More
    FeaturesAir India Plane Crash තප්පර කිහිපයකින් ජිවිත දෙසිය ගණනක...

    Air India Plane Crash තප්පර කිහිපයකින් ජිවිත දෙසිය ගණනක ඉරණම වෙනස් කළ ගුවන් ගමන

    -

    spot_img
    Air India Plane Crash – ඉන්දියාවේ අහමදාබාද් හිදී අනතුරට පත් වූ එයාර් ඉන්දියා ගුවන් යානයේ මගීන් 242 අතුරින් 241 දෙනෙක්ම මිය ගොස් තිබෙන අතර දිවි ගලවා ගැනීමට සමත්ව තිබෙන්නේ එක් අයෙක් පමණයි. ඔහු ඉන්දියානු සම්භවයක් ඇති බ්‍රිතාන්‍ය ජාතිකයෙක් වන Ramesh Kumar. අනතුර සිදුවූ අවස්ථාවේ වීඩියෝ දර්ශනවල ඔහු ඇවිදගෙන යනු දක්නට ලැබුණා. ඔහුගේ තත්වය අසාධ්‍ය නොවන බැව් වෛද්‍යවරුන් පවසා සිටිනවා. රෝහල් සම්මුඛ සාකච්ඡාවකදී අදහස් දැක්වූ රමේෂ් පවසා සිටියේ යානය ගුවන් ගතවී තත්පර කිහිපයකට පසු විශාල ශබ්දයක් ඇතිවූ බව සහ යානය කඩා වැටුන බවත් සියල්ල විනාශ වීමට ඉතාම සුළු කාලයක් ගත වූ බවත් ය.

    Air India Plane Crash

    • Pratik Joshi පවුල
    රාජස්ථානයේ Pratik Joshi මෘදුකාංග වෘත්තිකයෙකු ලෙස වසර හයක් ලන්ඩනයේ සේවය කළේ තම බිරිය සහ දරුවන් සමග එහි පදිංචි වීමේ බලාපොරොත්තු සහිතවයි. සියල්ල සම්පූර්ණ කරගත් පසු ඔහු සහ ඔහුගේ බිරිඳ Komi Vyas දරුවන් තිදෙනා සමගින් සිය අළුත් ජීවිතය බලා ලන්ඩනය වෙත පියාසර කිරීමට සූදානම් වුවත් සිදුවූ අනතුර ඔවුන් සියළු දෙනාගේම ජීවිත අහිමි කළා.

    Air India Plane Crash

    • Nanabawa පවුල
    Akhil Nanabawa සහ Hann Voraj ඉන්දීය සම්භවයක් සහිත බ්‍රිතාන්‍ය ජාතිකයන්. ඔවුන් දෙදෙනා සහ ඔවුන්ගේ සිව් හැවිරිදි දියණියද අනතුරෙන් මිය ගියා. මේ යුවළ ගාසාතීරයේ අසරණ ජනතාව වෙනුවෙන් ආධාර ලබා දුන් බව පැවසෙනවා.

    Air India Plane Crash

    • Ngan Thoi Sharma
    අනතුරෙන් මිය ගිය විසි හැවිරිදි Nganthoi Sharma එයාර් ඉන්දියා කාර්යමණ්ඩලයේ අයෙක්. (ගුවන් සේවිකාවක්)

    Air India Plane Crash

    මොවුන් ද ඇතුලත් ව දිවි අහිමි වූවන් අතරට ඉන්දීය ජාතිකයින් 169 ක්, බ්‍රිතාන්‍ය ජාතිකයින් 53 ක්, පෘතුගීසි ජාතිකයින් 07 ක් සහ කැනේඩියානු ජාතිකයෙක් අයත්.

    Latest news

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...

    ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රයක්

    විදේශගතව සිට පැමිණෙන මෙරට පුරවැසියන්ට සහ ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රය ලබා දීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව...

    මොරගහකන්ද ජලාශය වාන් දැමීමට ඇති හැකියාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමක්

    අධික වර්ෂා තත්ත්වය නිසා ඉදිරියේදී මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට සිදුවීමේ සම්භාවිතාවක් පවතින බව මහවැලි අධිකාරිය පවසනවා. අද (18)...
    - Advertisement -spot_img

    මැටීගේ කපුටු ප්‍රේමය

    මැටීගේ කපුටු ප්‍රේමය සොබාදහම විටෙක ආවේගශීලී බව මම දැන සිටියෙමි. එබැවින් මම ජීවත්වුණේ ඉතා පරිස්සමිනි. පළමු වරට කූඩුවෙන් පිටවීමට...

    Blackheads ගැටළුවට විසඳුමක්

    Blackheads කියන්නෙ ගොඩක් අයට තියෙන රූපලාවන්‍ය ගැටළුවක්. මේකට වයස බලපෑමක් නැහැ. තරුණ වයසෙ ඉඳලා මැදිවිය දක්වාම ගොඩක් අය මුහුණ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page