Artදැන් ඔයා ගැහැණියක්, පිරිමින් ආශ්‍රය තහනම්! Carrie

දැන් ඔයා ගැහැණියක්, පිරිමින් ආශ්‍රය තහනම්! Carrie

-

spot_img

Carrie movie review Sinhala

Carrie, නව යොවුන් වියේ පසුවන ශිෂ්‍යාවක්. ඇය ජීවත්වුනේ මව සමගින්. Carrie White අහිංසක, එතරම් සමාජශීලී නොවන, බයාදු කෙල්ලක්. සාමාන්‍යයෙන් මිනිස්සුන්ගෙ සිරිත තමයි එහෙම අයෙක් හමුවුනාම ඔහු හෝ ඇයව අපහසුතාවට පත් කරන එක. Carrie ටත් නිරතුරුවම ඒ අත්දැකීමට මුහුණදෙන්න වුනා. Highschool එකේ කෙල්ලන්ට ඇයව විනෝදයක් වුනා.ඔවුන් ඇයට සිනාසුනා.

Carrie ගෙ අම්මා Margaret ආගම වෙත දැඩිව නැඹුරු වූ, මිත්‍යාවන් විශ්වාස කළ ගැහැණියක්. ඇය තම දියණියට සාමාන්‍ය මවක් වුනේ නැහැ කවදාවත්ම. දුවට මිතුරු මිතුරියන් හා ගතකරන්න ඇය ඉඩ දුන්නේ නැහැ. Carrie ගේ පළමු ඔසප්වීම සිදුවන්නේ මේ අතරතුරදීයි. ඒ පාසලේදී. තම සිරුරේ තැවරුණු රුධිරය දකින Carrie මේ සිද්දවෙන්නේ කුමක්දැයි වටහාගනු නොහැකිව භීතියෙන් විලාප දෙනවා. කෙල්ලන්ට මෙය මහත් විනෝදයක් වන අතර ඔවුන් tampons, සනීපාරක්ෂක තුවා ඇය වෙත විසිකරනවා. ඔවුන් අතරින් එක් අයෙක් මේ සිදුවීම video කර youtube upload කරනවා. දුවගේ ඔසප්වීම දැනගත් මව, ඇයට අවවාද කරනවා.දැන් ඔයා ගැහැණියක්, පිරිමින් ආශ්‍රය තහනම්!

Carrie ට පුදුමාකාර පාළුවක්, තනිකමක් දැනෙන්න ඇති. සමවයසේ අනිත් අයට මෙන් මිතුරු මිතුරියන්,ප්‍රීතිමත් පවුලක්,පෙම්වතෙක් නැති අඩුව දැනෙන්න ඇති. සාමාන්‍ය කෙල්ලෙක් මෙන් විනෝදයෙන් ජීවිතය ගෙවන්න තිබුනානම් කියලා හිතෙන්න ඇති. නමුත් නිවසේදීත්, පාසලේදීත් ඇගේ කාලය ගතවුනේ බියෙන්,පීඩනයකින්. ඇයට කාරුණික වූ දෙතුන් දෙනෙකුත් මේ නොමිනිසුන් අතර සිටියා.

මේ අතරවාරයේ තමයි කලාතුරකින් කෙනෙකුට ලැබෙන අන්දමේ හැකියාවක්, බලයක් තමාට ලැබී ඇතිවග Carrie තේරුම්ගන්නේ. ඇයට දැනෙන්නෙ සතුටක්.මෙතරම් කාලයක් හිතේ සිරකරගෙන සිටි පීඩනය නිසා ඇයට මේ හැකියාව ලැබුනා වන්නට පුලුවන්. දැන් ඇයට පුලුවන් තමන්ට නපුරුකම් කළ අයගෙන් පළිගන්න.

ඇය එහෙම කරයිද? Carrie White ට ලැබෙන ඒ අපූරු හැකියාව මොකක්ද?

ඇත්ත ඇති සැටියෙන් පිළිගන්නට ඇතැම් අයට ඇති නොහැකියාව, මිත්‍යාදෘෂ්ටික අදහස් දැඩිව විශ්වාස කිරීම, අන් අය කෙරෙහි මානුෂීය නොවීම වැනි හේතූන් නිසා, එවැන්නන්ගේ අනුවණ ක්‍රියාකාරකම් නිසා ඇතැම්විට නිර්දෝශී, අහිංසකයන් වැරදිකරුවන් බවට පත්වෙනවා..

ත්‍රාසජනක නවකතා කලාවේ රජු ලෙසින් විරුදාවලි ලැබූ අමෙරිකානු ලේඛක Stephen King ගේ Carrie නවකතාව ඇසුරෙන් Carrie (2013) චිත්‍රපටය නිමැවී තිබෙනවා. Supernatural Horror/ Thriller ගණයට අයත් මෙය, Stephen King ගේ කතා අතරෙන් අඳුරුතම අවසානයන් සහිත කතාවන්ගෙන් එකක්. Carrie, සිනමාවටනැගෙන දෙවන අවස්ථාව මෙයයි.

Horror චිත්‍රපට සඳහා නැතිවම බැරි වූ ඇය, සුන්දර Chloe Grace Moretz, Carrie ගේ චරිතය රඟදක්වනවා. ඇගේ රංගනය අපූර්ව එකක්.

 

Latest news

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...

ජනපති අනුරගේ පාස්කු ඉරුදින පණිවිඩය

දුකට පත් ජනතාවගේ ගැලවීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසප්‍රාප්තියෙන් පසු මරණයේ අඳුර පරාජය කරමින් උත්ථානය...
- Advertisement -spot_img

රත් දෝතළු – 65

රත් දෝතළු - 65 මා නිසා අහස්ගේ කාර්යයන් පහසුව ඇති බව විනිෆ්‍රීඩා මහත්මිය මා සමඟ කීවාය. බොහෝ විට මම ඔහුගේ...

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව - It Was Just an Accident හැමදේකටම හේතුවක් තියෙනව. අපි අහම්බයක් කියලා හිතන දෙයක් වුණත්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you