FeaturesDonilaye AmmeDonilaye Amme - 06 දෝණිලයෙ අම්මේ

Donilaye Amme – 06 දෝණිලයෙ අම්මේ

-

spot_img

Donilaye Amme – 06 දෝණිලයෙ අම්මේ

ඔෆීස් එකේ ඉඳලා දුවගෙනම ආවත් අටයි දහයෙ ට්‍රේන් එක අල්ලගන්න බැරිවුණා. ගෙදර එද්දි දහයත් පහුවුණේ ඒකයි. චූටි එකීට බූන්දි ගේනවා කියලා පොරොන්දු වෙලයි උදේ ගෙදරින් එළියට බැස්සේ. කෙල්ල නිදිද දන්නෙත් නෑ කියලා හිත,හිතාමයි සාලෙට අඩිය තිබ්බේ. ඒත් තිබ්බ අඩිය එහෙමම උස්සාගෙන පස්සට පැන්නේ සාලෙ කණුවක් අගින් ඔලුව දාගෙන හිටපු සර්පයෙක් දැකලයි. ඒ අස්සේ චුටි එකී දුවගෙන එනවා සාලෙට. මං අතේ තිබුණු සේරම බිම අතෑරලා දුවගෙන ගිහින් කෙල්ලව වඩාගත්තා. ගෙට ඇතුල් වෙන දොර ළඟින් ලොක්කිගෙයි,දෝණිලයෙ අම්මගෙයි හිනා හඬ ඇහුණේ ඊට පස්සෙ. ලොක්කි ගිහින් කණුව ළඟ හිටපු සර්පයාගේ නැට්ටෙන් උස්සලා අතට ගත්තා.

“මූ රබර් නයෙක් තාත්තේ”

“කටනම් කොහොමද මෙයාගේ..රබර් නයා දැකලා පණ බයේ මැරෙන්න ගියා..”

ඒ දෙබස් ලොක්කිගෙයි,දෝණිලයෙ අම්මගෙයි. කට්ටිය එකතුවෙලා මාව බය කරන්න විහිළුවක් කරා කියන එකයි ඒකේ තේරුම. මං පපුවෙ පැත්තකට අත තියලා බැලුවෙ ඒ පැත්ත කෙවෙන නිසා.

“බූන්දි කෝ තාත්තෙ?”

චූටි එකී අහද්දියි මට ඒ ටික මිදුලේ අතෑරපු බව මතක් වුණේ. කෙල්ලව උස්සාගෙනම මිදුලට බැහැලා බැලුවත්,බූන්දි පාර්සලේ ගන්න දෙයක් නෑ. භාගයක් වැල්ලේ. ඒ මදිවට ග්‍රොසරි බෑග් එක මගෙ සපත්තුවට පෑගිලා චප්ප වෙලා. මට කෙල්ලගෙ මූණ දිහා බැලුණෙ ඉබේටමයි. ඒකිගෙ මූණ ඇදවෙලා. කන්න පුළුවන් කෑල්ලක් දෙකක් හරි හොයාගන්න කියලා මං ඒකත් උස්සගෙන කෙල්ල එක්ක සාලෙට ආවා. වැලි නොගෑවුණා කියලා හිතුණු බූන්දි කෑලි දෙකක් තෝරලා හොඳට පිහිදලා දුන්නම චූටි එකීගේ ඇස් සතුටෙන් දිලිහුනා. ඒ සතුටෙන්ම එක බූන්දි කෑල්ලක් කට ළඟට ගත්තු කෙල්ලගෙ අත හරහා පාරක් වැදුණා. අත් දෙකේම තිබුණු බූන්දි කෑලි දෙක ඈතට විසිවෙලා ගියා.

” පිස්සුද අනේ ඔයාට…බිම වැටිලා පෑගුණු ජරාව මේ ළමයට කන්න දෙන්න..”

ඒ විධානාත්මක හඬ පිටවුණේ දෝණිලයෙ අම්මගෙ මුවින්. ආයෙත් මට බැලුණේ කෙල්ල දිහා. ඒකිගෙ ඇස්වල කඳුළු ගුලියක්. එළියට පයින්න ඔන්න මෙන්න. හිතට ක්ෂණිකව කේන්තියක් ආවා. මගේ අත මිට මෙළවුණා. ඒත් ආයෙම හිත දැඩිවුණා. එක වචනයක්වත් කටින් පිටවුණේ නෑ. ඒත් අතිනුයි,මූණෙනුයි කියන්න ඕනේ දේ එයාට කිව්වා. ඒකේ තේරුම “ගුටි නොකා මෙතනින් පලයං” කියනෙක බව දන්න දෝණිලයෙ අම්මා මායි,කෙල්ලයි සාලේ ඉද්දි එතනින් පිටවෙලා ගියා.

“මගෙ පැටියට මං හෙට එද්දි මීට වඩා රසසස..බූන්දි ගොඩාඩාක් ගේන්නම් හරිද..?”

කෙල්ලගෙ ඇස්වල කඳුළු පිහදාලා සැටියෙ ඉන්ඳවන ගමං මං කීවා. අහිංසක බලාපොරොත්තුවකින් ඒකීගෙ ඇස් ආයෙම දිලිසුනා. පපුවෙ පැත්තක් කෙවෙන ගතිය මොහොතකට නැතුව ගියා.

