ArtCoco 2017 අපි ඇත්ත කියල අදහන දේවල් ලොකු බොරුවක්,ප්‍රබන්ධයක්...

Coco 2017 අපි ඇත්ත කියල අදහන දේවල් ලොකු බොරුවක්,ප්‍රබන්ධයක් වෙන්න පුළුවන්

-

spot_img

Coco 2017 අපි ඇත්ත කියල අදහන දේවල් ලොකු බොරුවක්,ප්‍රබන්ධයක් වෙන්න පුළුවන්

Santa Cecilia කුඩා මෙක්සිකානු නගරයක්. වෙළඳසැල්,සංගීතය,ප්‍රීතිමත්,කඩිසර නගරවාසීන් ගෙන් හැඩවුන වර්ණවත් සහ සුන්දර තැනක්. Miguel ජීවත්වුනේ මේ නගරයේ. ඔහු පුංචි පිරිමි ළමයෙක්. Miguel ට විශාල පවුලක් තිබුණා. අම්මා,තාත්තා,සොයුරු සොයුරියන්,නැන්දලා , මාමලා,ආච්චි හැමෝම එක්ව ජීවත්වුන මේ පවුල තුළ ආදරය,සතුට,රැකවරණය නොඅඩුවම තිබුණා.Miguel ගේ මී මිත්තණිය Coco. ඇය ගොඩක් වයසයි. Miguel ඇයට හරිම ආදරෙයි. හැම පවුලකටම තියෙනවා ඔවුන්ටම උරුම වූ ඉතිහාසයක්. ඒ හා බැඳුණු කතා. එහෙම කතන්දර මේ පවුලටත් තිබුනා. ඔවුන් ජීවත්වුනේ සපත්තු මැසීමෙන්. ඒ වෘත්තියත් පවුලෙන් උරුම වූ එකක්. චාරිත්‍රානුකූලව මළවුන් සිහිකිරීමත් ඔවුන් සිදුකළ දෙයක්.

එතකොට මේ පවුලේ අතීත විස්තර?

coco 2017

 

අවුරුදු ගාණකට කලින් Coco පුංචි දැරියක අවධියේදී ඇගේ පියා ඇයවත් ඇගේ මව ඉමෙල්ඩාවත් තනිකර දමා නිවසෙන් පිටවූවා. ඔහු සංගීතයට පෙම්බැඳි අයෙක්. ඔහු ගියේ ඒ වෙනුවෙන්. එදා පටන් පරම්පරා ගණනාවක් පුරාවට මේ අපූරු පවුල තුළ සපුරා තහනම් වූ මාතෘකාවක් තිබුණා. ඒ තමයි සංගීතය. නිවස තුළ නෙමේ ඉන් පිටත පාරේ ඇවිද යන පිටස්තරයෙක් හෝ ගීයක් මිමිණුවද මේ පවුලේ අය ඔහුව පන්නා දැමුවා. මේ මොන විකාර සිරිතක්දැයි Miguel ට සිතුනා. ඔහු තම ජීවිතයේ වැඩියෙන්ම ප්‍රිය කළ දෙයක් වුනේ සංගීතය. සිංදු කියන්න. ගිටාරය වයන්න. සුප්‍රසිද්ධ ගායක Ernesto de la cruz වගේ! ඒත් ඔහුගේ හීනයට යන්න තිබුණ ලොකුම බාධකය තමයි පවුල. මතභේදය හටගන්නේ එතැනින්. ආච්චි ඔහුගේ ගිටාරය කඩා බිඳ දැමුවාට පසු Miguel නිවසෙන් පිටවී එනවා. ඉන්පසු සිදුවන අහම්බයක්,අත්වැරදීමක් නිසා ඔහුට අවස්ථාව ලැබෙනවා මළවුන්ගේ ලෝකයට පියමං කරන්න. Miguelට මොකද වුනේ? මළවුන්ගේ ලෝකයට පණපිටින් යන්න පුළුවන්ද? ඒ ලෝකයේ දී ඔහුට ඔහුගේ මුතුන් මිත්තන් හමුවෙනවා.

coco 2017

සමහරවිට,අපි ඇත්ත යනුවෙන් අදහන දේවල් ලොකු බොරුවක්. ප්‍රබන්ධයක් වෙන්නට පුළුවන්. ඇත්ත හිත බිඳිනවා,දරාගන්න අමාරුයි සහ කටුකයි. නමුත් ඇත්ත අමිහිරි නැහැ, එය මිහිරි දෙයක්. මළවුන් අතරේදී Miguel ට මොකද වෙන්නෙ? එය ගොඩක් බිහිසුණු ලෝකයක්ද? Miguel තවමත් ජීවමාන ද? එසේනම් ඔහුට හැකිවෙයිද ආයෙමත් මේ ලෝකයට එන්න? සංගීතය යනු ඕනෑම අයෙකු සුවපත් කළ හැකි,රිදුම් පිරිමදින දිව්‍යමය ඔසුවක්. We may have our differences, but nothing’s more important than family. අතේ ඇඟිලි පහ එක සමාන නැතිවාක් මෙන්,අපි එකෙනෙකා එකිනෙකාට වෙනස් වෙන්න පුළුවන්.අපි සතුව අනන්තවත් වෙනස්කම් ඇති. නමුත් අපිට අපි අවශ්‍යයි. පවුල තරම් වටිනා දෙයක් ලොව කොතැනකවත් නැහැ. Coco (2017),සිත සනසන,ආදරේ ගැන කියාදෙන,සංගීතය පිරුණු පාට පාට film එකක්.

 

Latest news

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...

ජනපති අනුරගේ පාස්කු ඉරුදින පණිවිඩය

දුකට පත් ජනතාවගේ ගැලවීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසප්‍රාප්තියෙන් පසු මරණයේ අඳුර පරාජය කරමින් උත්ථානය...
- Advertisement -spot_img

රත් දෝතළු – 65

රත් දෝතළු - 65 මා නිසා අහස්ගේ කාර්යයන් පහසුව ඇති බව විනිෆ්‍රීඩා මහත්මිය මා සමඟ කීවාය. බොහෝ විට මම ඔහුගේ...

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව - It Was Just an Accident හැමදේකටම හේතුවක් තියෙනව. අපි අහම්බයක් කියලා හිතන දෙයක් වුණත්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you