ArtAllu Arjun : මගේ බිරිඳ හරිම සැරයි, මං විවාහක...

Allu Arjun : මගේ බිරිඳ හරිම සැරයි, මං විවාහක දරුවන් සිටින අයෙක්

-

spot_img

Allu Arjun ඔහු සිනමාවට සම්බන්ධ පවුලකින් පැමිණි අයෙක්. තෙලිඟු සිනමාව තුළ තමාටම සුවිශේෂී වූ අනන්‍යතාවයක් ගොඩනගාගත් රංගන ශිල්පියෙක්. ඉන්දියාව තුළ පමණක් නොව ලොවවටා සිටින රසික පිරිසකගේ ආදරය හිමිකරගත් ඔහු තෙලිඟු සිනමාවේ Stylish Star ලෙසින් හැඳින්වෙනවා. මේ Allu Arjun සමගින් Raghuvendra Singh (Filmfare සඳහා ) සිදුකළ කතාබහක්.

• ඔබගේ සාර්ථකත්වයේ රහස මොකක්ද ?

එහෙම රහසක් නැහැ. සමහරවෙලාවට මම නිවැරදියි. සමහරවෙලාවට වැරදියි.මම,මට ඇහුම්කන් දෙනවා. මගේ හදවතට එකඟ දේ කරනවා.

• රඟපෑම ආතතියක් නෙවෙයි ද? ඔබට සිදුවෙනවා කලින් අවස්ථාවට වඩා ඊළඟ අවස්ථාව හොඳින් රඟපාන්න..

ඇත්තෙන්ම ඔව්. මම හැම චිත්‍රපටයක්ම කලින් එකට වඩා හොඳින් කරන්න උපරිම උත්සාහ කරනවා. මම මගේ උපරිමය කරනවා. ඒ පීඩනය / මහන්සිය දවස අවසානයේ මට ලබාදෙන්නෙ සතුටක්. එය නළුවෙක් විදිහට මාව වැඩිදියුණු කරනවා.

• ඔබ පැමිණියේ කලා පවුලකින් . පුංචි කාලෙ ඉඳලම ඔබේ හීනය වුනේ නළුවෙක් වීම ද?

මට ඕන වුනේ සජීවීකරණ ශිල්පියෙක් වෙන්න.නමුත් ඉක්මනින් ම ඒ උනන්දුව නැතිවෙලා ගියා. ඒකට හේතුව පවුල් පරිසරය කියලා මං හිතනවා.

Yung-Allu-Arjun
Young Allu Arjun – Facebook page

• හින්දි සිනමාව තුළට පිවිසෙන්න අදහසක් නැද්ද ?

කැමතියි. සංස්කෘතීන් වෙනස් වුනත් සිනමාව කියන්නෙ විශ්ව භාෂාවක්. ඒවායේ අන්තර්ගතයන් හදවත ස්පර්ශ කරනවා. බොලිවුඩ් සිනමාව ඉහළ ආදායමක් උපයනවා. නමුත් ඒ තුළට පිවිසෙන්න මට හොඳ පිටපතක් අවශ්‍යයි.

• ඔබට රසිකයන් ඉන්නවා විශාල ප්‍රමාණයක්. ඔවුන් ඔබ ගැන උමතුවෙන්. එය මොනවගේ අත්දැකීමක් ද?

මම වසර ගණනාවක් පුරාවටම ඒ උමතුව, ආදරය අත්විඳිනවා. නළුවෙක් විදිහට මම කරන හැම කැපකිරීමක් ම ඒ උමතුව වෙනුවෙන්ම පමණයි. ඔබට එය උමතුවක් ලෙස පෙනෙන්න පුළුවන් . නමුත් මට එය හරි පිවිතුරු ආදරයක්.

• රසිකයන් හා ගෙවුණු මොහොතක් ගැන කියන්න.

මෑතකදී මගේ රසිකයන් පිරිසක් මාව බලන්න මැදපෙරදිග ඉඳලා හයිද්‍රාබාද් වෙත ඇවිත් තිබුනා. දවස් දෙකකට ආසන්න කාලයක් ඔවුන් මා වෙනුවෙන් රැඳී ඉඳලා තිබුනා. මං ඔවුන්ට තේ බොන්න ආරාධනා කළා. භාෂාව නොතේරුනත් ඔවුන් මගේ රසිකයන්. ඒක අපූරු අත්දැකීමක් .

• ඔබ රසිකයන් වෙනුවෙන් පෙනී සිටිනවා ද?

ඔව්. අපිට ඔවුන් ගැන වගකීමක් තියෙනවා. සමහරවෙලාවට ඔවුන් කලබලකාරීව හැසිරෙනවා. ඒ වෙලාවට මං ඔවුන්ගෙන් ඉල්ලන්නේ සංයමයෙන් කටයුතු කරන ලෙස. මම ඔවුන් වෙනුවෙන් සමාව ඉල්ලලා තියෙනවා.
ඔවුන් වෙනුවෙන් පෙනී සිටිනවා. මම, මම බවට පත්කිරීම වෙනුවෙන් මම රසිකයන් ට ස්තුතිවන්ත වෙනවා.

Allu-Arjun-Family
Allu Arjun Family – Instagram

• කාන්තා ආකර්ෂණය ලැබීම ගැන මොකද හිතෙන්නේ?

(සිනාසෙමින් ) මගේ බිරිඳ ස්නේහා හරිම සැරයි. මගේ රසික රසිකාවියන් මගේ පුද්ගලික ජීවිතයට බාධා කරන එකක් නැහැ කියලා මං විශ්වාස කරනවා. ඔවුන් දන්නවා මං විවාහක දරුවන් සිටින අයෙක් කියලා.

