More
    spot_imgspot_imgspot_imgspot_img
    Newsධනුෂ්ක ගුණතිලකට එරෙහි බරපතල චෝදනා හතරක් ඉවතට - Danushka Gunatilaka

    ධනුෂ්ක ගුණතිලකට එරෙහි බරපතල චෝදනා හතරක් ඉවතට – Danushka Gunatilaka

    -

    - Advertisment -spot_imgspot_imgspot_imgspot_img

    Danushka Gunatilaka – සිඩ්නි නුවර සිය නිවස තුළදී කාන්තාවකට ලිංගික අතවර කළ බව කියන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව පොලිසිය විසින් එල්ල කල බරපතළ චෝදනා කිහිපයක් ඉවත් කරගෙන තිබෙනවා.

    32 හැවිරිදි මෙස්ටියගේ දොන් දනිෂ්ක ගුණතිලක, පසුගිය වසරේ අගභාගයේදී T20 ලෝක කුසලාන තරඟාවලිය අතරතුර අත්අඩංගුවට ගැනීමෙන් පසුව, අවසරයකින් තොරව ලිංගිකව එක්වීමේ චෝදනා හතරක් මත ඩව්නිං සෙන්ටර් ප්‍රාදේශීය අධිකරණය හමුවේට ඉදිරිපත් කළා.

    කාන්තාවගේ ගෙල සිරකර පහරදීමේ සිද්ධියෙන් පසුව, අවසරයකින් තොරව යෝනි මාර්ගයෙන් ලිංගිකව එක්වීමේ එකම චෝදනාවකට ගුණතිලකට දැන් මුහුණ දීමට සිදුවී තිබේ.

    ගුණතිලක කොන්ඩම් පැළඳීමෙන් පසු අවස්ථා තුනකදී කාන්තාවගේ ගෙල සිර කර “බලහත්කාර” සංසර්ගයේ නිරත වූ බවට පොලිසිය චෝදනා කරයි. අවසන් අවස්ථාවේ කාන්තාවගේ හුස්ම ගැනීම තත්පර හයකට නතර වී ඇති බවද පොලිසිය පවසා ඇත.

    කොන්ඩමයක් පැලැන්දීමෙන් පසුව පමණක් ක්‍රීඩකයා සමග ලිංගිකව එකතුවීමට තමන් එකඟ වූ බවත් පසුව ඇඳ අසල බිම තිබී කොන්ඩමය සොයාගත් බවත් කාන්තාව පොලිසියට පවසා ඇත.

    පසුගිය වසරේ අගභාගයේදී චෝදනා එල්ල වූ දා සිට ධනුෂ්ක ඕස්ට්‍රේලියාවේ රැඳී සිටි. ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය උසාවියට භාරගත් අතර පසුව ඩව්නිං සෙන්ටර් උසාවිය විසින් ඩොලර් 200,000 ක ඇපයක් මත එය මුදා හරියත් රටින් පිට නොවන ලෙස නියෝග කරන ලදී.

    ධනුෂ්ක ජුලි 13 වැනි දින නැවත අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතයි

    Latest news

    Court Order – වසර 19 ක නඩුවකින් පසු වසර 7 කට හිරේ ගිය ඕඅයිසී දේශබන්ධු

    Court Order - හෝටල් හිමියකු ඇතුළු එහි සේවකයන් පස් දෙනකු පැහැරගෙන ගොස් වධ බන්ධනයන්ට ලක් කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වු...

    NPP ජනපතිගේ කතාවකට මාලිමාව නඩු මඟට

    NPP - ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවෙන් පිටතදී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නඩු පවරන්නට සිදුවෙන බව ජාතික ජන බලවේගයේ...

    Accident පොසොන් දෙදින අනතුරු – 5 ක් මරුට : 14 ක් රෝහලට

    Accident - පසුගිය පොසොන් පොහොය දිනයේ සහ ඊට පසුදින දිවයිනේ ස්ථාන කිපයක සිදු වූ රිය අනතුරුවලින් පස් දෙනකු මියගොස්...

    Joseph Stalin අධ්‍යාපන වැය ශීර්ෂයෙන් ලක්ෂ 135 ක් කඩවත වෙසක්,පොසොන් කලාප වලට

    Joseph Stalin - වෙසක් පොහොය නිමිත්තෙන් කඩවත පැවති වෙසක් කලාපයට රුපියල් ලක්ෂ හැටක මුදලකුත්, පොසොන් පොහොය නිමිත්තෙන් පැවැති පොසොන්...
    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    Hima Mal Renu හිම මල් රේණු – 05

    Hima Mal Renu හිම මල් රේණු අවීශ් ! ඔහු මා සිතේ ඇති කර තිබුණේ බලවත් කුතුහළයකි. ඉදිරිපස අසුන් පෙළේ සිටි යුවතියන්...

    Court Order – වසර 19 ක නඩුවකින් පසු වසර 7 කට හිරේ ගිය ඕඅයිසී දේශබන්ධු

    Court Order - හෝටල් හිමියකු ඇතුළු එහි සේවකයන් පස් දෙනකු පැහැරගෙන ගොස් වධ බන්ධනයන්ට ලක් කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වු...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page