InterviewsDakota Johnson මට පෙම්වතුන් හිටියා ඒත් මම කවදාවත් කාටවත්...

Dakota Johnson මට පෙම්වතුන් හිටියා ඒත් මම කවදාවත් කාටවත් ආදරේ කරලා නෑ

-

spot_img

Dakota Johnson – සිනමාව ඇයට අමුතු දෙයක් නොවන්නේ ඇය කලා පවුලක සාමාජිකාවක් වීම නිසාවෙන්. Fifty Shades කතා මාලාව හරහා ජනප්‍රියත්වයට පත් Dakota Johnson ගේ මීළඟ චිත්‍රපටය Materialists. සුප්‍රකට Elle සඟරාව සඳහා Dakota Johnson සමගින් මේ සම්මුඛ සාකච්ඡාව සිදුකරන්නේ හොලිවුඩ් නළු Pedro Pascal විසින්. මේ දෙදෙනා සමීපතම මිතුරන්.

Pedro – මට ප්‍රශ්න ලැයිස්තුවක්ම තියෙනවා. ඒවා මට ලබාදුන්නේ Elle විසින්. මම මේකට කැමතියි. ඉතින් Dakota අපි දෙන්න මුලින්ම හමුවුන දවස මතකද?

Dakota – අපි මුලින්ම හමුවුනේ Sara Polson එක්ක. Met Gala වල.

Dakota Johnson

 

Pedro – ඒ දෙවැනි වතාව. ( දෙදෙනාම හිනැහෙයි) මුලින්ම හමුවුනේ 2014 වසරේ Golden Globe සම්මාන උලෙළේ දී. ඇත්තටම ඊට පස්සෙ පාටි එකේදි ඔයා තනියෙන් හිටියේ. ඉතින් ඔයාට සිද්ධ වුණා. අපිත් එක්ක එකතු වෙන්න. අපි ඔයාව බලාගත්තා.

Dakota – වාව්. එදා සැළකිය යුතු දෙයක් වුණා වගේ මට දැනෙනවා.

Pedro – එහෙනම් මීට අවුරුදු දහයකට එහා අපි හමුවුන දවසෙ මොකද ඔයාට හිතුනේ? මම ඔයාට ආදරේ වුණා. දෙවෙනි වතාවට ඔයා හමුවුණාම මට හිතුන මම මෝඩයෙක් කියලා. ඔයාට මාව මතක නෑ වගේ දැණුනා.

Dakota – ඔයා හරිම කූල් කෙනෙක් කියලා මම හිතුවා. මීට කලින් මෙහෙම කෙනෙක් හමුවෙලා නෑ. මාත් ඔයාට ආදරේ වුණා.

Pedro – අපේ සමානකම් මොනවද?

Dakota – අපි දෙන්නම හරිම ලස්සනයි. (දෙදෙනාම සිනාසෙයි)

Pedro – අපි දෙන්නම පේනවට වඩා දක්ෂයි.

Dakota – මට හිතෙන්නෙ අපි දෙන්නම හරිම මෝඩයි.

Pedro – ඇයි ඔයාට Materialists කරන්න ඕනෙ වුනේ?

Dakota Johnson

Dakota – Celine එක්ක වැඩ කරන්න තියෙන ආසාවට. මම ඇයට ගොඩාක් ආසයි. ඇය චිත්‍රපටවල මිනිස් හැඟීම් ගැන කතාකරන විදිහට මම ආසයි. චිත්‍රපටයේ සංකල්පයම මට රසවත් වුණා. ඒක මට ආගන්තුක කතාවක්. මම කවදාවත් කාටවත් ආදරේ කරලා නෑ. මට පෙම්වතුන් සිටියා. නමුත් මම ආදරේ කියන තැන ඉඳලා නැහැ. මම ඒ ගැන දන්නෙ නැහැ. ඒක රසවත්. කුතුහලය ඇතිකරවන හැඟීමක්. මනුෂ්‍යත්වයේ තියෙන සුන්දරම දෙය. ඒත් ඒ දේ කැත වෙන්නත් ඉඩ තියෙනවා. කෙනෙක්ට ආදරේ කිරීම සුන්දරයි වගේම භයානකයි.

Pedro – ඇයි “කැතයි” කියලා අදහස් කළේ?

Dakota – චිත්‍රපටයේ දී මිනිස්සුන්ට තමන්ට (තම හදවතට ආත්මයට පවා) දැනෙන දේවල් වුනත් ප්‍රතික්ෂේප කරලා ජීවත් වෙන්න පුළුවන්. ඇත්තටම මම හිතන්නෑ මේ දේවල් ගැන විනිශ්චය කරන්න මම සුදුසුයි කියලා.

Pedro – ඉතින්..ඔබ හැදුනෙ වැඩුනෙ ලොස් ඇන්ජලීස්වල?

Dakota – ඇත්තටම මම එහෙ නෙමේ හැදුනෙ. මට අවුරුදු දහය වෙනකම් මම දෙමව්පියන් එක්ක හැමතැනම ගියා. පාසල් ගොඩකට ගියා. අපි ස්පාඤ්ඤයේ සෑහෙන කාලයක් ජීවත්වුණා. වතාවක් මම කතෝලික ගැහැණු ළමුන්ගේ නේවාසික පාසලක ඉගෙන ගත්තා. ඒක රසවත් අත්දැකීමක්.