“ඉතිං මයෙ පැටියා අද මොනාද කරේ..”

“සිංදුවක් ලිව්වා..”

“කෝ බලමු..”

කෙල්ල ටීපෝ එක උඩ තිබුණු පොතේ පිටුවක් පෙරලලා මට පෙන්නුවා.

“අද වුණත් නෑ පමා පණ පොවා ජීවිතේ
පරපුරක් බිහි කරව් තනි නොවූ මාවතේ..”

කෙල්ලගෙ අත් අකුරුවලින් එඩ්වඩ්-චරිතා කියන “පන්සලේ පල්ලියේ..” සිංදුවේ පද කීපයක් එහෙම ලියවිලා තිබුණා.

” මගෙ දූ දන්නවද මේ සිංදුව?”

“නෑ.. අම්මා කියලා දුන්නේ.. ”

පපුව හරහා කරන්ට් වැදුණා වගේ රිදීමක් ඇතිවෙලා,නැතිවෙලා ගියා. මං චූටි එකීව පපුවට හිරකරගෙන ඔලුව අතගෑවා.

“මේ යක්කු ගස් යන වෙලාවේ නාකී හුරතල්…ගිහිං කාලා නිදාගන්න අනේ…”

දෝණිලයෙ අම්මා එහෙම කියාගෙන දෝණිවත් මගෙන් උදුරලා අරගෙන කාමර්ට ගියා. මං ෂර්ට් එක ගලවලා කරේ දාගෙන මිදුළට බැස්සා.

දැන් රෑ දොළහත් පහුවෙලා මයෙ හිතේ. වතුසුද්ධ පඳුර හොළවාගෙන සීතල හුළඟක් ආවා. ඈතින් තරුවක් කඩාගෙන වැටෙනවා දැක්කා. මට රත්නශ්‍රී විජේසිංහ ලියපු සිංදුවක් මතක් වුණා.

“මගෙ දුවේ ඔබ අවදියෙන්නම්..මේ රැයේ මිහිරිම වෙලාවයි..දොර ඇරන් එළියට ආවොතින්…මේ මිහිරි දේවල් නුඔටමයි..”

රත්නශ්‍රී මේ සිංදුව ලියලා තියෙන්නේ දුවලා දෙන්නා එක්ක පිටිසරබද පලාතක නිවාඩුවකට චාරිකාවක් ගියපු රාත්‍රියකලු. පන්තියේ හුඟක් යාළුවො නිවාඩුව ගත කරන්න පිටරට සවාරී යද්දි,රත්නශ්‍රීට දුවලා දෙන්නා වෙනුවෙන් කරන්න පුළුවන් වුණේ මේ ටික වෙන්නැති. ඒ දුවලට තාත්තව දැනෙන්නැත්තේ කොහොමද? මගේ දෝණිලාටත් එහෙම දැනෙනවා ඇත්ද..?

සතුට කියන්නේ හරිම සරල හැඟීමක් දෝණිලයෙ අම්මේ. ඒක නිර්මාණය වෙන්නේ හිතේ. ප්ලේන් එකේ යන සතුට දරුවෙක් අහසේ පියාසර කරන ප්ලේන් එකක් දැකල,ඒකට අත වනලත් ගන්නවා. කේ.එෆ්.සී,මැක්ඩොනල්ඩ් කෑම වල රසය,අමු පේර ගෙඩියක්,අඹ ගැටයක් අමුවෙන් තැරි ගහලත් ගන්නවා. දරුවො හැඩයක් නැති ක්ලේ ගුලි වගේ. ඒ ගුලියෙන් උන්ගේ සතුට අඹන්න දෙමව්පියො දක්ෂ වෙන්නෝනේ. හැමෝටම හීන තියනවා දෝණිලයෙ අම්මේ. හීන කියන්නේ හැබෑවම නෙවෙයි. හැබෑවට දුර හුඟක් හීන තියනවා. සතුට හැබෑවක්. දරුවන්ට ඒක හීනයක් කරන්න හොඳ නෑ. හැමදාම කියනවා වගේ මං මේ ලෝකේ ඉන්න අසාර්ථකම තාත්තා කියලා පිළිගන්නම්. ඒත් දරුවන්ට ඒ තාත්තා කැමති විදිහට අඹාගන්න ඉඩදෙන්න. ඔයා උන්ගේ ක්ලේ ගුලිවලින් තාත්තව උන්ට අඹලා දෙන්නෙපා දෝණිලයෙ අම්මේ!

Latest news

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...

ජනපති අනුරගේ පාස්කු ඉරුදින පණිවිඩය

දුකට පත් ජනතාවගේ ගැලවීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසප්‍රාප්තියෙන් පසු මරණයේ අඳුර පරාජය කරමින් උත්ථානය...
- Advertisement -spot_img

රත් දෝතළු – 65

රත් දෝතළු - 65 මා නිසා අහස්ගේ කාර්යයන් පහසුව ඇති බව විනිෆ්‍රීඩා මහත්මිය මා සමඟ කීවාය. බොහෝ විට මම ඔහුගේ...

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව - It Was Just an Accident හැමදේකටම හේතුවක් තියෙනව. අපි අහම්බයක් කියලා හිතන දෙයක් වුණත්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you