InterviewsAdrien Brody අවස්ථාව ප්‍රයෝජනයට ගත්තාම ගොඩනැඟෙන්න පුළුවන්

Adrien Brody අවස්ථාව ප්‍රයෝජනයට ගත්තාම ගොඩනැඟෙන්න පුළුවන්

-

spot_img

Adrien Brody යනු දශක හතරකට ආසන්න රංගන දිවියේදී ඔහුටම උරුම වූ නිහඬ සහ බලපෑම්කාරී රංගන විලාසයෙන් ප්‍රේක්ෂක සිත් වසඟ කරන්නට සමත් වු රංගන ශිල්පියෙක්. ඒ අපූර්වතම රංගනය නිසාවෙන් Academy සම්මාන දෙකක් ඇතුළු සම්මාන රැසකින් ඔහු පිදුම් ලැබුවා. 2025 දී ටයිම් සඟරාව ලෝකයේ වඩාත්ම බලගතු පුද්ගලයින් 100 දෙනාගෙන් කෙනෙකු ලෙසද ඔහුව නම් කළා. මේ ඔහු W Magazine සමග සිදුකළ කතාබහක්.

• The Brutalist ඔබේ ජීවිතේට ආවෙ කොහොමද?

Brady Cober මට පිටපතක් එවලා තිබුණා. ඒ පිටපත මාව පුදුමයට පත් කළා. ඇත්තටම ඒක ලොකු කතාවක්. විවිධ හේතු නිසා මුලදි මට ඒක නොලැබී යනව වගේ පෙනුන නිසා මට දුක හිතුණා. නමුත් මට ඒක ආයෙම ලැබුණා. ඒ තමයි ජීවිතේ ස්වභාවයත්.

Adrien Brody

• චිත්‍රපටයේ ඔබේ චරිතය තුළ තිබෙන ඔරොත්තු දීමේ හැකියාව, නොපසුබට උත්සාහය වගේ දේවල් වෘත්තීය ජීවිතේටත් අදාළ කරගන්න පුළුවන් නේද?

The Brutalist චිත්‍රපටයෙ ගොඩක් වැදගත් දේවල් තියෙනවා. කලාව සම්බන්ධයෙන් උනන්දු අයට ඒවා වටිනවා. කල් පවතින අරුත්බර දෙයක් කිරීමට, විශාල වැඩ කොටසක් කිරීමට සහ හොඳ දෙයක් ලෝකයට ලබා දීමට වගේම යම් අරමුණක් කරා ගැඹුරින් ළඟා වීමට කැමති ඕනම කෙනෙක් සඳහා. අනිත් දේ තමයි ඉතාම තරඟකාරී, නිර්මාණශීලී යමක් ලැබෙන්න වාසනාවත් තියෙන්න ඕනෙ.

Adrien Brody

• ඔබ “වාසනාව” විශ්වාස කරනවද?

වාසනාව කියන දේ ගොඩනඟාගන්න පුළුවන් කියල මම හිතන්නෙ නැහැ. ඔයා සිහිකල්පනාවෙන් වැඩ කරනවනං ඔයාට පුළුවන් ඔයාව මෙහෙයවන්න. නළුවෙක් විදිහට වාසනාව කියන්නෙ තවත් අය දහදෙනෙක් අතර ඉඳලා අවස්ථාව ලැබෙන එක. එතකොට අපි කරන්න ඕනේ ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන අරන් ගොඩනැගෙන එක. නළුවෙක් විදිහට අපිට පුළුවන් අපි දකින අමිහිරි, වේදනාකාරී, අරුත්සුන් ,අවාසනාවන්ත දේවල් ගැන ලෝකයට කියන්න.

• ඔබේ අම්මා Sylvia Plachy ඡායාරූප ශිල්පිනියක්. නළුවෙක් වීමට ඔබ ගත් තීරණයට ඇය සතු ඒ කලාත්මක බව බලපෑවද?

ඇය දේවල් සම්බන්ධව අනාවැකි කියන කෙනෙක් වගේ. දැන් ඇයට අවුරුදු අසූ එකක් වෙනවා. මම හැදුනෙ ඇගේ ඒ ඡායාරූප, කලාව පිරුණු ලෝකයක.

Adrien Brody

• මොකක්ද ඔබේ පළමු රංගනය?

අවුරුදු දොළහෙදි දහතුනේදි වගේ මම Francis Ford Coppola අධ්‍යක්ෂණය කෙරුව කෙටි චිත්‍රපටයකට සම්බන්ධ වුණා. ඊට පස්සෙ නිව්යෝක්වල නාට්‍ය කිහිපයක රඟපෑවා. අවුරුදු දාහතරෙදි ප්‍රසිද්ධ රූපවාහිනී චිත්‍රපටයක් වෙන Home At Last එකේ ප්‍රධාන චරිතය රඟපෑවා. තාත්තා තමයි මට කිව්වෙ ඒක කරන්න කියලා. ඔහු මට කිව්ව මට කරන්න පුළුවන් දේ ඉදිරිපත් කරන්න, එයාලාට මාව අවශ්‍ය නැතිනම් පාඩු වෙන්නෙ එයාලට කියලා.

• ඔබ කැමතිම Halloween ඇඳුමක් තියෙනවද?

මම Halloween එකට කැමතියි. හේතුව කොල්ලෙක් විදිහට මට චරිතයක් වෙන්න පුලුවන් උන නිසා වෙන්න ඇති. මම මුලින්ම ආදරේ කලේ Kiss බෑන්ඩ් එකේ Gene Simmons ගෙ ඇඳුම්. මම තවම ඒවට කැමතියි.

Adrien Brody

• ඔබව අඬවන චිත්‍රපටය මොකක්ද?

The Pianist. මට ඒක බලන්න බැහැ. මම ඒ චරිතය ඉදිරිපත් කරන්නෙ හරි කම්පනයක් දැනෙන විදිහට. ඒ වෙනුවෙන් මම රාත්තල් තිහක් බර අඩු කරගත්තා. මම අඩි හයක් උසයි. බර රාත්තල් එකසිය විසි නවයයි. බඩගින්න තේරුම් ගන්න ලැබුණ අත්දැකීම මට කවදාවත් අමතක වෙන්නෑ. ඒ හැඟීම තාම මාව දාලා ගිහින් නැහැ. දාලා යන එකකුත් නැහැ. මට තේරුම් ගිය, දැණුන දේවල් ගැන හිතෙද්දි අදටත් මට දැනෙන්නෙ කම්පනයක්.

• ඔබේ ලග්නෙ මොකක්ද?

මේෂ. මම බාධකවලට එරෙහිව නැගිටින කෙනෙක්. එහෙම වුණාම ගොඩක් දේවල් කරන්න පුළුවන්.

Latest news

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...

ජනපති අනුරගේ පාස්කු ඉරුදින පණිවිඩය

දුකට පත් ජනතාවගේ ගැලවීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසප්‍රාප්තියෙන් පසු මරණයේ අඳුර පරාජය කරමින් උත්ථානය...
- Advertisement -spot_img

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

රත් දෝතළු – 65

රත් දෝතළු - 65 මා නිසා අහස්ගේ කාර්යයන් පහසුව ඇති බව විනිෆ්‍රීඩා මහත්මිය මා සමඟ කීවාය. බොහෝ විට මම ඔහුගේ...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you