More
    ArtCoco 2017 අපි ඇත්ත කියල අදහන දේවල් ලොකු බොරුවක්,ප්‍රබන්ධයක්...

    Coco 2017 අපි ඇත්ත කියල අදහන දේවල් ලොකු බොරුවක්,ප්‍රබන්ධයක් වෙන්න පුළුවන්

    -

    spot_img

    Coco 2017 අපි ඇත්ත කියල අදහන දේවල් ලොකු බොරුවක්,ප්‍රබන්ධයක් වෙන්න පුළුවන්

    Santa Cecilia කුඩා මෙක්සිකානු නගරයක්. වෙළඳසැල්,සංගීතය,ප්‍රීතිමත්,කඩිසර නගරවාසීන් ගෙන් හැඩවුන වර්ණවත් සහ සුන්දර තැනක්. Miguel ජීවත්වුනේ මේ නගරයේ. ඔහු පුංචි පිරිමි ළමයෙක්. Miguel ට විශාල පවුලක් තිබුණා. අම්මා,තාත්තා,සොයුරු සොයුරියන්,නැන්දලා , මාමලා,ආච්චි හැමෝම එක්ව ජීවත්වුන මේ පවුල තුළ ආදරය,සතුට,රැකවරණය නොඅඩුවම තිබුණා.Miguel ගේ මී මිත්තණිය Coco. ඇය ගොඩක් වයසයි. Miguel ඇයට හරිම ආදරෙයි. හැම පවුලකටම තියෙනවා ඔවුන්ටම උරුම වූ ඉතිහාසයක්. ඒ හා බැඳුණු කතා. එහෙම කතන්දර මේ පවුලටත් තිබුනා. ඔවුන් ජීවත්වුනේ සපත්තු මැසීමෙන්. ඒ වෘත්තියත් පවුලෙන් උරුම වූ එකක්. චාරිත්‍රානුකූලව මළවුන් සිහිකිරීමත් ඔවුන් සිදුකළ දෙයක්.

    එතකොට මේ පවුලේ අතීත විස්තර?

    coco 2017

     

    අවුරුදු ගාණකට කලින් Coco පුංචි දැරියක අවධියේදී ඇගේ පියා ඇයවත් ඇගේ මව ඉමෙල්ඩාවත් තනිකර දමා නිවසෙන් පිටවූවා. ඔහු සංගීතයට පෙම්බැඳි අයෙක්. ඔහු ගියේ ඒ වෙනුවෙන්. එදා පටන් පරම්පරා ගණනාවක් පුරාවට මේ අපූරු පවුල තුළ සපුරා තහනම් වූ මාතෘකාවක් තිබුණා. ඒ තමයි සංගීතය. නිවස තුළ නෙමේ ඉන් පිටත පාරේ ඇවිද යන පිටස්තරයෙක් හෝ ගීයක් මිමිණුවද මේ පවුලේ අය ඔහුව පන්නා දැමුවා. මේ මොන විකාර සිරිතක්දැයි Miguel ට සිතුනා. ඔහු තම ජීවිතයේ වැඩියෙන්ම ප්‍රිය කළ දෙයක් වුනේ සංගීතය. සිංදු කියන්න. ගිටාරය වයන්න. සුප්‍රසිද්ධ ගායක Ernesto de la cruz වගේ! ඒත් ඔහුගේ හීනයට යන්න තිබුණ ලොකුම බාධකය තමයි පවුල. මතභේදය හටගන්නේ එතැනින්. ආච්චි ඔහුගේ ගිටාරය කඩා බිඳ දැමුවාට පසු Miguel නිවසෙන් පිටවී එනවා. ඉන්පසු සිදුවන අහම්බයක්,අත්වැරදීමක් නිසා ඔහුට අවස්ථාව ලැබෙනවා මළවුන්ගේ ලෝකයට පියමං කරන්න. Miguelට මොකද වුනේ? මළවුන්ගේ ලෝකයට පණපිටින් යන්න පුළුවන්ද? ඒ ලෝකයේ දී ඔහුට ඔහුගේ මුතුන් මිත්තන් හමුවෙනවා.

    coco 2017

    සමහරවිට,අපි ඇත්ත යනුවෙන් අදහන දේවල් ලොකු බොරුවක්. ප්‍රබන්ධයක් වෙන්නට පුළුවන්. ඇත්ත හිත බිඳිනවා,දරාගන්න අමාරුයි සහ කටුකයි. නමුත් ඇත්ත අමිහිරි නැහැ, එය මිහිරි දෙයක්. මළවුන් අතරේදී Miguel ට මොකද වෙන්නෙ? එය ගොඩක් බිහිසුණු ලෝකයක්ද? Miguel තවමත් ජීවමාන ද? එසේනම් ඔහුට හැකිවෙයිද ආයෙමත් මේ ලෝකයට එන්න? සංගීතය යනු ඕනෑම අයෙකු සුවපත් කළ හැකි,රිදුම් පිරිමදින දිව්‍යමය ඔසුවක්. We may have our differences, but nothing’s more important than family. අතේ ඇඟිලි පහ එක සමාන නැතිවාක් මෙන්,අපි එකෙනෙකා එකිනෙකාට වෙනස් වෙන්න පුළුවන්.අපි සතුව අනන්තවත් වෙනස්කම් ඇති. නමුත් අපිට අපි අවශ්‍යයි. පවුල තරම් වටිනා දෙයක් ලොව කොතැනකවත් නැහැ. Coco (2017),සිත සනසන,ආදරේ ගැන කියාදෙන,සංගීතය පිරුණු පාට පාට film එකක්.

     

    Latest news

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...

    ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රයක්

    විදේශගතව සිට පැමිණෙන මෙරට පුරවැසියන්ට සහ ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රය ලබා දීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව...

    මොරගහකන්ද ජලාශය වාන් දැමීමට ඇති හැකියාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමක්

    අධික වර්ෂා තත්ත්වය නිසා ඉදිරියේදී මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට සිදුවීමේ සම්භාවිතාවක් පවතින බව මහවැලි අධිකාරිය පවසනවා. අද (18)...
    - Advertisement -spot_img

    මැටීගේ කපුටු ප්‍රේමය

    මැටීගේ කපුටු ප්‍රේමය සොබාදහම විටෙක ආවේගශීලී බව මම දැන සිටියෙමි. එබැවින් මම ජීවත්වුණේ ඉතා පරිස්සමිනි. පළමු වරට කූඩුවෙන් පිටවීමට...

    Blackheads ගැටළුවට විසඳුමක්

    Blackheads කියන්නෙ ගොඩක් අයට තියෙන රූපලාවන්‍ය ගැටළුවක්. මේකට වයස බලපෑමක් නැහැ. තරුණ වයසෙ ඉඳලා මැදිවිය දක්වාම ගොඩක් අය මුහුණ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page