More
    NewsCourt Order - වසර 19 ක නඩුවකින් පසු වසර...

    Court Order – වසර 19 ක නඩුවකින් පසු වසර 7 කට හිරේ ගිය ඕඅයිසී දේශබන්ධු

    -

    spot_img

    Court Order – හෝටල් හිමියකු ඇතුළු එහි සේවකයන් පස් දෙනකු පැහැරගෙන ගොස් වධ බන්ධනයන්ට ලක් කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වු තිස්සමහාරාම පොලිසයේ හිටපු ස්ථානාධිපතිවරයා ඇතුළු පෙලිස් නිලධාරීන් තිදෙනකුට මාතර මහාධිකරණ විනිසුරු චාමර තෙන්නකෝන් විසින් වසර හත බැගින් වූ බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම නියම කර තිබේ. එමෙන්ම හිංසනයට ලක්වූ පුද්ගලයන් පස්දෙනාට රුපිල් ලක්‍ෂ පහ බැගින් වූ වන්දිද, විත්තිකරුවන්ට රුපියල් දස දහස බැගින් වූ දඩ මුදල්ද ගෙවීමට නියම කළේය.

    මෙලෙස දඬුවම් නියම වුයේ තිස්සමහාරාම පොලිසියේ ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කළ දැනට කොස්ගොඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කරන ප්‍රභාත් දේශබන්ධු, තිස්සමහාරාම පොලිසියේ උප පොලිස් පරීක්‍ෂවරයකු වශයෙන් කටයුතු කළ දැනට වැල්ලවත්ත පොලිසියේ උප පොලිස් පරීක්‍ෂවරයකු වශයෙන් කටයුතු කරන සන්නස්ගල සහ තිස්සමහාරාම පොලිසියේ සැරයන්වරයකු වශයෙන් කටයුතු කර මේ වන විට වැඩ තහනමකට ලක්ව සිටින කුලතුංග නමැත්තාය. පැහැරගෙන් ගොස් හිංසනයට ලක් කොට ඇතැයි නඩු විභාගයේදී අනාවරණය වී ඇත්තේ තිස්සමහාරාම ප්‍රදේශයේ ‘තිස්ස විලේජ්’ නමැති හෝටලයේ හිමිකරු වන උදය ශාන්ත දිසානායක එහි සේවකයන් වශයෙන් කටයුතු කළ සමන්ත, අජන්ත, රුවන් සහ සුජීව දිසානායක නමැත්තන්ය.

    ‘තිස්ස විලේජ්’ නමැති හෝටලය සම්බන්ධයෙන් එම හෝටලයේ හිමිකරු සහ තවත් පාර්ශවයක් අතර ඇති වු ආරවුලක් හේතූවෙන් විත්තිකාර පොලිස් නිලධාරීන් හෝටලයේ හිමිකරු සහ එහි සේවකයන් පැහැරගෙන ගොස් ඔවුන් රඳවාගෙන කෲර ලෙස හිංසනයට පත් කර ඇති බවත් පසුව ගිනි අවි, බෝම්බ ලඟ තබාගත් බවට චෝදනා කරමින් ඔවුන් අධිකරණයට ඉදිරිපත් කරමින් රිමාන්ඩ් බාරයට පත් කර ඇති බවත් නඩු විභාගයේදී අනාවරණය විය. 2003 වසරේ සිට වසර 19ක කාලයක් පුරා පැවැති දීර්ඝ නඩු විභාගයකින් පසුව විත්තිකරුවන්ට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීන්දු කළ විනිසුරුවරයා චෝදනාවන්ට විත්තිකරුවන් වරදකරුවන් බව තීරණය කළේය.

    Latest news

    නුවරඑළියේ සිදු කළ පරීක්ෂාවකදී ධාවනයට නුසුදුසු වාහන 73 ක් ධාවනයෙන් ඉවත් කරේ

    නුවරඑළියේ සිදු කළ හදිසි වායු විමෝචන පරීක්ෂාවකදී, වාහන 73 ක් දින 14 ක කාලයක් සඳහා තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරීමට...

    අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනපති වෙත සිය අක්තපත්‍ර භාර දෙයි

    මෙරටට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සිය අක්තපත්‍ර භාරදී තිබෙනවා. 01 - කොළඹ...

    වැල්ලවායේ කුඩු බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට

    වැල්ලවාය ප්‍රදේශයට හොරොයින් මත්ද්‍රව්‍ය බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒ, පොලීසිය විසින් වැල්ලවාය නගරයේ සිදුකළ වැටලීමකදීයි. සැකකරු සන්තකයේ තිබී අළෙවි...

    ජනපති අනුර රටවල් කිහිපයක නායකයින් නවදිල්ලියේදී හමුවෙයි

    නවදිල්ලි නුවර පැවැත්වෙන ්ෂ ඉම්පැක්ට් 2026 සමුළුවට සහභාගිවී සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රටවල් කිහිපයක නායකයින් සමග ද්විපාර්ශ්වික...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 38

    රත් දෝතළු - 38 අහස් යනු අමුතුම අයෙකු යැයි කියා මට සිතිණි. වරෙක රළු ලෙසින් කතාබහ කළද සැනෙකින් මෘදු වන්නේ...

    Covid වසංගත සමයේ අපුරු මිතුදමක කතාවක්

    Covid වසංගත සමයේ අපුරු මිතුදමක කතාවක් - Homebound සමහර මිතුරුකම් ලේ නෑකම්වලට වඩා ප්‍රභලයි. අම්මා තාත්තටත් වඩා හදවතට සමීපයි. යහළුවෙක්ට...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page