දැක්ක. ඒත් එක්කම මගේ ඇහැ ගියේ සාලෙ ඉඳලා අපේ කතාවට කන් දීගෙන හිටපු දෝණිලයෙ අම්මා හීන් සීරුවෙ කුස්සිය දිහාට යනවා.

    “ෆිල්ම් හදනකොට තනිකරම ඇත්ත කතාවෙන් යන්න බෑ…ඒවා නිර්මාණාත්මකව වෙනස් කරනවා. ..ඇත්ත සිද්ධියේ පදනම තමා බොහෝ දුරට ගන්නේ..ඒකනෙ ෆිල්ම් එක යද්දි “Based on true story” එහෙම නැත්තං “සත්‍ය කතාවක් පාදක කරගෙන” කියලා දාන්නෙ…ඔය ටයිටැනික් ෆිල්ම් එකට වුණත් එහෙම එකතුවෙච්චි ඒවා ඇති. හැබැයි පදනම් කතාව හරියට දැනගෙන ෆිල්ම් එකක් වුණත් බැලුවොත් තමා ගොතපු කතා අහුවෙන්නේ..”

    “අනේ තාත්තෙ අපි ඒ ෆිල්ම් එක බලමුකෝ…”

    චූටී එකී ආයෙ කෙඳිරි ගාන්න ගත්තා. ලොකු එකී අපහසුවෙන් වගේ මං දිහා බැලුවා.

    “ෆිල්ම් බලන්න බැරියැ හිමීට දැන් තුන් කට්ටුව තේ ටිකක් බීලා ඉන්නකෝ…තාත්තණ්ඩිගෙ කතන්දර අහලා මහන්සිත් ඇතිනේ..”

    දෝණිලයෙ අම්මා තේ බන්දේසියකුත් අරං අපි ළඟ. තේ එකනම් මේ වෙලාවෙ ටයිටැනික් වලට වඩා රසවත් තමා.

    “ලොකූ..තේ බීලා ගිහිං නංගිත් එක්ක අර කාමරේ අස් කරලා දා න්න..ඒක හොඳටම හැඩි වෙලා…”

    කෙල්ලො දෙන්නා තේ දෙකත් අරං කාමරේ පැත්තට ගියා. දෝණිලයෙ අම්මා බංකුවෙ පැත්තක වාඩිවුණේ කට කොනක පොඩි හිනාවකුත් තියාගෙන.

    “මේහ්..මටත් තියනවා පොඩි කතාවක් “Based on true story” කියන්නද..?”

    “ඒ මොකක්ද අප්පේ..?”

    “මතකද ලොකූ හම්බෙන්න ඉද්දි දවසක් ඇඳේදී ඔයාගෙ පයින් පාරක් මගෙ බඩේ වැදිලා මාව ඉස්පිරිතාලෙ අරං යන්න වුණා….කොල්ලෙක් හම්බවුණා නම් “සුරා” කියලා දාන්න තිබ්බා නේහ්..ඔයාගෙ ඒ පයිං පාර මතක් වෙන්න..”

    මෙන්න මේ වගේ වෙලාවට තමා ඉතිං ගෑණිට පයිං පාරක් අනින්න හිතෙන්න ඉස්පිරිතාලෙ නවතින්න. ඇයි යකෝව් මෙහෙමත් true story මතක් කරනවද.

    Latest news

    නුවරඑළියේ සිදු කළ පරීක්ෂාවකදී ධාවනයට නුසුදුසු වාහන 73 ක් ධාවනයෙන් ඉවත් කරේ

    නුවරඑළියේ සිදු කළ හදිසි වායු විමෝචන පරීක්ෂාවකදී, වාහන 73 ක් දින 14 ක කාලයක් සඳහා තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරීමට...

    අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනපති වෙත සිය අක්තපත්‍ර භාර දෙයි

    මෙරටට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සිය අක්තපත්‍ර භාරදී තිබෙනවා. 01 - කොළඹ...

    වැල්ලවායේ කුඩු බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට

    වැල්ලවාය ප්‍රදේශයට හොරොයින් මත්ද්‍රව්‍ය බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒ, පොලීසිය විසින් වැල්ලවාය නගරයේ සිදුකළ වැටලීමකදීයි. සැකකරු සන්තකයේ තිබී අළෙවි...

    ජනපති අනුර රටවල් කිහිපයක නායකයින් නවදිල්ලියේදී හමුවෙයි

    නවදිල්ලි නුවර පැවැත්වෙන ්ෂ ඉම්පැක්ට් 2026 සමුළුවට සහභාගිවී සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රටවල් කිහිපයක නායකයින් සමග ද්විපාර්ශ්වික...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 38

    රත් දෝතළු - 38 අහස් යනු අමුතුම අයෙකු යැයි කියා මට සිතිණි. වරෙක රළු ලෙසින් කතාබහ කළද සැනෙකින් මෘදු වන්නේ...

    Covid වසංගත සමයේ අපුරු මිතුදමක කතාවක්

    Covid වසංගත සමයේ අපුරු මිතුදමක කතාවක් - Homebound සමහර මිතුරුකම් ලේ නෑකම්වලට වඩා ප්‍රභලයි. අම්මා තාත්තටත් වඩා හදවතට සමීපයි. යහළුවෙක්ට...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page