ArtCry Freedom ස්ටීව් බිකෝ නම් වීරයාගේ කතාව

Cry Freedom ස්ටීව් බිකෝ නම් වීරයාගේ කතාව

-

spot_img
Cry Freedom චිත්‍රපටයෙ අවසානයට පසුව පසුබිමෙන් ඇසෙන දකුණු අප්‍රිකානු ජාතික ගීය සමගින් රජය විසින් සිරගත කරන ලද නිදහස උදෙසා කැපවූ මිනිසුන්ගේ නම් ලැයිස්තුවක් එක්ක ඔවුන්ගේ “මරණයට හේතුව” සඳහන් වෙනව. ගෙල වැළලා ගැනීම, සියදිවි නසාගැනීම, ස්වභාවික කාරණා ඒ අතරින් ප්‍රධානයි. ඔවුන් අතරින් එක්තරා සුවිශේෂී වීරයෙක් ඔවුන් ලෙසින්ම මියගියාට පසුව ඔහුගෙ මරණයට හේතුව “ආහාර වර්ජනය” බව පොලිස් වාර්ථාවල සඳහන් වුණා. 

Cry Freedom

I’m going to be me as I am, and you can beat me or jail me or even kill me, but I’m not going to be what you want me to be.”
ස්ටීව් බිකෝ නම් වූ ඒ වීරයා එලෙසින් පවසා සිටියා.
1970 දශකය අගභාගය. දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් සමීපයේ පිහිටි කළු ජාතික ජනතාව ජීවත්වෙන පැල්පත් නගරයක් හමුදාව සහ පොලිසිය විසින් කඩා බිඳ දැමුවා. විලාප තියමින්, තමන්ගේ සන්තකය රැක ගැනීමට වෙරදරමින් අසරණ මිනිසුන් එහෙ මෙහෙ දිව ගියා. පොලිසිය ඔවුන් පසුපස පන්නමින් වියරුවෙන් මෙන් පහර දෙන්නට වුණා. සුන්බුන් අතරේ තම වර්ගයාට බොහොම ආදරේ කෙරුව, ඒ පැල්පත්වල දුක්ඛිත ජීවිත ගෙව්ව තමන්ගෙ ජනතාවට හොඳ ජීවිතයක් ලබා දීම ගැන සිහින මැව්ව, ඔවුන් වෙනුවෙන් පෙනී සිටිය, සමානාත්මතාවය උදෙසා සටන් කළ ඔහුගේ රුව රැගත් පෝස්ටර් දක්නට ලැබුණා.

Cry Freedom

ඔහු ස්ටීව් බිකෝ. දකුණු අප්‍රිකානු වර්ණභේදවාදයට එරෙහි දිගුකාලීන අරගලයේ දී ඔහු සැළකිය යුතු මෙහෙවරක් කළා නොව ඔහු ඒ වෙනුවෙන් තම ජීවිතය පූජා කළා.
– ඔහුගෙ පූජකයො අපිට සහෝදර ප්‍රේමය ගැන නිතරම දේශනා කළා. අපිට අන්තිමේදී ඉතිරි වුනේ සහෝදර ප්‍රේමය විතරයි. ඔවුන් මුළු රටම අයිති කරගත්තා –
( හඬනු මැන නිදහස )
ඩොනල්ඩ් වුඩ්ස් – ඔහු දකුණු අප්‍රිකානු මාධ්‍යවේදියෙක්. ඩේලි ඩිස්පැච් නම් වූ පුවත්පතේ ප්‍රධාන කතෘවරයා ඔහුයි. තමන්ගෙ රැකියාව වෙනුවෙන් බොහොම කැපවුණු, නිරතුරුවම අළුත් ආරංචි ලුහුබැඳ යෑමට දක්ෂයෙක් වුන ඩොනල්ඩ් වුඩ්ස් නම් වූ සුදු ජාතිකයා ස්ටීව් බිකෝ කියන්නෙ ජාතිවාදියෙක් බව පවසා සිටියා. ඉන් පසුවයි ඔහුට ප්‍රථමවරට ස්ටීව් බිකෝ මුණ ගැහෙන්නෙ. ඒ මුණගැහීම ඩොනල්ඩ් වුඩ්ස් ගෙ ජීවිතේම වෙනස් කළා.

 

දකුණු අප්‍රිකානුවකු වුවද සුදු ජාතිකයෙකු ලෙසින් තමා එතෙක් පය නොතැබූ කළු ජාතිකයන් වෙසෙන ප්‍රදේශවල ඔහු ස්ටීව් බිකෝ සමගින් සැරිසැරුවා. වසර හතලිස් ගණනක තමන්ගෙ ජීවිතේ පුරා තමන්ට එච්චර වැටහුණේ නැති කළු ජාතිකයන්ගෙ කටුක ජීවන තත්වය ගැන ඔහුට අවබෝධයක් ලැබෙන්නෙ බිකෝ නිසාවෙන්. ඔවුන්ගෙ වේදනා තේරුම් ගන්න තරම් සුවිසල් හදවතක් ඒ සුදුජාතිකයා සතුවූවා. ඩොනල්ඩ් වුඩ්ස්ගෙ ආකල්ප, චින්තනය පවා වෙනස් කරන්න ස්ටීව් බිකෝට හැකිවුණා. මේ දෙන්න අතර මිත්‍රත්වය ඇරඹුණා.

