SportsAfghanistan Vs Sri Lanka ODI තරඟාවලිය හෙට ආරම්භ වේ

Afghanistan Vs Sri Lanka ODI තරඟාවලිය හෙට ආරම්භ වේ

-

spot_img

Afghanistan Vs Sri Lanka ODI තරගාවලිය නුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පෙබරවාරි 09, 11 සහ 14 යන දිනයන්හිදී පැවැත්වීමට නියමිතයි. පළමු එක්දින තරඟයට පෙර අද දින (08) පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේදී කණ්ඩායම් දෙකම පෙර පුහුණුවීම් වල නිරත වුනා.

පුහුණුවීම් වලින් අනතුරුව ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් නායක කුසල් මෙන්ඩිස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම කිසිම අයුරකින් සුළුකොට සලකා ක්‍රීඩා නොකරන බවයි. වැඩි දුරටත් අදහස් දක්වමින් කුසල් මෙන්ඩිස් පවසා සිටියේ ශ්‍රී ලංකාව එක්දින ශ්‍රේණිගත කිරීම් ලයිස්තුවේ 7 වැනි තැන සිටීම ඉලක්කමක් පමණක් බවයි.

Afghanistan Vs Sri Lanka ODI

“මේ තරඟාවලියේ හොඳට කළොත් අපිට උඩට එන්න පුළුවන්. කලින් අවුරුදු වල අපි හොඳට සෙල්ලම් කරපු නැති නිසා තමයි අපි ශ්‍රේණිගත කිරීම් වල පල්ලෙහාට ගියේ”

“මා හිතනවා, මේ අවුරුද්ද පටන් ගනිද්දීම, අපි සිම්බාබ්වේ එක්ක තරග තුනම හොඳට ඉවර කළා.

“මේ කණ්ඩායමත් එක්ක අපි සෑහෙන්න සෙල්ලම් කරලා තියෙනවා. අපේ පළපුරුදු ක්‍රීඩකයන් සෑහෙන පිරිසක් ඉන්නවා. අපේ පන්දු යැවීම ගත්තත්, පිතිහරඹය ගත්තත්, අපට හොඳ කණ්ඩායමක් ඉන්නවා”

“මම හිතන්නේ ශ්‍රේණිගත ස්ථානය ගැන ඔලුවට දාගන්නේ නැතිව, අපි තරගයෙන් තරගය ඉදිරියට ගියොත් මේ තරගාවලිය හොඳින් අවසන් කරගන්න පුළුවන් කියලයි”

“ආරම්භක පිතිකරුවන්ගේ කාර්ය භාරය පහසු එකක් නෙමේ. දෙපැත්තෙන් අලුත් බෝල දෙකක් යොදාගන්නේ. ඒ නිසා ඒ දෙන්නගේ ක්‍රීඩාව එකිනෙකාට වටහා ගන්න කාලයක් දෙන්න ඕනේ”

“මම වුණත් කීප දෙනෙක් එක්ක ඉනිම ආරම්භ කරලා තියෙනවා. සමහර වෙලාවට, එක එක පිතිකරුවන් එක්ක එක තරගාවලි සෙල්ලම් කරන එක ගොඩක් අමාරුයි. ඒක ඒ වෙලාවේ ලකුණු අතර ඉන්න පිතිකරුවාට උණත් අමාරුයි. ඒ නිසා අපි කතාකරලා තියෙනවා, අවිශ්කටයි, පැතුම්ටයි තවත් තරගාවලි එකක් දෙකක් දෙන්න” යයි ද කීවේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ නායක කුසල් මෙන්ඩිස්.

“ඇෆ්ඝනිස්ථානය තවදුරටත් අත්දැකීම් නැති කණ්ඩායමක් හැටියට සලකන්න බෑ. ඒගොල්ල ගොඩාක් ලීග් ක්‍රිකට් ගහනවා. මම අවුරුදු 8 ක් අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවේ ඉඳලත්, සෙල්ලම් කරලා තියෙන්නේ ලීග දෙකක විතරයි. ඒත් ගුර්බාස් වගේ ක්‍රීඩකයෙක්, මේ තරම් පොඩි කාලයකදී, ලීග කිහිපයකම සෙල්ලම් කරලා තියෙනවා.”

“ඒවායේදී ඔවුන් ලෝකයේ හොඳම ක්‍රීඩකයන්ට එරෙහිව වගේම සියලුම ආකාරයේ තරග තත්ත්වයන් යටතේදීත් ක්‍රීඩා කරලා තියෙනවා. ඒ හින්දා මේ ගොල්ලත් එක්ක වැරදි කරන්න බෑ”

ඇෆ්ගනිස්ථානය සමග පැවැත්වෙන එක්දින තරඟාවලිය සඳහා නම් කර ඇති ශ්‍රී ලංකා සංචිතය. මෙහිදී විශේෂත්වය වන්නේ හිටපු නායක දසුන් ශානක මෙම සංචිතයට ඇතුලත් නොවීමයි.

Afghanistan Vs Sri Lanka ODI

ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේදී එකතැන කඩා වැටුණ නමුත් ඇෆ්ඝනිස්ථානු එක්දින පිලට ප්‍රබල ක්‍රීඩකයෝ කිහිප දෙනෙක්ම එක්වී සිටිති. කඩුලු රකින්නා වන රමනුල්ලා ගුර්බාස්, අස්මතුල්ලා ඔමර්සායි, මොහොමඩ් නබී, ගුලාබ්දීන් නයීබ් සහ නූර් අහමඩ් එක්දින සංචිතය ශක්තිමත් කිරීමට එක්වී සිටිති.

පෙර පුහුණුවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වූ ඇෆ්ගනිස්ථාන නායකයා කියා සිටියේ කණ්ඩායමට එක්වූ පළපුරුදු ක්‍රීඩකයන්ගෙන් වැඩි යමක් කෙරෙනු ඇති බවයි.

Afghanistan Vs Sri Lanka ODI

ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන එක්දින තරඟාවලිය සඳහා නම් කර ඇති ඇෆ්ගනිස්ථානු එක්දින සංචිතය.

Afghanistan Vs Sri Lanka ODI

Chaminda Dissanayaka
Chaminda Dissanayakahttps://thulanamag.lk
Chaminda Dissanayaka is an experienced Journalist who has worked with foreign media in Sri Lanka, covering diverse topics with accuracy, depth, and a strong commitment to storytelling.

Latest news

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...

ජනපති අනුරගේ පාස්කු ඉරුදින පණිවිඩය

දුකට පත් ජනතාවගේ ගැලවීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසප්‍රාප්තියෙන් පසු මරණයේ අඳුර පරාජය කරමින් උත්ථානය...
- Advertisement -spot_img

ස්වර්ග සිහින

ස්වර්ග සිහින - Licorice Dreams බෙනඩික්ට් මියගියේ ස්වර්ගයට යෑමේ අපේක්ෂාවෙනි. ඔහු සාන්තුවරයෙකු නොවීය. ඔහු ඉඳහිට තම සහෝදරයා සමග මත්පැන් පානය...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you