ArtConference ඩිජිටල් පරිවර්තන හමුවේ ශ්‍රී ලාංකේය සිනමාව

Conference ඩිජිටල් පරිවර්තන හමුවේ ශ්‍රී ලාංකේය සිනමාව

-

spot_img

Conference – ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදය විසින් සංවිධානය කරන ලද සිනමාව හා සම්බන්ධව, “මාර්ගගත අවකාශයේ සිනමා අන්තර්ගතයේ ආරක්ෂාව”, “සමාජ මාධ්‍ය තුළ සිනමා ප්‍රවර්ධනය”, “ඊ-සිනමාව සමග පැවතීමේදී ඒ පිළිබඳව අවධානය දිය යුතු කාරණා” සහ “ඩිජිටල් වේදිකාවේ සිනමා ප්‍රදර්ශන අවකාශය” පිළිබඳ ව සිනමා අධ්‍යක්ෂවරුන්, නිෂ්පාදකවරුන් සහ සංස්කරණ ශිල්පීන් ඇතුළුව සිනමා පසු නිෂ්පාදන කාර්යයේ නිරත තාක්ෂණ ශිල්පීන් ඇතුළු වෘත්තීයවේදීන් දැනුම්වත් කරන ලද සම්මන්ත්‍රණය පසුගියදා කොළඹ 02, නවලෝක ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

පවතින තාක්ෂණයෙන් ඩිජිටල් තාක්ෂණය වෙත පරිවර්තනය වන ශ්‍රී ලාංකේය සිනමාවේ නිෂ්පාදනය, පසු නිෂ්පාදනය, බෙදාහැරීම සහ ප්‍රදර්ශනය යන නන්වැදෑරුම් ක්ෂේත්‍රවල පවත්වාගත යුතු සාධනීය ගුණාත්මක භාවය සමස්ත කර්මාන්තය තුළ ප්‍රමිතිගතව තබා ගැනීම පිණිස සම්පත් දායකයන් වෙතින් ඉදිරිපත් වූ නිදර්ශන සහිත දේශන, ප්‍රශ්නෝත්තර වාර සහ සහභාගීවූවන් වෙතින් ගොඩ නැගුණු සංවාදශීලී සාකච්ඡා යන විවිධ ක්‍රමවේද ඔස්සේ මෙම සම්මන්ත්‍රණය සංවිධානය කොට තිබිණි.

වසර 12ක කීර්තිමත් ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදය විසින් දේශීය සිනමා කලාව සහ කර්මාන්තය වෙනුවෙන් ගත වූ දිගු කාලය තුළ ලබා ගත් ජයග්‍රහණ පිළිබඳව අවධානය ලක්කළ අතර, විශේෂයෙන් සිනමා ශාලාව සමග බැඳුනු මෙරට සිනමා ප්‍රේක්ෂකත්වය මෙන්ම විවිධ නව මාධ්‍ය පීඨිකා ඔස්සේ මෙරට සිනමා කෘති නරඹන විදෙස්ගත ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකත්වය පිළිබඳව ද මෙමසම්මන්ත්‍රණයේදී අවධාරණය කෙරිණි.

සටහන: ඇන්ටන් ජේ. ප්‍රනාන්දු

Latest news

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...

ජනපති අනුරගේ පාස්කු ඉරුදින පණිවිඩය

දුකට පත් ජනතාවගේ ගැලවීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසප්‍රාප්තියෙන් පසු මරණයේ අඳුර පරාජය කරමින් උත්ථානය...
- Advertisement -spot_img

රත් දෝතළු – 65

රත් දෝතළු - 65 මා නිසා අහස්ගේ කාර්යයන් පහසුව ඇති බව විනිෆ්‍රීඩා මහත්මිය මා සමඟ කීවාය. බොහෝ විට මම ඔහුගේ...

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව - It Was Just an Accident හැමදේකටම හේතුවක් තියෙනව. අපි අහම්බයක් කියලා හිතන දෙයක් වුණත්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you