FeaturesBen Carson දෙවියන්ගේ දෑත් ලද ලෝ ප්‍රකට ස්නායු ශල්‍ය වෛද්‍යවරයා

Ben Carson දෙවියන්ගේ දෑත් ලද ලෝ ප්‍රකට ස්නායු ශල්‍ය වෛද්‍යවරයා

-

spot_img

Ben Carson – රෝගියෙකුට ජීවිතය ලබාදීම තරම් උතුම් දෙයක් තවත් තිබිය හැකිද..? දෙවියන් වහන්සේ තම දෑත ඔහුට ලබා දී ඇතැයි ඔහුගේ දෑතින් ජීවිත්වීමේ වරම් ලද රෝගීන් පැවසුවා. ඔහු ලෝ ප්‍රකට ස්නායු ශල්‍ය වෛද්‍ය Benjamin Carson (Ben Carson). අමෙරිකාවේ සුප්‍රසිද්ධම කළු ජාතික වෛද්‍යවරුන්ගෙන් කෙනෙක් ලෙස සැලකෙන ඔහු අභියෝග, බාධක, කම්කටොලු මැදින් ජීවිතය දිනූ අයෙක්. ඔහුගේ කතාව ලොව ඕනෑම අයෙකුට ආදර්ශයක්. 

Ben Carson

ඔහු උපත ලැබුවේ 1951 සැප්තැම්බර් 18 වන දින මිචිගන්හි ඩෙට්‍රොයිට් හිදී. ඔහුට වැඩිමල් සහෝදරයෙක් සිටියා. කුඩා වියේදීම බෙන් ගේ පියා ඔවුන්ව හැර ගියා. එතැන් සිට ඔහුගේ මව සෝන්යා විවිධ රැකියා සිදුකරමින් බොහෝ වෙහෙස මහන්සි වෙමින් ඔවුන්ව රැක බලා ගත්තා. ඔහුව වෛද්‍යවරයෙකු බවට පත්කිරීමේ අඩිතාලම දැමුවේ ඈ විසින්. සීමිත අධ්‍යාපනයක් ලබා තිබුණ ඇය තම පුතුනට ඉගෙනීමේ වැදගත්කම අවධාරණය කළා. රූපවාහිනී නැරඹීමේ කාලය සීමා කොට ඔවුන් සතියකට පුස්තකාලයෙන් පොත් දෙකක් කියවිය යුතු යැයි නීතියක් දැමුවා. මෙම පුරුද්ද කාර්සන්ගේ ජීවිතය වෙනස් කළ අතර, එතරම් දක්ෂ සිසුවෙක් නොවූ ඔහු, සාමාන්‍ය ශිෂ්‍යයෙකු වීමේ සිට නිරිතදිග උසස් පාසලෙන් ගෞරව උපාධියක් ලබා ගැනීම දක්වා ගෙන ගියා. ඔහුගේ සිහිනය වූණේ වෛද්‍යවරයෙක් වීම. සිය මව, හැකියාව සේම ඔහු දෙවියන් වහන්සේවද බොහෝ සේ විශ්වාස කළා. උසස් අධ්‍යාපනය සඳහා යේල් විශ්ව විද්‍යාලයට ඇතුළත් වූ ඔහු එහිදී මනෝ විද්‍යාව පිළිබඳ උපාධියක් ලබා ගත්තා. 1977 වසරේ දී මිචිගන් වෛද්‍ය විද්‍යාලයෙන් උපාධිය හිමි කරගත්තා.

