More
    NewsBritish වසර හයක් අතුරුදන් දරුවා

    British වසර හයක් අතුරුදන් දරුවා

    -

    spot_img

    British – 2019 පෙබරවාරි මාසයේදී ඉදිරිපත් කරන ලද පොලිස් අභියාචනයකට අනුව, Alex Batty නම් බ්‍රිතාන්‍ය ජාතික පිරිමි දරුවා 2017 වසරේදී ඔහුගේ නීත්‍යානුකූල මාපිය භාරකාරත්වය නොතිබූ මව සහ සීයා සමඟ ස්පාඤ්ඤයට නිවාඩුවක් ගත කිරීම සඳහා ගොස් සිටියදී අතුරුදන්ව තිබේ. එවකට 11 වන වියෙහි පසුවූ මේ පිරිමි දරුවා වසර හයකට පසුව නිරිතදිග ප්‍රංශයේ, Toulouse නගරයට ආසන්න Haute-Garonne ප්‍රදේශයෙන් සොයා ගත් බව ප්‍රාදේශීය බලධාරීන්ගේ ප්‍රකාශකයෙකු ඊයේ [14 වෙනි බ්‍රහස්පතින්දා] CNN පුවත් සේවය වෙත පවසා තිබිණි.

    CNN හි අනුබද්ධ BFMTV වාර්තා කළේ පවුල විසින් යෞවනයාගේ අනන්‍යතාවය තහවුරු කර ඇති බවත්, ඔහු ඉක්මනින්ම එංගලන්තයට පැමිණීමට නියමිත බවත්ය. ඔහුගේ නීත්‍යානුකූල භාරකරු වන ආච්චි, Susan Caruana එක්සත් රාජධානියේ The Sun පුවත්පතට පවසා තිබුණේ, “මට හරිම සතුටක් වගේම කම්පනයක් දැනෙනවා. මම ඔහුට කතා කරා. ඔහු ප්‍රංශයේ බලධාරීන් සමඟ හොඳින් ඉන්නවා” යනුවෙනි. Oldham හි නිලධාරීන් “වාර්තාවේ සත්‍යතාව” තහවුරු කිරීම සඳහා ප්‍රංශ බලධාරීන් සමඟ සම්බන්ධ වී සිටින අතර බ්‍රිතාන්‍යයේ Greater Manchester පොලිසියේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, “මෙය සංකීර්ණ හා දිගුකාලීන පරීක්ෂණයක් වන අතර, වැඩිදුර විමසීම් මෙන්ම සුදුසු ආරක්ෂක පියවරයන් ක්‍රියාත්මක කළ යුතු” බවයි.

    -CNN News ඇසුරෙනි- by Maya Szaniecki, Joseph Ataman, Caitlin Danaher and Alex Hardie.

    Image Source: Greater Manchester Police

    Latest news

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...

    ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රයක්

    විදේශගතව සිට පැමිණෙන මෙරට පුරවැසියන්ට සහ ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රය ලබා දීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව...

    මොරගහකන්ද ජලාශය වාන් දැමීමට ඇති හැකියාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමක්

    අධික වර්ෂා තත්ත්වය නිසා ඉදිරියේදී මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට සිදුවීමේ සම්භාවිතාවක් පවතින බව මහවැලි අධිකාරිය පවසනවා. අද (18)...
    - Advertisement -spot_img

    මැටීගේ කපුටු ප්‍රේමය

    මැටීගේ කපුටු ප්‍රේමය සොබාදහම විටෙක ආවේගශීලී බව මම දැන සිටියෙමි. එබැවින් මම ජීවත්වුණේ ඉතා පරිස්සමිනි. පළමු වරට කූඩුවෙන් පිටවීමට...

    Blackheads ගැටළුවට විසඳුමක්

    Blackheads කියන්නෙ ගොඩක් අයට තියෙන රූපලාවන්‍ය ගැටළුවක්. මේකට වයස බලපෑමක් නැහැ. තරුණ වයසෙ ඉඳලා මැදිවිය දක්වාම ගොඩක් අය මුහුණ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page