Pedro – මොනවද ඔයා කැමති විෂයන්?

Dakota – මම ඉස්කෝලෙ වැඩවලට දුර්වලයි. වෙලාවට වැඩ කරන්න මම කවදාවත් ඉගෙන ගත්තෙ නෑ. ගෙදර වැඩ කරෙත් නැහැ. මම ස්පාඤ්ඤ සහ ඉංග්‍රීසිවලට කැමතියි. ගණිතයට අකමැතියි.

Pedro – ඔබට දැන් “ගෙදර වගේ” දැනෙන්නෙ කොහෙද?

Dakota Johnson

Dakota – Malibu.මම එහෙට කැමතියි. ඇත්තටම මට මාව කොහෙටවත් අයිතියි කියලා දැනෙන්නෑ. මම කොහේ හිටියත් මට දැනෙන්නෙ කූඩු කරලා වගේ හැඟීමක්.

Pedro – පොත් කියවනව නේද?

Dakota – පොත් මට ආශ්වාදයක් ගෙනල්ලා දෙනවා.

Pedro – මේ දවස්වල මොනවද කියවන්නෙ?

Dakota – මනෝවිද්‍යාව. මම Carl Jung ට ආකර්ෂණය වෙලයි ඉන්නෙ.

Pedro – ඔහු හොඳම කෙනෙක්.

Dakota – නිළියක් විදිහට සුරංගනා කතා දෙස බැලීම අර්ථවත්. සමහර මිත්‍යාවන් සහ සුරංගනා කතා පිළිබඳව Jung ගේ අදහස්වලට මම කැමතියි. ළඟදි මට කවි පොතක් ලැබුණා. ඒ වගේම මම ඊළඟට කියවන්න ඉන්නෙ Miranda July ගෙ All Fours පොත. ඔයා ඒක කියවල තියෙනවද?

Dakota Johnson

Pedro – තවම නෑ. නමුත් ඒ පොත මම ළඟ තියෙනවා. කියවන්න ආසාවෙන් ඉන්නවා. බොරු කියන්න ඕන නැහැනේ. කියවීම මගේ ප්‍රියතම දේ වුනත් අවුරුදු දහයක් විතරම මට ඒක මග ඇරුණා. දැන් මම ආයෙමත් ඒ ගැන අවධානය යොමු කරලයි ඉන්නෙ. ඒක වටිනවා. Mike Nichols ගෙ A Life පොතට ආසයි. මම හිතනව කියවීම පැවැත්මේ පිළිබිඹුවක් කියලා. එයින් අපිට අපි කවුද කියන දේ වටහලා දෙනවා. අවසාන ප්‍රශ්නය. මේ චිත්‍රපටයට මිනිස්සු කැමති වෙයි ද? ඔවුන්ට ඒකෙන් ලෝකය තේරුම් ගන්න යම් කිසි බලාපොරොත්තුවක් ලැබෙයිද?

Dakota – මිනිස්සු තුළ ආදරේ පිළිබඳ බලාපොරොත්තු ඇතිකිරීම අපූරුයි. අවසානයේ ඉතිරිවෙන ප්‍රශ්නයක් තිබෙනවා. මේ ලෝකෙ හැමෝටම තමන්ට ඇත්තටම ඕනෙ මොනවද? ඇත්තම ආශාව මොකක්ද සහ ඇත්තටම තමන් කවුද කියන දේ. ඔබට ඔබවම තේරුම් ගැනීම අපහසුයි. එය තේරුම් ගැනීම සමහරවිට ඔබට අප්‍රසන්න හැඟීමක් ගෙනත් දෙන්න පුළුවන්. මම චිත්‍රපටයට කැමතියි. කලාවට පුළුවන් මිනිස්සුන්ගෙ හදවත්වලට කතා කරන්න.

Pedro – ලස්සන අදහසක්.

Dakota – හොඳයි Pascal. එහෙනම් මම ආයෙමත් රූගත කිරීම්වලට යනවා. සති කිහිපයකින් ඔයාව මුණගැහෙන්නම්. අපි දෙන්නටම හොඳ නිවාඩුවක් ඕනෙ කියලා මම හිතනවා.

Elle Magazine ඇසුරෙනි-

Latest news

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...

ජනපති අනුරගේ පාස්කු ඉරුදින පණිවිඩය

දුකට පත් ජනතාවගේ ගැලවීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසප්‍රාප්තියෙන් පසු මරණයේ අඳුර පරාජය කරමින් උත්ථානය...
- Advertisement -spot_img

රත් දෝතළු – 65

රත් දෝතළු - 65 මා නිසා අහස්ගේ කාර්යයන් පහසුව ඇති බව විනිෆ්‍රීඩා මහත්මිය මා සමඟ කීවාය. බොහෝ විට මම ඔහුගේ...

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව - It Was Just an Accident හැමදේකටම හේතුවක් තියෙනව. අපි අහම්බයක් කියලා හිතන දෙයක් වුණත්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you