More
    FeaturesDonilaye AmmeDonilaye Amme - 05 දෝණිලයෙ අම්මේ

    Donilaye Amme – 05 දෝණිලයෙ අම්මේ

    -

    spot_img

    Donilaye Amme – 05 දෝණිලයෙ අම්මේ

    ඊළඟ මාසයේ එන වෙඩින් එකක් ගැන දෝණිලයෙ අම්මා මට කීවේ මාස දෙකකට විතර කලින්. දෝණිලා දෙන්නටයි,එයාටයි ඒකට ලෑස්ති වෙන්න ඕනේ බඩු,භාණ්ඩ ලැයිස්තුවක් එයාල ළඟ තිබුණා. කියපු වෙලාවෙම ඕක ඉල්ලගෙන පර්ස් එකේ දාගත්තත්,අද ඒක මතක් කරනකම් මට ඒකේ නිනව්වක් තිබ්බෙම නෑ. පඩි අරං ලෝන් එකට සල්ලි දාලා, කඩේ බිල ගෙවලා,ගෙදරට ඕනෑ බඩු ටිකකුත් අරං ආවට පස්සෙයි දෝණිලයෙ අම්මා ඒක මට මතක් කරේ.

    “හුටාහ්ං…”

    මට එහෙම කියවුණා. දෝණිලයෙ අම්මා ඉහලට හුස්මක් අරං පහල දැම්මේ සරදම් හිනාවක් කටේ තියාගෙන. ලොක්කී කම්මුල් දෙකට හුළං පුරවගෙන ඉඳලා අතෑරියෙ අමුතු සද්දයක් එක්ක. මං පර්ස් එක අවුස්සලා මේසේ උඩ හැලුවෙ එයා දුන්නු ලිස්ට් එක හොයන්න.

    “වෙඩිං ඕන්නෑ ලොකූ… ලැජ්ජාව වහගන්න කතාවක් හදාගන්න…”

    දෝණිලයෙ අම්මා එහෙම කීවේ ලොකු දෝණිට. එයා මූණ හතරැස් කරගෙන කාමරේට රිංගාගත්තා.

    “ඕක පොඩ්ඩක් උදේ මතක් කරන්න තිබුණනෙ අනේ…”

    ලිස්ට් එක හොයාගන්න බැරි අපහසුවෙන් බේරෙන්න‍යි මං එහෙම කිව්වේ.

    “ඔව්… ඒවා අපි ඇඟිල්ලෙන් ඇන ඇන මතක් කරන්නෝනෙ. ඔයාගේ වස විස ටික විතරක් අමතක වෙලා නෑ නේහ්ං….”

    එයා එහෙම කිව්වේ බඩු මලු අතරෙ තිබ්බ අරක්කු බෝතල් දෙකටයි, සිගරට් පැකට් එකටයි ඇඟිල්ල දික් කරගෙන.

    “ඉතිං…. මං….”

    මට කතා කරන්න නොදී එයා එක අතක් ඉස්සරහට දික් කරගෙන හිටියෙ “පැහැදිලි කිරීම් එපා” කියන විධානෙන්.

    ” අපි මඟුල් ගෙදර යන අදහස අතෑරියා.. කතාව ඉවරයි….”

    බඩු මලු ටිකයි මායි සාලේ දාලා දෝණිලයෙ අම්මා ඊතලයක් වගේ ගෙට විද්දා. ටික වෙලාවකින් ලොකූගෙ කාමරේ ඇතුලෙන් අපැහැදිලි උස් හඬවල් ඇහුණා. ඒක වාදයක් බව තේරුණත් මට වචන පැහැදිලිව ඇහුණේ නෑ.
    මං පර්ස් එකේ තිබුණු බිල් ටික එකතු කරලා කැබිනට් එක උඩින් තියද්දි තමා දැක්කෙ එතන තිබුණු ලයිට් බිලයි,වතුර බිලයි. ඉබේම ආයෙ මට පර්ස් එක ඇරලා බලන්න හිතුණෙ ඒකයි. මේ දෙක ගෙව්වාම මාසේ රෝල ගහන්නවත් කීයක්වත් ඉතුරුවෙන එකක් නෑ වගේ. මං එළවළු,හාල්,තුනපහ බෑග් මළු ටිකත් උස්සාගෙන ගිහිං කුස්සියෙන් තිබ්බා. තේ එකක් බොන්න උවමනාවක් තිබ්බත් ඒක යට කරගෙන ටැප් එකෙන් වතුර වීදුරුවක් බීවා. එතකොටයි අරක්කු බෝතල් දෙකයි,සිගරට් පැකට් එකයි දැක්කෙ. හිතට කේන්තියක් වාගේ එකක් ආවා ඒක දැක්කම. මං ඒ දෙකම උස්සගෙන ගිහිං කුණු ගොඩට දැම්මා.

