More
    NewsCourt Order - වසර 19 ක නඩුවකින් පසු වසර...

    Court Order – වසර 19 ක නඩුවකින් පසු වසර 7 කට හිරේ ගිය ඕඅයිසී දේශබන්ධු

    -

    spot_img

    Court Order – හෝටල් හිමියකු ඇතුළු එහි සේවකයන් පස් දෙනකු පැහැරගෙන ගොස් වධ බන්ධනයන්ට ලක් කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වු තිස්සමහාරාම පොලිසයේ හිටපු ස්ථානාධිපතිවරයා ඇතුළු පෙලිස් නිලධාරීන් තිදෙනකුට මාතර මහාධිකරණ විනිසුරු චාමර තෙන්නකෝන් විසින් වසර හත බැගින් වූ බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම නියම කර තිබේ. එමෙන්ම හිංසනයට ලක්වූ පුද්ගලයන් පස්දෙනාට රුපිල් ලක්‍ෂ පහ බැගින් වූ වන්දිද, විත්තිකරුවන්ට රුපියල් දස දහස බැගින් වූ දඩ මුදල්ද ගෙවීමට නියම කළේය.

    මෙලෙස දඬුවම් නියම වුයේ තිස්සමහාරාම පොලිසියේ ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කළ දැනට කොස්ගොඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කරන ප්‍රභාත් දේශබන්ධු, තිස්සමහාරාම පොලිසියේ උප පොලිස් පරීක්‍ෂවරයකු වශයෙන් කටයුතු කළ දැනට වැල්ලවත්ත පොලිසියේ උප පොලිස් පරීක්‍ෂවරයකු වශයෙන් කටයුතු කරන සන්නස්ගල සහ තිස්සමහාරාම පොලිසියේ සැරයන්වරයකු වශයෙන් කටයුතු කර මේ වන විට වැඩ තහනමකට ලක්ව සිටින කුලතුංග නමැත්තාය. පැහැරගෙන් ගොස් හිංසනයට ලක් කොට ඇතැයි නඩු විභාගයේදී අනාවරණය වී ඇත්තේ තිස්සමහාරාම ප්‍රදේශයේ ‘තිස්ස විලේජ්’ නමැති හෝටලයේ හිමිකරු වන උදය ශාන්ත දිසානායක එහි සේවකයන් වශයෙන් කටයුතු කළ සමන්ත, අජන්ත, රුවන් සහ සුජීව දිසානායක නමැත්තන්ය.

    ‘තිස්ස විලේජ්’ නමැති හෝටලය සම්බන්ධයෙන් එම හෝටලයේ හිමිකරු සහ තවත් පාර්ශවයක් අතර ඇති වු ආරවුලක් හේතූවෙන් විත්තිකාර පොලිස් නිලධාරීන් හෝටලයේ හිමිකරු සහ එහි සේවකයන් පැහැරගෙන ගොස් ඔවුන් රඳවාගෙන කෲර ලෙස හිංසනයට පත් කර ඇති බවත් පසුව ගිනි අවි, බෝම්බ ලඟ තබාගත් බවට චෝදනා කරමින් ඔවුන් අධිකරණයට ඉදිරිපත් කරමින් රිමාන්ඩ් බාරයට පත් කර ඇති බවත් නඩු විභාගයේදී අනාවරණය විය. 2003 වසරේ සිට වසර 19ක කාලයක් පුරා පැවැති දීර්ඝ නඩු විභාගයකින් පසුව විත්තිකරුවන්ට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීන්දු කළ විනිසුරුවරයා චෝදනාවන්ට විත්තිකරුවන් වරදකරුවන් බව තීරණය කළේය.

    Latest news

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...

    ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රයක්

    විදේශගතව සිට පැමිණෙන මෙරට පුරවැසියන්ට සහ ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රය ලබා දීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව...

    මොරගහකන්ද ජලාශය වාන් දැමීමට ඇති හැකියාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමක්

    අධික වර්ෂා තත්ත්වය නිසා ඉදිරියේදී මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට සිදුවීමේ සම්භාවිතාවක් පවතින බව මහවැලි අධිකාරිය පවසනවා. අද (18)...
    - Advertisement -spot_img

    මැටීගේ කපුටු ප්‍රේමය

    මැටීගේ කපුටු ප්‍රේමය සොබාදහම විටෙක ආවේගශීලී බව මම දැන සිටියෙමි. එබැවින් මම ජීවත්වුණේ ඉතා පරිස්සමිනි. පළමු වරට කූඩුවෙන් පිටවීමට...

    Blackheads ගැටළුවට විසඳුමක්

    Blackheads කියන්නෙ ගොඩක් අයට තියෙන රූපලාවන්‍ය ගැටළුවක්. මේකට වයස බලපෑමක් නැහැ. තරුණ වයසෙ ඉඳලා මැදිවිය දක්වාම ගොඩක් අය මුහුණ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page