Cry Freedom චිත්‍රපටයෙ අවසානයට පසුව පසුබිමෙන් ඇසෙන දකුණු අප්‍රිකානු ජාතික ගීය සමගින් රජය විසින් සිරගත කරන ලද නිදහස උදෙසා කැපවූ මිනිසුන්ගේ නම් ලැයිස්තුවක් එක්ක ඔවුන්ගේ “මරණයට හේතුව” සඳහන් වෙනව. ගෙල වැළලා ගැනීම, සියදිවි නසාගැනීම, ස්වභාවික කාරණා ඒ අතරින් ප්‍රධානයි. ඔවුන් අතරින් එක්තරා සුවිශේෂී වීරයෙක් ඔවුන් ලෙසින්ම මියගියාට පසුව ඔහුගෙ මරණයට හේතුව “ආහාර වර්ජනය” බව පොලිස් වාර්ථාවල සඳහන් වුණා.
I’m going to be me as I am, and you can beat me or jail me or even kill me, but I’m not going to be what you want me to be.”
ස්ටීව් බිකෝ නම් වූ ඒ වීරයා එලෙසින් පවසා සිටියා.
1970 දශකය අගභාගය. දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් සමීපයේ පිහිටි කළු ජාතික ජනතාව ජීවත්වෙන පැල්පත් නගරයක් හමුදාව සහ පොලිසිය විසින් කඩා බිඳ දැමුවා. විලාප තියමින්, තමන්ගේ සන්තකය රැක ගැනීමට වෙරදරමින් අසරණ මිනිසුන් එහෙ මෙහෙ දිව ගියා. පොලිසිය ඔවුන් පසුපස පන්නමින් වියරුවෙන් මෙන් පහර දෙන්නට වුණා. සුන්බුන් අතරේ තම වර්ගයාට බොහොම ආදරේ කෙරුව, ඒ පැල්පත්වල දුක්ඛිත ජීවිත ගෙව්ව තමන්ගෙ ජනතාවට හොඳ ජීවිතයක් ලබා දීම ගැන සිහින මැව්ව, ඔවුන් වෙනුවෙන් පෙනී සිටිය, සමානාත්මතාවය උදෙසා සටන් කළ ඔහුගේ රුව රැගත් පෝස්ටර් දක්නට ලැබුණා.
ඔහු ස්ටීව් බිකෝ. දකුණු අප්‍රිකානු වර්ණභේදවාදයට එරෙහි දිගුකාලීන අරගලයේ දී ඔහු සැළකිය යුතු මෙහෙවරක් කළා නොව ඔහු ඒ වෙනුවෙන් තම ජීවිතය පූජා කළා.
– ඔහුගෙ පූජකයො අපිට සහෝදර ප්‍රේමය ගැන නිතරම දේශනා කළා. අපිට අන්තිමේදී ඉතිරි වුනේ සහෝදර ප්‍රේමය විතරයි. ඔවුන් මුළු රටම අයිති කරගත්තා –
( හඬනු මැන නිදහස )
ඩොනල්ඩ් වුඩ්ස් – ඔහු දකුණු අප්‍රිකානු මාධ්‍යවේදියෙක්. ඩේලි ඩිස්පැච් නම් වූ පුවත්පතේ ප්‍රධාන කතෘවරයා ඔහුයි. තමන්ගෙ රැකියාව වෙනුවෙන් බොහොම කැපවුණු, නිරතුරුවම අළුත් ආරංචි ලුහුබැඳ යෑමට දක්ෂයෙක් වුන ඩොනල්ඩ් වුඩ්ස් නම් වූ සුදු ජාතිකයා ස්ටීව් බිකෝ කියන්නෙ ජාතිවාදියෙක් බව පවසා සිටියා. ඉන් පසුවයි ඔහුට ප්‍රථමවරට ස්ටීව් බිකෝ මුණ ගැහෙන්නෙ. ඒ මුණගැහීම ඩොනල්ඩ් වුඩ්ස් ගෙ ජීවිතේම වෙනස් කළා.