    වත්ත පහල තිබුණු කෙසෙල් ගස් අතර ඇවිදගෙන යද්දි මගේ ඇස් වලට අහුවුණේ දෝණිලයෙ අම්මා ඒ අතර ඉන්දලා තියන බටු පැල,මිරිස් පැල,මෑකරල්,කරවිල වගේ දේවල්. සමහර ඒවයෙ ඵලදාව පටන් අරං. කෙසෙල් ගස්වල වඳ පැල උගුල්ලලා පැත්තක ගොඩ ගහලා. මැරුණු අතු,පරඬැල් කපලා ගස් මුලට දාලා. පපුවෙ එක පැත්තක පොඩි කෙවීමක් දැණුනා. එක දිගට නිවාඩු තියන දවසකවත් මං මේ වගේ වැඩකට හවුල් වුණු මතකයක් මට තිබුණේ නෑ. ඒ වගේම දෝණිලයෙ අම්මා මට ඒ වගේ වැඩකට කතා කරලත් නෑ. මේ හැමදේම එයාගේ අත් දෙකින් වෙච්ව් දේවල් බව මට විශ්වාසයි. මොකද අපේ දෝණිලා වුණත් මේවට ඈඳාගන්න පුරුද්දක් එයාට නෑ.

    කිසිම ආර්ථික අපහසුකමක් නැති පවුලක එකම ගෑණු ළමයා වෙලා ඉපදුණත්,එදා ඉඳලා එයාගේ ජීවිතේ මේ සකසුරුවම තිබුණා. බොහොම අරපිරිමැස්මෙන් වියදම් කරනෙක,කාලය කළමණාකරනය කරගන්නෙක,විච්චූර්ණ විලාසිතා නැති සරල අවශ්‍යතා තිබුණු එක තමා මං එයා අනිත් ගෑණු ළමයින්ගෙන් වෙන් කරගත්තු සාධකය. වත්සුණු නැති ඒ පිරිපුන් මූණට කෘතීමව යමක් කළානම්,එයා කළේ සැලොන් එකකින් ඇහිබැම හදපු එක විතරයි. දෙයියනේ…දැනුයි ඒක මතක් වුණේ. තනියම ගෙදරදී ඇහිබැම හදාගන්න පුළුවන් මැෂින් එකක් තියේද බලන්න කීවා නේද මට දෝණිලයෙ අම්මා කාලෙකට කලින්.

    මං ආපහු කුස්සිය පැත්තෙන් ගෙට ඇතුල් වුණා. මේ මොන පුදුමයක්ද..? මං කුණු ගොඩට වීසී කරපු බෝතල් දෙකයි,සිගරට් පැකට් එකයි ආයෙම මාබල් මේසේ උඩ. ඒ හරියෙම කොළ කැඳ වීදුරුවක් තියලා. මං බෑග් පිටින් අතෑරලා ගියපු බඩු ටික පිළිවෙලකට අහුරලා. මං හිමීට සාලෙ මැදින් කාමරේ පැත්තට යද්දි ලොකූගේ කාමරේ පැත්තෙන් ආයෙම අර කසුකුසුව ඇහෙනවා. මං සද්දෙ නෑහෙන්න බාගෙට ඇරිලා තිබුණු දොරෙන් කාමරේට ඇහැ පෙව්වා. ලොකූයි, දෝණිලයෙ අම්මයි අල්මාරියෙ තිබුණු පරණ ඇඳුම් තෝරනවා. තෝරපු ගවුම් කීපයක් ඇඳ උඩ. ලොකූ පරණ සාරියක් අරං අම්මගෙ ඇඟට තියලා හැඩ බලනවා.