Cry Freedom

රජය විසින් බිකෝට සැරිසැරීමට නියම කර තිබුණේ එක්තරා සීමාවක පමණයි. නමුත්, තම රටේ ඕනෑම තැනක සැරිසරන්නට අයිතිය තමාට ඇති බව සිතූ ඔහු තහනම් ප්‍රදේශයක රැස්වීමක් අමතා කතා කළ නිසාවෙන් ඔහුව අත්අඩංගුවට පත්වුණා. බිකෝ අධිකරණයේදී සිය ජනතාව වෙනුවෙන් නොබියව හඬ නැගුවා. කළු ජනතාව පෙලන බලාපොරොත්තු නොමැතිකම, සුදු ජාතිකයන් සතු වරප්‍රසාද ඔවුන්ට නොමැතිවීම, රැකියා නොමැතිකම ගැන ඔහු ප්‍රශ්න කළා. යටත් විජිතයක් වූ රටක කළු ජාතිකයෙක් වීමේ වේදනාව ඔහු ලොවට පවසා සිටියා.

Cry Freedom

නැවත වරක් රැස්වීමක් වෙනුවෙන් කේප්ටවුන් බලා යමින් සිටි ස්ටීව් බිකෝ ආරක්ෂක අංශ විසින් අත් අඩංගුවට ගත්තා. දින ගණනාවක් සිරභාරයේ සිටි ස්ටීව් බිකෝ ගේ මරණයට හේතුව ඔහු විසින් ආහාර වර්ජනය කිරීම බව රජයේ ඉහළ නිලධාරීන් ප්‍රකාශ කළා. නමුත්, රහසිගතව ස්ටීව් බිකෝ ගේ මළසිරුර වෙත ගිය ඩොනල්ඩ් වුඩ්ස්, බිකෝගේ බිරිඳ සහ ඡායාරූප ශිල්පියා මරණයට හේතුව සියැසින් දුටුවා. නිදහස වෙනුවෙන් හඬනැගූ වරදට ඔවුන් ඔහුව අමානුෂික ලෙස පහරදී මරා දමා තිබුණා. කඳුළු අතරින් ඩොනල්ඩ් වුඩ්ස්ට හැකිවුණා බිකෝට සිදුවුන දේ ගැන සාක්ෂි එකතුකරගන්න. තම මිත්‍රයා පිළිබඳව ලොවට කියන්නට ඔහු අදිටන් කරගත්තා. ඉන්පසු ඔවුන් ඩොනල්ඩ් වුඩ්ස් හඹා ඒම ඇරඹුවා.
Cry freedom ඉදිරියට ඇදෙන්නෙ මිත්‍රත්වයේ නාමයෙන්, තම අරමුණ වෙනුවෙන් සහ ජීවිතය බේරා ගැනීම වෙනුවෙන් ඩොනල්ඩ් වුඩ්ස් නම් වූ ඒ මාධ්‍යවේදියා කරන සටන ගෙනහැරපාමින්. Cry freedom සිනමාපටයේ තිර කතා රචක ජෝන් බ්‍රයිලි ඒ ඇසුරින් ලියූ Cry Freedom කෘතිය “හඬනු මැන නිදහස” යනුවෙන් සිංහලට පරිවර්තනය කර තිබෙන්නේ සුනිල් මාධව ප්‍රේමතිලකයන් විසින්. මනුෂ්‍යත්වය වෙනුවෙන් සටන් කළවුන් තළා පෙළා මරාදැමුවද ඔවුන් අමරණීයයි. ස්ටීව් බිකෝ, ඔහු සැබැවින්ම නොමියෙන මිනිසෙක්.
Beat me, hate me
You can never break me
Will me, thrill me
You can never kill me
Jew me, sue me
Everybody, do me
Kick me, kike me
Don’t you black or white me
All I wanna say is that they don’t really care about us
-Michael Jackson-

Latest news

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...

ජනපති අනුරගේ පාස්කු ඉරුදින පණිවිඩය

දුකට පත් ජනතාවගේ ගැලවීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසප්‍රාප්තියෙන් පසු මරණයේ අඳුර පරාජය කරමින් උත්ථානය...
- Advertisement -spot_img

රත් දෝතළු – 65

රත් දෝතළු - 65 මා නිසා අහස්ගේ කාර්යයන් පහසුව ඇති බව විනිෆ්‍රීඩා මහත්මිය මා සමඟ කීවාය. බොහෝ විට මම ඔහුගේ...

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව - It Was Just an Accident හැමදේකටම හේතුවක් තියෙනව. අපි අහම්බයක් කියලා හිතන දෙයක් වුණත්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you