Ben Carson

වෛද්‍යවරයෙක් ලෙසින් ළමා ස්නායු ශල්‍යකර්ම සඳහා ඔහුගෙන් ලැබුණේ මිල කළ නොහැකි දායකත්වයක්. ජෝන්ස් හොප්කින්ස් රෝහලේ ළමා ස්නායු ශල්‍ය වෛද්‍ය අධ්‍යක්ෂවරයා ලෙස පත්වන විට ඔහුට වයස අවුරුදු 33 ක් පමණයි. එක්සත් ජනපදයේ එවැනි තනතුරක් දැරූ ලාබාලතම පුද්ගලයාද ඔහුයි. 1987 වසරේදී දී හිස පිටුපසින් සම්බන්ධ වූ ඒකාබද්ධ නිවුන් දරුවන් (සියම් නිවුන්නු) සාර්ථකව වෙන් කිරීමේ සුවිශේෂී ශල්‍යකර්මයත් සමගින් මුළු මහත් ලෝකයේම අවධානය බෙන් කාර්සන් වෙත යොමුවුණා. වෛද්‍යවරයකු ලෙසින් ඔහු සතු වූ නිරවද්‍යතාවය, ඔහුගේ සුවිශේෂී අත්-ඇස් සම්බන්ධීකරණය සහ තර්කන කුසලතා සහිත ඔහුගේ සහජ හැකියාවන් ඔහුව කීර්තිමත් ශල්‍ය වෛද්‍යවරයෙකු බවට පත් කළා. එපමණක් නොවේ ඔහු තුළ වූ අප්‍රතිහත ධෛර්යයත් ඒ සඳහා බලපෑවා. තමාට ලැබුණ කටයුත්ත කුමක් වූවද, ඔහු ඒ වෙනුවෙන් තම උපරිමය සිදුකළා. රෝගියෙකු ගේ මිය යෑම සමීපතමයන්ට පැවසීමට වඩා වේදනාවක් තවත් නොමැති වග ඔහු පවසනවා. තම රෝගියෙක් මෙලොව හැර යෑම දරාගැනීම අසීරුවූ ඔහු එවන් දුර්ලභ අවස්ථාවල කඳුළු සැලුවා.
වෛද්‍ය විද්‍යාව සඳහා ලබා දුන් සුවිශේෂී දායකත්වය වෙනුවෙන් බෙන් කාර්සන් ගෞරව ආචාර්ය උපාධි 50 කට අධික සංඛ්‍යාවකින් පිදුම් ලබා තිබෙනවා. 2008 වසරේදී අමෙරිකානු ජනපති ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් විසින් ඔහුට Presidential Medal of Freedom සම්මානය පිරිනැමුවා. Spingarn Medal, National Academy of Medicine ඔහු පිදුම් ලැබූ සම්මාන අතරින් කිහිපයක්.

Ben Carson

වෛද්‍ය විද්‍යාවෙන් විශ්‍රාම ගැනීමෙන් පසු 2013 වසරේදී බෙන් කාර්සන් දේශපාලනයට පිවිසුණා. එවකට ජනපති බැරක් ඔබාමාගේ සෞඛ්‍ය සේවා ප්‍රතිපත්ති විවේචනය කළ ඔහු, 2016 දී රිපබ්ලිකන් පක්ෂයෙන් ජනපති අපේක්ෂකත්වය සඳහා තරඟ කළ නමුත් පසුව ඔහුගේ මැතිවරණ ව්‍යාපාරය අත්හිටුවා ඩොනල්ඩ් ට්‍රම්ප්ට සහාය දැක්වුවා. බෙන් කාර්සන් 2017 සිට 2021 දක්වා ජනාධිපති ට්‍රම්ප් යටතේ නිවාස හා නාගරික සංවර්ධන ලේකම් ලෙස සේවය කළා.

Ben Carson

තම දිගු කාලීන පෙම්වතිය “කැන්ඩි” රස්ටින් සමඟ විවාහ වූ ඔහු පුතුන් තිදෙනෙකුගේ පියෙක්. ඔවුන් සිසුන් තුළ අධ්‍යයන විශිෂ්ටත්වය සහ මානුෂීය ගුණාංග ප්‍රවර්ධනය කිරීම සඳහා කාර්සන් ශිෂ්‍යත්ව අරමුදල ආරම්භ කළා. තම ජීවිත කතාව රැගත් වෙහෙස මහන්සි වී වැඩ කිරීම, ඇදහිල්ල සහ සාර්ථකත්වය පිළිබඳ ඔහුගේ පෞද්ගලික දර්ශන පිළිබිඹු කරන “Gifted Hands” සහ “America the Beautiful” යන කෘතීන් ලොව වැඩියෙන්ම අලෙවි වන කෘතීන් අතරට අයත්.
වෙහෙස මහන්සි වී වැඩ කිරීමත්, නොපසුබට උත්සාහය සහ දෙවියන් වහන්සේ පිළිබඳ ඇති විශ්වාසය තුළින් ඔබට ඔබේ සිහින කරා යා හැකි බව ඔහු පවසනවා. මිනිසාගේ ජීවිතයේ පරමාර්ථය විය යුත්තේ අන් අයගේ යහපත පිණිස කැප වීම බවත් දිව්‍යමය තිළිණයක් වූ මනුෂ්‍යත්වය යනු එය වගත්, මේ අපූරු වෛද්‍යවරයාගේ ජීවිතයෙන් ගත හැකි අගනාම ආදර්ශයක්.

Latest news

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...

ජනපති අනුරගේ පාස්කු ඉරුදින පණිවිඩය

දුකට පත් ජනතාවගේ ගැලවීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසප්‍රාප්තියෙන් පසු මරණයේ අඳුර පරාජය කරමින් උත්ථානය...
- Advertisement -spot_img

රත් දෝතළු – 65

රත් දෝතළු - 65 මා නිසා අහස්ගේ කාර්යයන් පහසුව ඇති බව විනිෆ්‍රීඩා මහත්මිය මා සමඟ කීවාය. බොහෝ විට මම ඔහුගේ...

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව - It Was Just an Accident හැමදේකටම හේතුවක් තියෙනව. අපි අහම්බයක් කියලා හිතන දෙයක් වුණත්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you