More
    spot_img
    ArtConference ඩිජිටල් පරිවර්තන හමුවේ ශ්‍රී ලාංකේය සිනමාව

    Conference ඩිජිටල් පරිවර්තන හමුවේ ශ්‍රී ලාංකේය සිනමාව

    -

    spot_img

    Conference – ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදය විසින් සංවිධානය කරන ලද සිනමාව හා සම්බන්ධව, “මාර්ගගත අවකාශයේ සිනමා අන්තර්ගතයේ ආරක්ෂාව”, “සමාජ මාධ්‍ය තුළ සිනමා ප්‍රවර්ධනය”, “ඊ-සිනමාව සමග පැවතීමේදී ඒ පිළිබඳව අවධානය දිය යුතු කාරණා” සහ “ඩිජිටල් වේදිකාවේ සිනමා ප්‍රදර්ශන අවකාශය” පිළිබඳ ව සිනමා අධ්‍යක්ෂවරුන්, නිෂ්පාදකවරුන් සහ සංස්කරණ ශිල්පීන් ඇතුළුව සිනමා පසු නිෂ්පාදන කාර්යයේ නිරත තාක්ෂණ ශිල්පීන් ඇතුළු වෘත්තීයවේදීන් දැනුම්වත් කරන ලද සම්මන්ත්‍රණය පසුගියදා කොළඹ 02, නවලෝක ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

    පවතින තාක්ෂණයෙන් ඩිජිටල් තාක්ෂණය වෙත පරිවර්තනය වන ශ්‍රී ලාංකේය සිනමාවේ නිෂ්පාදනය, පසු නිෂ්පාදනය, බෙදාහැරීම සහ ප්‍රදර්ශනය යන නන්වැදෑරුම් ක්ෂේත්‍රවල පවත්වාගත යුතු සාධනීය ගුණාත්මක භාවය සමස්ත කර්මාන්තය තුළ ප්‍රමිතිගතව තබා ගැනීම පිණිස සම්පත් දායකයන් වෙතින් ඉදිරිපත් වූ නිදර්ශන සහිත දේශන, ප්‍රශ්නෝත්තර වාර සහ සහභාගීවූවන් වෙතින් ගොඩ නැගුණු සංවාදශීලී සාකච්ඡා යන විවිධ ක්‍රමවේද ඔස්සේ මෙම සම්මන්ත්‍රණය සංවිධානය කොට තිබිණි.

    වසර 12ක කීර්තිමත් ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදය විසින් දේශීය සිනමා කලාව සහ කර්මාන්තය වෙනුවෙන් ගත වූ දිගු කාලය තුළ ලබා ගත් ජයග්‍රහණ පිළිබඳව අවධානය ලක්කළ අතර, විශේෂයෙන් සිනමා ශාලාව සමග බැඳුනු මෙරට සිනමා ප්‍රේක්ෂකත්වය මෙන්ම විවිධ නව මාධ්‍ය පීඨිකා ඔස්සේ මෙරට සිනමා කෘති නරඹන විදෙස්ගත ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකත්වය පිළිබඳව ද මෙමසම්මන්ත්‍රණයේදී අවධාරණය කෙරිණි.

    සටහන: ඇන්ටන් ජේ. ප්‍රනාන්දු

    Latest news

    IMF අනුරට බැරි ඇයි..?

    IMF - "පොහොසත් රටක් ලස්සන ජිවිතයක්" සිය ප්‍රත්පත්තිය ලෙස ප්‍රකාශයට පත් කරන හිටපු කෘෂිකර්ම අමාත්‍ය අනුර කුමාර දිසානායකට සහ...

    Local Government Elections නාම යෝජනා නැවත කැඳවන යෝජනාවක්!

    Local Government Elections - 2023 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා කැඳවා ඇති නාම යෝජනා ආපසු කැඳවා 2024 ඡන්ද...

    Nandalal Weerasinghe ගමන වෙනස් වුණොත් රට නැවත වැටෙනවා

    Nandalal Weerasinghe - ශක්තිමත් මූල්‍ය ප්‍රතිපත්ති හා තීන්දු තීරණ හේතුවෙන් අපේක්ෂා කළාට වඩා වැඩි වේගයකින් ශ්‍රී ලංකාව පැවතී ආර්ථික...

    Cannabises රජයේ ගංජා වගාව මීරිගම සහ මහනුවර

    Cannabises - මෙරට දෙවැනි කර්මාන්ත කලාපය වන ත්‍රිකුණාමලයේ කප්පල්තුරේ කර්මාන්ත කලාපයට ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5ක පමණ ආයෝජනයක් ලබාගැනීමට රජය...
    - Advertisement -spot_img

    Hima Mal Renu හිම මල් රේණු – 55

    Hima Mal Renu හිම මල් රේණු මා සිටියේ ගැහෙන සිතිනි. තේෂාන්ගේ ඇමතුම මා සිතේ ඇති කර තිබුණේ සියුම් චකිතයක් සමඟ...

    IMF අනුරට බැරි ඇයි..?

    IMF - "පොහොසත් රටක් ලස්සන ජිවිතයක්" සිය ප්‍රත්පත්තිය ලෙස ප්‍රකාශයට පත් කරන හිටපු කෘෂිකර්ම අමාත්‍ය අනුර කුමාර දිසානායකට සහ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page