• ඔබ Romantic ද?

ඔව්. මෑතකදී අපි පවුලේ අය නිවාඩුවක් ගත කරන්න තීරණය කළා. නමුත් මට වැඩ තිබුන නිසා බිරිඳට සහ දරුවන්ට සිදුවුනා මං නැතිව ගතකරන්න. ඒත් කොහොමහරි මං එයාලට නොදන්වාම එයාලව බලන්න ගිහින් එයාලව සතුටු කලා.

Allu-Arjun-with-Pooja-Hedge
Allu Arjun with Pooja Hedge – Facebook Page

• Rakul Preet Singh, Pooja Hedge වැනි නිළියන් සමගින් ඔබ වැඩ කර තිබෙනවා. මොකද හිතෙන්නෙ ඔවුන් ගැන?

හැම කෙනෙක්ටම තියෙනවා සුවිශේෂී වූ අනන්‍යතාවයක්. දකුණු ඉන්දියානු ගෑණු ළමයි ගැමි චරිත කරන්න දක්ෂයි. B-town ගෑණු ළමයි ආකර්ෂණීයයි. ඔවුන් එය තිරය මත පිළිඹිබු කරනවා.

• ඔබේ සොහොයුරා Allu Sirish ට ඔබ දෙන උපදෙස් මොනවද ?

ඕහ්, මම ඔහුට නිතරම උපදෙස් දෙනවා. හරියට කතා කරන හැටි, සමහර දේවල් මගහරින හැටි, දෙයක් කරන්න ලේසිම විදිහ වගේ දේවල්. ඔහුත් මට උපදෙස් දෙනවා. අපි එකිනෙකාගෙ අදහස් හුවමාරු කරගන්නවා.

Allu-Arjun-with-His-Brother-Allu-Sirish
Allu Arjun with his Brother Allu Sirish – Facebook Page

• චිත්‍රපටයක රංගනය සඳහා එකඟ වෙත්දී ඔබට ඔබේ දරුවන්ව සිහිපත් වෙනවා ද?

මගේ දරුවන් ගැන විතරක් නෙමෙයි, මුළු මහත් සමාජය ගැනම මට තියෙනවා වගකීමක්. මම කරන දේවල්වලින් තරුණයන් ට බලපෑමක් ඇතිකරන්න පුලුවන්. මම කරන දේවල් අපූරු විදිහට පේන්නෙ චිත්‍රපටවලදී විතරයි. සැබෑ ජීවිතයේදී එහෙම නැහැ. සාමාන්‍යයෙන් මම, මගේ දවසේ සිදුවීම් මගේ දරුවන් එක්ක බෙදා ගන්නවා.

• සමාජ මාධ්‍ය තුළත් ඔබ ගොඩක් ජනප්‍රියයි. සමාජ මාධ්‍ය ගැන ඔබේ අදහස මොකක්ද ?

එය රඳා පවතින්නේ අපි එය පාවිච්චි කරන විදිහ අනුව. එය කදිම අවස්ථාවක්. වැරදි ලෙස භාවිතා කරොත් අනවශ්‍ය බලපෑම් ඇතිකරන්න පුලුවන්. මම කැමතියි සමාජ මාධ්‍ය ගැන ධනාත්මකව සිතන්න. මං Instagram, Pinterset වලට කැමතියි .Tik Tok වලට එච්චර කැමති නෑ. ඇත්තටම මං Instagram එකට ඇබ්බැහි වෙලා ඉන්නේ.

• ඔබ Filmfare සම්මාන පහක් දිනාගත් රංගන ශිල්පියෙක්. සම්මාන ඔබට මොනතරම් වටිනව ද ?

මගේ පළවෙනි Filmfare සම්මානය Parugu චිත්‍රපටය වෙනුවෙන්. එය මාව පුදුමයට පත් කළා. මම සම්මාන අගය කරනවා. සුදුසු කෙනාට සම්මානයක් ලැබුනම මට දැනෙන්නේ සතුටක්. සම්මානයක් ලැබුනම මට දැනෙන්නේ පුදුමාකාර සතුටක්. මොකද මං දන්නවා මම එයට සුදුසුයි කියලා. අවංකවම.

• ඔබ ආදර්ශයක් විදිහට සලකන නළුවෙක් (Role Model කෙනෙක්) ඉන්නව ද?

අමිතාබ් බච්චන් මහත්මයා. අවුරුදු 70 ට වැඩි වුනාම ඔහු වගේ ඉන්න මම කැමතියි. හැමදාම වැඩ කරමින්. වියපත් වූවත් තරුණයන් සමග කටයුතු කරමින්. මං හිතන්නේ එය නළුවෙක් ට ලැබෙන දුර්ලභ වාසනාවක්.

Latest news

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...

ජනපති අනුරගේ පාස්කු ඉරුදින පණිවිඩය

දුකට පත් ජනතාවගේ ගැලවීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසප්‍රාප්තියෙන් පසු මරණයේ අඳුර පරාජය කරමින් උත්ථානය...
- Advertisement -spot_img

රත් දෝතළු – 65

රත් දෝතළු - 65 මා නිසා අහස්ගේ කාර්යයන් පහසුව ඇති බව විනිෆ්‍රීඩා මහත්මිය මා සමඟ කීවාය. බොහෝ විට මම ඔහුගේ...

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව - It Was Just an Accident හැමදේකටම හේතුවක් තියෙනව. අපි අහම්බයක් කියලා හිතන දෙයක් වුණත්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you