    මගේ ඇස් රිදෙන්න ගත්තා. කෑගැහිලා ඇඬෙයි කියන බයට මං එළියට ආවේ දුවගෙන වගේ. මං හරි දුර්වල මිනිහෙක් දෝණිලයෙ අම්මේ. එදා ඉඳලා ඔයාගේ ජීවිතෙන් වැඩි කාලයක් ගෙවුණේ මාව පිළිවෙලක් කරන්න. ඒ වෙනුවෙන් ඔයා ජීවිතේ හුඟක් දේවල් අතෑරියා. මාව විතරක් හිතෙන් තදට අල්ලන් හිටියා. හුඟක් මිනිස්සු ගල් ගෙඩි වගේ දෝණිලයෙ අම්මේ. සමහර ගෑණු දන්නවා ඒ ගල්ගෙඩි වලින් පිළිම නෙලන්න. මොකක්දෝ කරුමෙකට මං ගල් වඩුවන්ට අවනත නැති හිතුවක්කාර ගලක් වෙන්නැති. ඔයාට මගෙන් පිළිමයක් නෙළාගන්න බැරුවැති. ඉතිං මේ ගල පිළිමයක් නොවී දවසක පොළොවට ක්ෂය වෙලා යයි. ඔය ගල් කටු වලින් මගේ කෙල්ලො දෙන්නගෙන් ඔයාගේ පිළිමෙ නෙළන්න. ඒක තමයි මේ තාත්තගෙ ආසාව දෝණිලයෙ අම්මේ. චමියගෙන්වත් ලෝන් එකක් ගහගෙන අපි කෙල්ලො දෙන්නටයි,ඔයාටයි වෙඩින් එකට ඇඳුම් ගන්න යමු.

    Latest news

    නුවරඑළියේ සිදු කළ පරීක්ෂාවකදී ධාවනයට නුසුදුසු වාහන 73 ක් ධාවනයෙන් ඉවත් කරේ

    නුවරඑළියේ සිදු කළ හදිසි වායු විමෝචන පරීක්ෂාවකදී, වාහන 73 ක් දින 14 ක කාලයක් සඳහා තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරීමට...

    අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනපති වෙත සිය අක්තපත්‍ර භාර දෙයි

    මෙරටට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සිය අක්තපත්‍ර භාරදී තිබෙනවා. 01 - කොළඹ...

    වැල්ලවායේ කුඩු බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට

    වැල්ලවාය ප්‍රදේශයට හොරොයින් මත්ද්‍රව්‍ය බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒ, පොලීසිය විසින් වැල්ලවාය නගරයේ සිදුකළ වැටලීමකදීයි. සැකකරු සන්තකයේ තිබී අළෙවි...

    ජනපති අනුර රටවල් කිහිපයක නායකයින් නවදිල්ලියේදී හමුවෙයි

    නවදිල්ලි නුවර පැවැත්වෙන ්ෂ ඉම්පැක්ට් 2026 සමුළුවට සහභාගිවී සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රටවල් කිහිපයක නායකයින් සමග ද්විපාර්ශ්වික...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 38

    රත් දෝතළු - 38 අහස් යනු අමුතුම අයෙකු යැයි කියා මට සිතිණි. වරෙක රළු ලෙසින් කතාබහ කළද සැනෙකින් මෘදු වන්නේ...

    Covid වසංගත සමයේ අපුරු මිතුදමක කතාවක්

    Covid වසංගත සමයේ අපුරු මිතුදමක කතාවක් - Homebound සමහර මිතුරුකම් ලේ නෑකම්වලට වඩා ප්‍රභලයි. අම්මා තාත්තටත් වඩා හදවතට සමීපයි. යහළුවෙක්ට...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page