NewsBritish වසර හයක් අතුරුදන් දරුවා

British වසර හයක් අතුරුදන් දරුවා

-

spot_img

British – 2019 පෙබරවාරි මාසයේදී ඉදිරිපත් කරන ලද පොලිස් අභියාචනයකට අනුව, Alex Batty නම් බ්‍රිතාන්‍ය ජාතික පිරිමි දරුවා 2017 වසරේදී ඔහුගේ නීත්‍යානුකූල මාපිය භාරකාරත්වය නොතිබූ මව සහ සීයා සමඟ ස්පාඤ්ඤයට නිවාඩුවක් ගත කිරීම සඳහා ගොස් සිටියදී අතුරුදන්ව තිබේ. එවකට 11 වන වියෙහි පසුවූ මේ පිරිමි දරුවා වසර හයකට පසුව නිරිතදිග ප්‍රංශයේ, Toulouse නගරයට ආසන්න Haute-Garonne ප්‍රදේශයෙන් සොයා ගත් බව ප්‍රාදේශීය බලධාරීන්ගේ ප්‍රකාශකයෙකු ඊයේ [14 වෙනි බ්‍රහස්පතින්දා] CNN පුවත් සේවය වෙත පවසා තිබිණි.

CNN හි අනුබද්ධ BFMTV වාර්තා කළේ පවුල විසින් යෞවනයාගේ අනන්‍යතාවය තහවුරු කර ඇති බවත්, ඔහු ඉක්මනින්ම එංගලන්තයට පැමිණීමට නියමිත බවත්ය. ඔහුගේ නීත්‍යානුකූල භාරකරු වන ආච්චි, Susan Caruana එක්සත් රාජධානියේ The Sun පුවත්පතට පවසා තිබුණේ, “මට හරිම සතුටක් වගේම කම්පනයක් දැනෙනවා. මම ඔහුට කතා කරා. ඔහු ප්‍රංශයේ බලධාරීන් සමඟ හොඳින් ඉන්නවා” යනුවෙනි. Oldham හි නිලධාරීන් “වාර්තාවේ සත්‍යතාව” තහවුරු කිරීම සඳහා ප්‍රංශ බලධාරීන් සමඟ සම්බන්ධ වී සිටින අතර බ්‍රිතාන්‍යයේ Greater Manchester පොලිසියේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, “මෙය සංකීර්ණ හා දිගුකාලීන පරීක්ෂණයක් වන අතර, වැඩිදුර විමසීම් මෙන්ම සුදුසු ආරක්ෂක පියවරයන් ක්‍රියාත්මක කළ යුතු” බවයි.

-CNN News ඇසුරෙනි- by Maya Szaniecki, Joseph Ataman, Caitlin Danaher and Alex Hardie.

Image Source: Greater Manchester Police

Latest news

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...

ජනපති අනුරගේ පාස්කු ඉරුදින පණිවිඩය

දුකට පත් ජනතාවගේ ගැලවීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසප්‍රාප්තියෙන් පසු මරණයේ අඳුර පරාජය කරමින් උත්ථානය...
- Advertisement -spot_img

ස්වර්ග සිහින

ස්වර්ග සිහින - Licorice Dreams බෙනඩික්ට් මියගියේ ස්වර්ගයට යෑමේ අපේක්ෂාවෙනි. ඔහු සාන්තුවරයෙකු නොවීය. ඔහු ඉඳහිට තම සහෝදරයා සමග මත්පැන් පානය...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you