ArtBougainvillea මිනිස්සු පාවිච්චි කරන්නා ඝාතකයකු තරමටම භයානකයි

Bougainvillea මිනිස්සු පාවිච්චි කරන්නා ඝාතකයකු තරමටම භයානකයි

-

spot_img

Bougainvillea – ස්වභාවයෙන්ම ගැහැණිය සොඳුරුයි. එලෙසින්ම ඇය ඉතාම ශක්තිමත්. ඈ සතු ඒ ශක්තිය පිළිබඳ ඇතැම් විට ඇය දන්නේත් නැහැ. බෝගන්විලා මල් ගැහැණියකගේ ශක්තිය සහ සොඳුරු බව සංකේතවත් කරන මල්වර්ගයක් ලෙසින් හැඳින්වෙනවා.

ඇය රීතු. තරුණ විය ඉක්මවා යමින් සිටි, දරු දෙදෙනෙකුගේ මවක්. ඇගේ සැමියා රොයිස්. නිහඬ, නිස්කලංක පෙදෙසක ඔවුන් ජීවත්වුණා. ඇයගේ අළු පැහැ අවුල් කෙස්වැටිය නිසා සමහරුන්ට ඇය තරමක් අමුතු ගැහැණියක් බව හිතෙනව ඇති. ඒත් ඔවුන්ගෙ ජීවිත සාමකාමීව ගතවී යන බව පෙනුණා. දරුවන් පාසල් යැවූ පසු ඇය සිතුවම් ඇන්දා. හැමදාමත් ඇය සිතුවම් කළේ බෝගන්විලා මල්. රතුම රතු පැහැ බෝගන්විලා.

Bougainvillea

සැබැවින්ම රීතු සිටියේ එතරම් යහපත් මානසික තත්වයක නොවෙයි. ඊට හේතුව අතීතයේ ඇයට සිදුවුන අනතුරක්. රීතුගෙ මතකය දුර්වලයි. ඇගේ මතකයේ අපැහැදිලි සහ කිසිසේත්ම මතක නැති දේවල් තිබුණා. මේ අපහැදිලි හැඟීම් එක්ක ඇය ජීවත්වුණේ තමන්ගෙ සිතුවිලි එක්කම සටන් කරමින්. සිතුවම් තමයි ඇගේ ඒ පීඩා මදකට හරි යටපත් කළේ. ඇගේ සැමියා ඇයගෙ විකාර සහගත හැසිරීම් ඉවසමින්, ඇයව ආදරයෙන් බලාගත්තා. වෛද්‍ය රොයිස් ඉවසිලිවන්ත, සැළකිලිමත් සැමියෙක් කියලා හැමෝම කල්පනා කළා.

Bougainvillea

තත්වයන් වෙනස් වෙන්නෙ “චායා” නැමති සිසුවිය අතුරුදන් වීමත් එක්ක. චායාගෙ අතුරුදන් වීම සම්බන්ධව පරීක්ෂණ මෙහෙයවන ACP ඩේවිඩ් කෝෂි රීතුව සොයා එන්නෙ ඇය චායා අතුරුදන් වූ දිනයේ සිසුවිය අසල සිටි බැව් පවසමින්. රීතු ජීවත්වෙන්නෙ මායාවකට මැදිවෙලා කියන ඇත්ත ඇගේ සැමියාගෙන් දැනගත්තට පස්සෙ ඩේවිඩ් කෝෂිගෙ බලාපොරොත්තු කඩවුණත්, ඔහු උත්සාහය අත් හැරියෙ නැහැ. සැබැවින්ම ඇගේ මතකයේ චායා හිටියා. ඒ ඇයටම අපැහැදිලි තැනක. මේ අතර තත්වය තවත් නරක අතට හැරෙමින් තවත් යුවතියන් දෙදෙනෙක් අතුරුදහන් වෙනවා. ඔවුන්ට මොකද සිදුවුණේ..? කවුරුන් හෝ ඔවුන් ඝාතනය කළාද..? එසේනම් ඝාතකයා කවුරුන්ද..? මේ කතාව ඉදිරියට ඇදෙන්නෙ රීතුගෙ දුර්වල මතකය, මායාවන් සහ සැබෑව අතරේ යි.

Bougainvillea

දෙමව්පියන් දරුවන්ට කියන්නෙ ලොකු වුණාම වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවරයෙක් යනාදී රැකියාවක් කරන්න කියලා විතරයි. සමාජයට සේවය කරන අන් අයගේ ජීවිතවලට බලපෑම් බාධා නොකරන මනුෂ්‍යයෙක් වෙන අන්දම දරුවාට කියලා දීම ගැන වැඩිහිටියො ඒ තරම් කරදර වෙන්නෙ නැහැ. බොහෝවිට අපරාධකරුවකු බිහිවීමේ අඩිතාලම හැදෙන්නේ කුඩා වියේ සිට. ඔහුගේ / ඇයගේ පවුල තුළින්. වැඩිහිටියො සිදුකරන පුංචිම දේවල් පවා කුඩාවුන් බොහොම සූක්ෂ්ම අයුරින් ග්‍රහණය කරගන්නවා. බොහෝවිට නරක දේවල්. ඉන් පසු ඒ නරක සමාජගත වෙන්නේ විනාශකාරී අයුරින්.

Bougainvillea

ඇතැමුන් තම අරමුණු මුදුන්පත් කරගන්නේ ඒ සඳහා මිනිස් ජීවිත පාවිච්චි කරමින්. ඔවුන් ඒ සඳහා ආදරය, රැකවරණය ලබා දීම වැනි වචන භාවිත කරනවා. ඔවුන්ට හැකියි කෙනෙකුගේ ආත්මයම බිලි ගන්නට. කෙනෙකුගේ ජීවිතයක්, තමාට අවැසි පරිදි භාවිත කරන, නොඑසේ නම් “මිනිස්සුන්ව පාවිච්චි කරන” අය ඝාතකයකු තරමටම භයානකයි.

Latest news

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...

ජනපති අනුරගේ පාස්කු ඉරුදින පණිවිඩය

දුකට පත් ජනතාවගේ ගැලවීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසප්‍රාප්තියෙන් පසු මරණයේ අඳුර පරාජය කරමින් උත්ථානය...
- Advertisement -spot_img

රත් දෝතළු – 65

රත් දෝතළු - 65 මා නිසා අහස්ගේ කාර්යයන් පහසුව ඇති බව විනිෆ්‍රීඩා මහත්මිය මා සමඟ කීවාය. බොහෝ විට මම ඔහුගේ...

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව - It Was Just an Accident හැමදේකටම හේතුවක් තියෙනව. අපි අහම්බයක් කියලා හිතන දෙයක් වුණත්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you