More
    NewsAn intelligence report අමෙරිකාව ඉරානයට ගැහුවේ බොරුවටද?

    An intelligence report අමෙරිකාව ඉරානයට ගැහුවේ බොරුවටද?

    -

    spot_img

    An intelligence report – ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එල්ල වූ අමෙරිකානු ප්‍රහාරවලින් ඉරාන න්‍යෂ්ටික වැඩසටහන විනාශ නොකර ඇතැයි බුද්ධි වාර්තාවක් ආන්දෝලනාත්මක අනාවරණයක් සිදු කර තිබෙනවා.

    එම ප්‍රහාරවලින් සිදුව ඇත්තේ ඉරාන න්‍යෂ්ටික වැඩසටහන මාස ගණනකින් පසුබෑමට ලක් කිරීම පමණක් බවයි එහි දැක්වෙන්නේ.අදාළ බුද්ධි වාර්තාව සකස් කර තිබුණේ අමෙරිකාවේ පෙන්ටගනයේ ආරක්ෂක බුද්ධි ඒජන්සියයි.

    ප්‍රහාරයේ මූලික හානි තක්සේරුව පිළිබඳ තොරතුරු ඇතුළත් මෙම වාර්තාව විදෙස් මාධ්‍ය විසින් මේ වන විට අනාවරණ කර තිබෙනවා.කෙසේවෙතත් ධවල මන්දිරය පවසන්නේ මෙම තක්සේරුව ”සම්පූර්ණයෙන්ම වැරදි” බවයි.

    එය ජනාධිපති ට්‍රම්ප් පහත් කිරීමට ”පැහැදිලි උත්සාහයක්” බවත් ඔවුන් පවසා තිබෙනවා.අමෙරිකාව විසින් ඉරානයේ න්‍යෂ්ඨික බලාගාර ඉලක්ක කර එල්ල කළ මෙම ප්‍රහාරය ඉතිහාසගත ප්‍රහාරයක් ලෙස හඳුන්වමින් අමෙරිකාවේ ආරක්‍ෂක ප්‍රධානීන් ලෝකය හමුවේ උදම් ඇනුවා.

    පෙන්ටගන් හි ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ඩෑන් කේන් පැවසුවේ පැය 18ක් පුරා සිදුකළ මෙම ප්‍රහාරය “ඔපරේෂන් මිඩ්නයිට් හැමර්” ලෙස නම් කල බවයි.

    ප්‍රහාරය සඳහා එය බන්කර් බස්ටර් මිසයිල රැගෙන යන ඊ 2 යානා යොදාගත් බවත් එවැනි යානා යොදා ගත් විශාලතම මෙහෙයුම මෙය බවත් ඔහු එහිදී පැවසුවා.සමස්ත යානා 125 ක් එක් වී, කිලෝ 16,000කට ආසන්න පුපුරන ද්‍රව්‍ය රැගෙන ගිය බන්කර් බස්ටර් මිසයිල 14ක් ප්‍රහාරයට යොදා ගෙන ඇත්තේ ද ඉතිහාසයේ පළමු වරට බවටයි ප්‍රකාශ වුණේ.

    එසේ සිදු වූවා නම් ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන විනාශ නොවුණේ මන්දැයි දැන් බොහෝ දෙනා නඟන ප්‍රශ්නයක්.මේ අතර, ඊශ්‍රායලය සහ ඉරානය අතර සටන් විරාමයක් මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක බව විදෙස් මාධ්‍ය මීට නොබෝ වේලාවකට පෙර වාර්තා කළා.එය ක්‍රියාත්මක වන බව දෙරට පිළිගෙන තිබීම විශේෂත්වයක්.

    ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ජාතිය අමතමින් පවසා ඇත්තේ තම රටට “ඓතිහාසික ජයග්‍රහණයක්” හිමි වූ බවයි.තම ජනතාව “දින 12 යුද්ධයේ” අවසානය තීරණය කර ඇති බව ඉරාන ජනාධිපතිවරයා ද පවසා තිබෙනවා.

    Latest news

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...

    ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රයක්

    විදේශගතව සිට පැමිණෙන මෙරට පුරවැසියන්ට සහ ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රය ලබා දීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව...

    මොරගහකන්ද ජලාශය වාන් දැමීමට ඇති හැකියාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමක්

    අධික වර්ෂා තත්ත්වය නිසා ඉදිරියේදී මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට සිදුවීමේ සම්භාවිතාවක් පවතින බව මහවැලි අධිකාරිය පවසනවා. අද (18)...
    - Advertisement -spot_img

    මැටීගේ කපුටු ප්‍රේමය

    මැටීගේ කපුටු ප්‍රේමය සොබාදහම විටෙක ආවේගශීලී බව මම දැන සිටියෙමි. එබැවින් මම ජීවත්වුණේ ඉතා පරිස්සමිනි. පළමු වරට කූඩුවෙන් පිටවීමට...

    Blackheads ගැටළුවට විසඳුමක්

    Blackheads කියන්නෙ ගොඩක් අයට තියෙන රූපලාවන්‍ය ගැටළුවක්. මේකට වයස බලපෑමක් නැහැ. තරුණ වයසෙ ඉඳලා මැදිවිය දක්වාම ගොඩක් අය මුහුණ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page